පාඩම 12

ජූනි 11-17

යෝසෙප් - මිසරයේ රාජ කුමාරයා

  • යෝසෙප් – මිසරයේ කුමාරයා. උත්පත්ති 41:37-57.
    • ඵාරාවෝ දුටු සිහිනයේ අර්ථය තේරුම්කර දීමට කිරීමට අමතරව, යෝසෙප් විසින් අනාවැකි පළ කළ, දෙවියන්වහන්සේ “කරන්නට සූදානම්ව සිටින” අවුරුදු හතක සාගතය සඳහා මිසර දේශය සූදානම් කිරීමේ සැලැස්මක්ද යෝජනා කළේය (උත්පත්ති 41:32-36).
    • දෙවියන්වහන්සේ යෝසෙප්ට ප්‍රඥාව ලබා දී ඇති බව ඵාරාවෝ හඳුනාගෙන, ඔහුව මුළු මිසර දේශයටම අධිපති කොට පත් කර, ඔහුට භාර්යාවක්ද පාවා දුන්නේය (උත්පත්ති 41:39-44).
    • සාරවත්වූ සත් අවුරුද්දක් තුළ, “යෝසෙප් ධාන්‍ය මුහුදේ වැලි මෙන් රාශි වශයෙන්, ගණන් නොකර හරින තරමට රැස්කෙළේය” (උත්පත්ති 41:49). ඔහුද පුත්‍රයන් දෙදෙනෙකුගෙන් ආශීර්වාද ලැබීය: මනස්සේ [“මතකනැතිකරන්ට මට සැලැස්වූසේක”] සහ එප්‍රායිම් [“සඵලකළසේක”].
    • දෙවියන්වහන්සේ නපුරු දෙයක් (දාසයෙක් වීම) යහපත් දෙයක් බවට පත් කළ සේක (මුළු මිසර දේශයටම අධිපති කොට පත් කිරීම).
  • යෝසෙප් තම සහෝදරයන්ව පරීක්ෂාවට ලක් කරයි:
    • පශ්චත්තාප වීම පිළිබඳ පරීක්ෂාව. උත්පත්ති 42.
      • සාගත අවුරුදු ආරම්භ වූ විට, යෝසෙප් සියලු ගබඩා ඇර මිසරවරුන්ට සහ විදේශිකයන්ට ඒවා සැපයුවේය (උත්පත්ති 41:56-57). යාකොබ් බෙන්යමින් හැර ඔහුගේ අනෙකුත් පුත්‍රයන් ධාන්‍ය මිලදී ගැනීමට මිසර දේශයට යැවීය (උත්පත්ති 42:1-4).
      • යෝසෙප් ඔහුගේ සහෝදරයන් හඳුනාගෙන ඔවුන්ව පරීක්ෂාකිරීමට තීරණය කළේය (උත්පත්ති 42: 8-9, 17). පරීක්ෂාකිරීම ඵලදායී විය. යෝසෙප් ඔවුන්ව ඇඳිනගත් බව ඔවුන් නොදැන සිටි නිසා (උත්පත්ති 42:23), ඔවුන් එකිනෙකා අතර නිදහසේ කතා කළහ. මෙම මොහොත සහ යෝසෙප් ඔවුන්ව දුටු අවසන් අවස්ථාව අතර යම් සමානකම් තිබේ.
    • ඊර්ෂ්‍යාව පිළිබඳ පරීක්ෂාව. උත්පත්ති 43.
      • යෝසෙප් සිමියොන්ව සිරගත කර අනෙක් සහෝදරයන් කානාන් දේශයට ආපසු යාමට ඉඩ දුන්නේ ඔවුන් බෙන්යමින් සමඟ නැවත පැමිණීමට පොරොන්දු වූ බැවිනි (උත්පත්ති 42: 19-20, 24).
      • යෝසෙප් බෙන්යමින්ව දුටු විට ඔහුගේ හැඟීම් ඇවිලී ගියේය (උත්පත්ති 43:30). ඔහු ඔහුට විශේෂ ආදරයක් දක්වමින් කාරුණිකව කතා කළේය (උත්පත්ති 43:29) විශේෂයෙන් ඔවුන්ගේ පියා ඔහුට සැලකූ ආකාරයටම ඔහුට සැලකුවේය (උත්පත්ති 43:34; 37:3).
