පාඩම 3

අප්‍රේල් 9-15

කායින් සහ ඔහුගේ උරුමය

සහෝදරයන් දෙදෙනා:

  • ඔවුන්ගේ උපත. උත්පත්ති 4:1-2.
    • ඒව තම පළමු දරුවා බිහි කිරීමේදී (උත්පත්ති 3:15) දෙවියන්වහන්සේගේ පොරොන්දුව සිහිපත් කළාය. කායින් යනු ඒවට, අනාවැකියේ ඉටුවීම, එනම් ඔවුන්ව පාපයෙන් නිදහස් කරන “බීජයයි”.
    • පැහැදිලිවම, මෙම බලාපොරොත්තුව ආබෙල්ගේ උපත යටපත් කළේය [හෙබ්‍රෙව් භාෂාවෙන් hébel], ඔහුගේ නම “නිෂ්ඵලකම” යන්නයි (දේශනාකාරයා 12:8 බලන්න).
    • පෙනෙන පරිදී, කායින් දැඩි ලෙස දෙවියන්වහන්සේගේ අණට කීකරු විය (උත්පත්ති 2:15). බලාපොරොත්තු වූ පරිදි සියල්ල සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබුණි …
  • ඔවුන්ගේ පඬුරු. උත්පත්ති 4:3-5.
    • කායින් තම පූජාව දෙවියන්වහන්සේට දුන් ත්‍යාගයක් ලෙස සිතූ අතර, ආබෙල් ඔහුගේ පූජාව දෙවියන්වහන්සේ ඔහුට දුන් ගැළවීමේ දීමනාව මතක් කිරීමක් ලෙස වටහා ගත්තේය.
    • කායින්ට අවශ්‍ය වූයේ ඔහු දෙවියන්වහන්සේ වෙනුවෙන් කළ දේ පිළිගැනීමටය (ක්‍රියාවෙන් ගැළවීම). ආබෙල්ට අවශ්‍ය වූයේ දෙවියන්වහන්සේ ඔහු වෙනුවෙන් කළ දේ පිළිගැනීමටය (ඇදහිල්ලෙන් ගැළවීම).

කායින්ගේ පාපය:

  • දෙවියන්වහන්සේ උපදෙස් දෙන සේක. උත්පත්ති 4:6-8.
    • ඔහුගේ පඬුර පිළිනොගැනීම නිසා, කායින් දෙවියන්වහන්සේට හා ඔහුගේ සහෝදරයා සමඟ කෝප විය. ඔහුගේ පූජාව ප්‍රතික්ෂේප කිරීම ගැන දෙවියන්වහන්සේ සමඟ කෝප වීම තර්කානුකූල බව පෙනේ. ඒත් ඔහුගේ සහෝදරයා සමග කෝප වූයේ මන්ද? 1 යොහන් 3:12.
    • දෙවියන්වහන්සේ කායින්ගේ කෝපයට ප්‍රතිචාරය දැක්වූයේ ඔහුට ප්‍රේමයෙන් සැලකීමෙනි. ඔහු තවදුරටත් වැරදි කිරීමෙන් වළක්වා ගැනීමට උපදෙස් ලබා දුන්නේ නිවැරදි තේරීම් කිරීමට, ඔහුව දිරිමත් කිරීමේ අරමුණු ඇතිවය.
  • දෙවියන්වහන්සේගෙන් ලැබුණු දඬුවම. උත්පත්ති 4:9-16.
    • කායින් ඔහුගේ සහෝදරයා මරා දැමීමෙන් පසු, දෙවියන්වහන්සේ කායින්ගෙන් අසන ප්‍රශ්නය, උන්වහන්සේ ආදම් සහ ඒවගෙන් අසන ප්‍රශ්නයේ ප්‍රතිරාවයකි. “නුඹේ සහෝදරවූ ආබෙල් කොහේද? (උත්පත්ති 4:9).
    • එසේ වුවද කායින් ඔහුගේ පාපය පිළිනොගනියි. එය සාධාරණීකරණය කිරීමට (පාපයේ වරද වෙන අයෙකුට පැටවීමට) උත්සාහයක් දැරුවේ නැත. ඔහු ප්‍රශ්නය මග හැර දෙවියන්වහන්සේට අභියෝග කළේය.
    • ඊට ප්‍රතිචාර වශයෙන්, දෙවියන්වහන්සේ ආබෙල්ගේ රුධිරය හඬගසන භූමියේ ශාපය යටතට කායින්ව තැබූ සේක (උත්පත්ති 4:11). එහි ප්‍රතිඵලයක් ලෙස කායින්ව එපා කරනු ලැබූ අතර ඔහු දෙවියන්වහන්සේගෙන් ඈත්ව සරණාගතයෙක් වූයේය (12 පදය).
    • කායින් පසුතැවිලි වූයේ නැත, දෙවියන්වහන්සේගෙන් ඈත්ව ජීවත් වීම, මරණයට හේතු වන බව කායින් දනී (14 පදය). නමුත් දෙවියන්වහන්සේ, තවමත් ඔහුට අනුකම්පාව සහ යම් ආකාරයක ආරක්ෂාවක් තවමත් ලබාදෙන සේක. (උත්පතති 4:15; මතෙව්. 5:45).

පෙළපත් දෙක:

  • කායින් ගේ දරුවන්. උත්පත්ති 4:17-24.
    • කායින්ගේ පරම්පරාව, පරම්පරාවෙන් පරම්පරාවට නරක අතට හැරුණි. ආදම්ගෙන් පසු හත්වන පරම්පරාවේ කොටසක් වූ ලාමෙක් මෙයට පැහැදිලි උදාහරණයකි.
  • දෙවියන්වහන්සේගේ පුත්‍රයින්”. උත්පත්ති 4:25-26.
    • පොරොන්දු වූ ගැළවුම්කරුවාණන් සෙත්ගේ පරම්පරාව හරහා පැමිණෙන බවට ඒව තම විශ්වාසය ප්‍රකාශ කළාය (උත්පත්ති 4:25). මෙසියැනික් බීජය සේත්ගේ පරම්පරාවේ කොටසක් වනු ඇත.
    • සෙත්ගේ (දෙවියන්වහන්සේගේ පුත්‍රයින්) සහ කායින්ගේ (මනුෂ්‍යයන්ගේ දූවරුන්) ඒනොෂ්ගෙන් (උත්පත්ති 6:1-2) පැහැදිලිව වෙනස් විය.
    • කායින්ගේ දරුවන් දෙවියන්වහන්සේගෙන් දුරස් වෙමින් සිටි නමුත් සෙත්ගේ දරුවන් උන්වහන්සේ වෙතට ළං වීමට උත්සාහ කළහ. ඒනොක් ද ආදම්ගේ සිට හත්වන පරම්පරාවේ කොටසකි. නමුත් ඔහුගේ අද්දැකීම ඔහුගේ ඥාති සොහොයුරා වන ලාමෙක්ගේ අත්දැකීමට වඩා වෙනස් ය.
    • දෙවියන්වහන්සේගේ පුතුන් සහ දූවරුන් වශයෙන්, අප ඒනොක්ව අනුකරණය කර සෑම දිනකම දෙවියන්වහන්සේ සමඟ හැසිරෙමු (උත්පත්ති 5:24).