පාඩම 1
මාර්තු 26-අප්‍රේල් 1
මැවීම
පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ…
- මැවීම පිළිබඳ වාර්තාව දෙවියන්වහන්සේ විවිධ ආකාර දෙකකින් අපට ඉදිරිපත් කරන සේක.
- උත්පත්ති 1:1-2:3 බලවත් සහ මහෝත්තමවූ දෙවි කෙනෙක්ව හඳුන්වා දෙයි: උන්වහන්සේට මැවීමේ කාර්යය හඬින් පමණක්ම කළ හැකිය. උන්වහන්සේට ප්‍රශංසා කිරීමටත් උන්වහන්සේට නමස්කාර කිරීමටත් උන්වහන්සේගේ මහත් බලය අපව පොලඹවයි. (ගීතාවලිය 95:3-6)
- උත්පත්ති 2:4-25. සමීප දෙවි කෙනෙක්ව හඳුන්වා දෙයි: උන්වහන්සේ අපට වාසස්ථානයක් පිළියෙළ කර උන්වහන්සේගේ දෑතින් අපව මැවූ සේක. උන්වහන්සේ අපගේ සතුට ගැන සැලකිලිමත් වන අතර අප ජීවත් විය යුතු ආකාරය අපට උගන්වන සේක.
- අද අප දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් වෙන්ව සිටින්නේ පාපය නිසාය. කෙසේ වෙතත්, අපට තවමත් උන්වහන්සේගේ මහත් වූ බලය සහ සමීපත්වය අගය කළ හැකිය. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව හා ප්‍රේමණීය පැවත්ම අපගේ ජීවිත තුළ භුක්ති විඳිය හැකිය.
දෙවියන්වහන්සේගේ කාර්යය:
- අංග සම්පූර්ණ මැවීම.
- හෙබ්‍රෙව් භාෂාවෙන් “එය යහපත්ය” [“tov“] යන ප්‍රකාශය. මැවීමේ කාර්යය සාර්ථක වූ බව පැහැදිලි කිරීමට භාවිතා කරයි; එනම් එය අංග සම්පුර්ණ හා අලංකාර බවත්, එහි කිසිම දුෂ්ටත්වයක් නොතිබූ බවත්.
- වසර දහස් ගණනක හෝ මිලියන ගණනාවක් තිස්සේ සිදුවූ පරිනාමවාදය පිළිබඳ අදහස මැවීමේ කථාන්තරය සම්පූර්ණයෙන්ම අවලංගු කරයි. ඵලදරන වෘක්ෂ (උත්පත්ති 1:12; 2:9). පියාසර කරන පක්ෂීහු, පොළොවේ ඇවිදින සියලු මෘගයන් (උත්පත්ති 1:20, 25). ආදම්ව මවන ලද්දේ කතා කිරීමට සහ තර්ක කිරීමට හැකියාව ඇති වැඩිහිටියෙකු ලෙසය (උත්පත්ති 2:19, 20).
- මැවීම අවසන් වූ විට, “මෙසේ අහසත්, පොළොවත් එහි ඇති සියලු දේත් මවා නිම කරන ලද්දේය.” (උත්පත්ති 2:1 NRSV). එය වචනාර්ථයෙන් දින හයක් පමණි.
- අංග සම්පුර්ණ කාලය.
- එළිය1, මුහුද2, පොළොව3, වෘක්ෂලතා4, තාරකා5, ජලචර සත්වයන්, පක්ෂීන්7, මෘගයන්8, මනුෂ්‍යයින් සියල්ල දින හයකින් අවසන් විය. නමුත් වැදගත් කාර්යයක අඩුවක් ඇත, එනම් ක්‍රියාවලිය අවසන් කළ දහවන මැවීම: සත්වෙනි දින – සබත් දවස10.
- විවේකය, නමස්කාරය, මිනිස් ඇසුර සහ මැවුම්කාරයාණන් සමඟ සමීප සබඳතාව. එම පරිපූර්ණ මනුෂ්‍යයින්ට මෙම විශේෂ කාලය අවශ්‍ය වූ අතර, වසර දහස් ගණනක පාපයෙන් පසුව අපට එය තවත් අවශ්‍ය වේ (නික්මයාම 20:8-11).
- සබත් දවස අපට අපගේ මූලාරම්භය සහ ගැළවීම හරහා අපගේ තේජාන්විත අනාගතය අපට මතක් කර දෙයි. (ද්විතිය කථාව 5:15; යෙසායා 66:23).
- අංග සම්පුර්ණ මනුෂ්‍යත්වය.
- දෙවියන්වහන්සේගේ ස්වරූපය යනුවෙන් අදහස් කරන්නේ:
- දෙවියන්වහන්සේ සමග හෝ එකිනෙකා අතර ඇති සම්බන්ධතාවයේ ආත්මික ක්‍රියාකාරිත්වය.
- මැවුම්කාරයාණන්ට හා සමාන ශාරීරික සහ ආත්මික ස්වභාවයක් මවා ඇති බව,
- සිතීමට සහ සදාචාරාත්මක තීරණ ගැනීමට ඇති හැකියාව
- උත්පත්ති 2:7 ට අනුව, ජීවනයේ හුස්ම (ආත්මය) දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් සෑදු මැටි රූපයට (ශාරීරික) ඇතුළු වූ විට, මනුෂ්‍යයා “ජීවමාන ප්‍රාණයක්” විය.
- ඉන්පසු දෙවියන්වහන්සේ දෙවන පියවරක් ලෙස මිනිසාගේ ශරීරයෙන් ස්ත්‍රිය මැවූ සේක (උත්පත්ති 2:21-22), මෙසේ පරිපූර්ණ “මනුෂ්‍යත්වය” අංග සම්පූර්ණ කළසේක: පිරිමි සහ ගැහැණු, පුරුෂයා සහ ස්ත්‍රිය.
- දෙවියන්වහන්සේගේ ස්වරූපය යනුවෙන් අදහස් කරන්නේ:
දෙවියන්වහන්සේගෙන් ලද දීමනා.
- දෙවියන්වහන්සේ පළමු මිනිසා මැවූ විගසම උන්වහන්සේ ඔහුට දීමනා තුනක් දුන්සේක. එයට වගකීම් තුනක් ඇතුළත් විය:
- එය රැකබලා ගැනීමට සහ පෝෂණය කිරීමට පරිපූර්ණ වාසස්ථානයක් විය. දෙවියන්ගෙන් ලැබුණාවූ දෙය ආරක්ෂිතව කල් තබාගැනීමේ වගකීම අපසතු වේ.
- දෙවියන්වහන්සේ ඔවුන්ගේ පරිපූර්ණ ශරීරයට සුදුසු ආහාර ලබා දුන් සේක. ඔහුන්ට සියල්ල දුන් තැනැන්වහන්සේට තම විශ්වාසවන්තකම ඔප්පු කිරීමට උන්වහන්සේ සීමාවක් එකතු කළ සේක (උත්පත්ති 2:17).
- පරිපූර්ණ දීමනාව. ප්‍රේම කළ හැකි කෙනෙක්. සියල්ල බෙදා ගත හැකි කෙනෙක්. “එක මාංසයක්” විය හැකි කෙනෙක් (උත්පත්ති 2:24)