      • මෙවර යෝසෙප්ගේ සහෝදරයන් බෙන්යමින්ට ඊර්ෂ්‍යා කළේ නැත, ඔව්හු “ඔහු සමඟ ප්‍රීතිමත් වූහ.” නමුත් ඔවුන් තුළ යමක් වෙනස් වී ඇත. ඔවුන් තවදුරටත් “විශේෂ ආදරය” ගැන එතරම් සැලකිල්ලක් නොදක්වති.
    • අවසාන පරීක්ෂාව. උත්පත්ති 44.
      • අවසාන පරීක්ෂාව වූයේ යෝසෙප්ගේ රිදී කුසලානය සොරකම් කළ බවට බෙන්යමින්ට චෝදනා කිරීමයි (උත්පත්ති 44: 2-4, 12). ඔවුන් තම කුඩා සොහොයුරා (යෝසෙප්ව) අතහැර ගියා සේම ඔහුව (බෙන්යමින්ව) අත්හරිනු ඇත්ද?
      • යූදාගේ කතාව ඇත්තෙන්ම සිත් ඇදගන්නා සුළුය. පළමුව, ඔහු තම පාපයන් පිළිගත්තේය: “දෙවියන්වහන්සේ ඔබගේ මෙහෙකරුවන්ගේ අපරාධය සොයාගත්සේක” (උත්පත්ති 44:16).
      • යෝසෙප් අහිමිවීම නිසා ඔහුගේ පියා විඳි වේදනාව සිහිපත් කරමින්, ඔහු යෝසෙප් සමඟ සංවේදනයෙන් යුතුව, තම පියා නැවත දුක් විදීම (පැමිණිය හැකි “කෲරත්වය”) දැකීමට අකමැති බව පෙන්වා දුන්නේය (උත්පත්ති 44:20, 30-31).
      • අවසානයේදී, ඊසාක් “වෙනුවට” බැටළු පැටවා පූජා කළාක් මෙන් (උත්පත්ති 22:13), යුදා තමාවම ආදේශකයක් ලෙස බෙන්ජමින්ගේ ස්ථානය ගැනීමට ඉදිරිපත් විය (උත්පත්ති 44:33).
  • දෙවියන්වහන්සේ, නපුර යහපතට හරවන සේක. උත්පත්ති 45.
    • ඔහුගේ සහෝදරයන් පරීක්ෂාවෙන් ජය ගෙන ඇත. මොහොත පැමිණ ඇත: “මම යෝසෙප්ය” (උත්පත්ති 45:3). කුමක් ද? එය එසේ සිදුවිය නොහැක! යෝසෙප්ට මෙය දෙවෙනි වර පැවසීමට සිදු වූ අතර වඩාත් සවිස්තරාත්මක තොරතුරු ඔවුන්ට ලබා දීමට සිදු විය: “මම නුඹලා මිසරයට වික්කාවූ නුඹලාගේ සහෝදරවූ යෝසෙප්ය.” (උත්පත්ති 45:4).
    • යෝසෙප් තුළ කිසිම අමනාපයක් හෝ පළිගැනීමේ චේතනාවක් තිබුණේ නැත. දෙවියන්වහන්සේ, නපුර යහපත බවට පත් කළ බව ඔහු තේරුම් ගත්තේය.
    • ඔහු “ජීවිත ආරක්ෂාව” ගැන කතා කළේය. ඔහුව, මිසර දේශයට පෙරටුව එවන ලද්දේ දෙවියන්වහන්සේ බව ඔහු තම සහෝදරයන්ට සහතික විය (උත්පත්ති 45:5-7).
    • ඔහුගේ මුළු පවුලම මිසර දේශය වෙත යාමට අවශ්‍ය සියලු කටයුතු ඔහු සූදානම් කළේය. අවසානයේදී සියල්ල හොඳින් සිදු විය. දෙවියන්වහන්සේගේ රැකවරණය බලවත් ආකාරයකින් මෙම සිදුවීම තුළ ප්‍රකාශ විය.

Resource Credit: fustero.es