ස්වාමීන්වහන්සේ වඩින තුරු උන්වහන්සේ වෙනුවෙන් කළමනාකරණය කිරීම

ජනවාරි | පෙබරවාරි | මාර්තු 2023

පාඩම 12

මාර්තු 18-මාර්තු 24

විශ්වාසවන්තකමේ ත්‍යාගය

  1. විපාකය:

    • විශ්වාසවන්තයින්ගේ විපාකය.

      • යේසුස්වහන්සේ දෙවැනි පැමිණීමේදී ත්‍යාගය (දීමනාව) ලැබෙන්නේ කාටද?

        1. ධර්මිෂ්ඨයන් (ගීතාවලිය 58:11)

        2. ධර්මිෂ්ඨකම වපුරන තැනැත්තන්

        3. (හිතෝපදේශ 11:18)

        4. ඔවුන්ගේ ඇදහිල්ල නිසා පීඩා විඳි අය (මතෙව් 5:12 )

        5. තම සතුරන්ට ප්‍රේම කරන්නන් සහ යහපත කරන්නන් (ලූක් 6:35)

        6. විශ්වාසය අත් නොහරින්නන් (හෙබ්‍රෙව් 10:35)

        7. උන්වහන්සේව සොයන තැනැත්තන් (හෙබ්‍රෙව් 11:6)

        8. උන්වහන්සේගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් උන්වහන්සේගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන් (එළිදරව් 11:18)

      • එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.” (1 කොරින්ති 3:8). මෙයින් අදහස් කරන්නේ අපගේ ක්‍රියාවෙන් ගැළවීම ලබන බවද? අනිවාර්යයෙන්ම නැත!

      • ගැළවීම යනු ඔවුන්ගේ ක්‍රියා නොතකා සියල්ලන්ටම එකසේ දෙන ත්‍යාගයකි (තීතස් 3:5). උන්වහන්සේගේ ප්‍රකාශවීමට ආශාව සිටින්නාවූ සියල්ලන්ට ඔවුන්ගේ ධර්මිෂ්ඨකමේ ඔටුන්නලැබෙනු ඇත, එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ලබා දෙන සේක (2 තිමෝති 4:8).

    • සදාකාල ජීවනය.

      • නිසැකවම අප ලැබිය යුත්තේ කුමක්ද? අපට කුලීලෙස ලැබෙන්නේ කුමක්ද? මරණය පමණයි. නමුත් දෙවියන්වහන්සේ අපට ත්‍යාගයක්ලෙස ලබා දෙන්නේ කුමක්ද? එනම් සදාකාල ජීවනයයි (රෝම 6:23).

      • මෙය අපට නුසුදුසු විපාකයකි, අපට ලැබිය යුතු දෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධ විපාකයකි. ඇදහිල්ලෙන් එය පිළිගන්නේ නම් සෑම කෙනෙකුටම මෙම ත්‍යාගය ලැබිය හැකිය (යොහන් 3:16).

    • ස්වාමීන්වහන්සේ සමඟ ජීවත් වීම.

      • අපට පෙර විසු ඇදහිලිවන්තයන් අත්තිවාරම් ඇත්තාවූ, දෙවියන්වහන්සේ විසින් යෝජනාකර සෑදුවාවූ නුවර” ලැබීමට බලාපොරොත්තු වූහ (හෙබ්‍රෙව් 11:10, 16).

      • අපට එකම බලාපොරොත්තුවක් ඇත: එනම් නව යෙරුසලමේ ජීවත් වීමට, “ගැළවීම ලබන මිනිසුන්සඳහා නගරයක් (එළිදරව් 21:24). අපට එහි කුමක් ලැබෙනු ඇත්ද?

        1. දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය හස්තය අපගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.” (එළිදරව් 21:4)

        2. ඒදන් උයනේ මෙන්, එහිදී අපට ජීවන වෘක්ෂයේ ඵල භුක්ති විඳීමට හැකි වනු ඇත (උත්පත්ති 3:22; එළිදරව් 22:2).

        3. අවසානයේදී, අපට උන්වහන්සේගේ මුහුණ දැකීමට හැකි වන අතර, “මුදාගනු ලැබූ අය දෙවියන් වහන්සේට කිට්ටුවෙන් ජීවත් වන්නෝය.” (එළිදරව් 22:4).

  2. විශ්වාසවන්තකම:

    • ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කළමණාකරණය

      • තලෙන්ත පිළිබඳ උපමාව, අවසාන කාලයේ සන්දර්භය තුළ, ස්වාමින්වහන්සේ අපට ලබා දී ඇති දේ කළමනාකරණය කළ යුතු ආකාරය සමඟ සෘජුවම සම්බන්ධ වේ (මතෙව් 25:14-30).

      • අපගේ ස්වාභාවික කුසලතා, ශුද්ධාත්මයාණන්වහන්සේ අපට ලබා දී ඇති දීමනා සහ දෙවියන්වහන්සේ අපට ලබා දී ඇති තාවකාලික දේවල් සියල්ල අප කළමනාකරණය කළ යුතුය. උන්වහන්සේ අපට ලබා දෙන්නේ අපට කළමනාකරණය කල හැකි දේ පමණයි.

      • අපගේ ත්‍යාගය (දීමනාව) ස්වල්පයක් හෝ සම්පත් අඩු බව හෝ ඒවා භාවිතා කිරීමේදී අඩු වගකීමක් ඇතැයි නොසිතමු. එහි විපාකය ඉතා වටින බව මතක තබා ගන්න. “ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්න” (මතෙව් 25:23).

    • ස්වාමීන්වහන්සේ වඩින තුරු.

      • යේසුස්වහන්සේට විශ්වාසවන්තව සිටීමට පාවුල්ට බොහෝ විපත්තිවලට මුහුණ දීමට සිදු විය (2 කොරින්ති 11:23-28). අප මෙතරම් දුෂ්කරතා විඳීමට සිදු නොවූවද, අපට පහසු ජීවිතයක් පොරොන්දු වී නොමැත. “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්ත ලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.” (2 තිමෝති 3:12).

      • පාවුල් ධනවත් ජීවිතයක් ගත කළේ නැත. කෙසේ වෙතත් සඵලත්වය හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම ගැන බයිබලය අපට පවසන්නේ කුමක්ද (1 තිමෝති 6:6-12)?

        1. එය වස්තු රැස්කිරීම නොවේ

        2. එය ඔබට අවශ්‍ය විටදී, ඔබට අවශ්‍ය දේවල් තිබීමයි

        3. එය දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට ඇලී සිටීමයි

        4. එය දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වීම සහ උන්වහන්සේ තුළ විශ්වාස කිරීමයි

      • තවද යේසුස්වහන්සේ නැවත පැමිණෙන විට, උන්වහන්සේ අපට ලබා දී ඇති දේ කළමණාකරණය කිරීම උදෙසා අපට සාධාරණ විපාකයක් ලැබෙනු ඇත (2 තිමෝති 4:6-8).

Resource Credit: fustero.es