ස්වාමීන්වහන්සේ වඩින තුරු උන්වහන්සේ වෙනුවෙන් කළමනාකරණය කිරීම
ජනවාරි | පෙබරවාරි | මාර්තු 2023
පාඩම 11
මාර්තු 11-මාර්තු 17
දුෂ්කර කාලය තුළ කළමනාකරණය කිරීම
දුෂ්කර කාලය තුළ අපව ආරක්ෂා කරන්නේ කවුරුන්ද?
යෙහෝෂාපාට් රජු ඕනෑම සතුරෙකුට මුහුණ දීමට සූදානම්ව සිටියේය. මක්නිසාද ඔහු වසර ගණනාවක් තිස්සේ ඔහු තම හමුදා සහ බළකොටු තර කරමින් සිටියේය. (2 ලේකම් 17:2, 12-13). කෙසේ වෙතත්, ඔහු තම සීමාවන් දැන සිටියේය. ඔහුට තර්ජනය කරන විවිධ ජාතීන්ගේ සභාගවලට මුහුණ දිය නොහැකි බව ඔහු දැන සිටියේය (2 ලේකම් 20:1-2).
මෙම අර්බුදයට මුහුණ දුන් ඔහු, තමාට උපකාර කළ හැකි වෙනත් ජාතීන්ගේ සන්ධානයක් සොයා නොගිය අතර, ඔහුට විශ්වාස කළ හැකි එකම තැනැන්වහන්සේ වන දෙවියන්වහන්සේ සොයන්ට තම සිත යොමුකළේය (2 ලේකම් 20:3-12).
මෙම තීරණය බියෙන් හෝ අනාරක්ෂිත භාවයෙන් මෙහෙයවූවක් නොවේ. යෙහෝෂාපාට් දෙවියන්වහන්සේට සේවය කිරීමට පුරුදුව සිටියේය (2 ලේකම් 17:3-4; 19:4). උන්වහන්සේගේ මගපෙන්වීම විශ්වාස කළ හැකි බව ඔහු දැන සිටියේය.
අර්බුදකාරී කාලවලදී දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට උපකාර වන ආකාරයේ දෛනික අත්දැකීමක් ඔබටත් තිබේද?
කුමක් හෝ කවුරුන් විශ්වාස කළ යුතුද?
සමිඳාණන්වහන්සේ මිස කිසිම මිනිසෙකුට තමාව ගළවා ගත නොහැකි බව දාවිත් දැන සිටියේය (ගීතාවලිය 146:3). යොනාතාන්ගේ ආදර්ශයෙන්, තම සතුරන් පරාජය කිරීමට දෙවියන්වහන්සේට බලවත් හමුදාවක් අවශ්‍ය නොවන බව ඔහු දැන සිටියේය (1 සාමුවෙල් 14:6, 13, 23).
කෙසේ වෙතත්, ඔහු සාතන් විසින් පරීක්ෂාවට ලක් වූ අතර ඉශ්‍රායල්වරුන් ගණන් කිරීම හරහා සොල්දාදුවන් ගණන දැන ගැනීමට තීරණය කළේය (1 සාමුවෙල් 21:1-2). ඉශ්‍රායල්වරුන් ගණන් කිරීම තහනමක් නොවූවද (නික්මයාම 30:12), එය දෙවියන්වහන්සේගේ උදහස පහසුවෙන් ඇවිස්සීමට හැකි කාර්යයක් ලෙස සලකනු ලැබීය. මෙහිදී දාවිත්ගේ මෙම ක්‍රියාව පෙන්නුම් කළේ ඔහු දෙවියන්වහන්සේට වඩා තම හමුදා ශක්තිය කෙරෙහි විශ්වාස තැබූ බවයි.
දෙවියන්වහන්සේ සියල්ලටම වඩා උසස්ය. මානව සම්පත් වෙත හැරීමට පෙර අප මුලින්ම උන්වහන්සේ වෙත පැමිණිය යුතුය.
අපට තබා ගත හැක්කේ කුමක්ද?
මහත් පීඩා කාලයේදී (කරදරකාරී කාලයේදී) අපට මිලදී ගැනීමට හෝ විකිණීමට නොහැකි වනු ඇත. එවිට අපට තවමත් අපගේම යැයි පැවසීමට යමක් ඉතිරිව තිබේ නම්, එයද ගින්නෙන් විනාශ වනු ඇත (2 පේතෘස් 3:10-11).
එසේ නම්, අපට ඇති දේ තබා ගැනීමට නොහැකි වන බැවින් එය බැහැර කිරීමට කාලය පැමිණ තිබේද?
ශුද්ධාත්මයාණන්වහන්සේ අපට එසේ කරන ලෙස පැහැදිලිව පෙන්වා දෙන්නේ නම් මිස, නැත. යේසුස්වහන්සේ නැවත පැමිණෙන තෙක් දෙවියන්වහන්සේ අපට දී ඇති සෑම දෙයකම භාරකරුවන් වන්නේ අපය. අප එය බුද්ධිමත්ව සහ හෘද සාක්ෂියට එකඟව කළමනාකරණය කළ යුතුයි.
[BSG:] අපට වස්තු වලින් (වත්කම්) ආශිර්වාද කර ඇත්නම්, දැන් ඒවා භුක්ති විඳීමේ කිසිම වරදක් නැත. එනම් අපි කෑදර නොවෙමු නම්, දිළිඳු අයට ත්‍යාගශීලී වන්නේ නම් එය කම් නැත. එසේ වුවද අපි සැමවිටම මතක තබාගත යුත්තේ අපි මෙහිදී රැස් කරගන්නා කොයිදේ නමුත් තාවකාලික සහ ක්ෂණික බවය. එමෙන්ම අපි ප්‍රවේසම් නොවන්නේ නම් ආත්මිකව දූෂිත වීමටද හැකිය.
අපගේ ප්‍රමුඛතාවය කුමක් විය යුතුද?
දෙවියන්වහන්සේට සේවය කිරීම නිසා අපගේ සම්පත් අහිමි කර ගන්නේද, නැතහොත් ඒවා තබාගෙන සේවය කිරීමට නුසුදුසු කෙනෙකුට සේවය කරන්නේද යන්න තීරණය කිරීමට අපට සිදු වන කාලයක් පැමිණේ.
ඒ මොහොතේ අපගේ තීරණය, අද අප ගන්නා තීරණ මත රඳා පවතී (මතෙව් 6:24).
ප්‍රේරිත යොහන් අපට අනතුරු අඟවයි: ”ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න.” (1 යොහන් 2:15).
දෙවියන්වහන්සේගෙන් අපව වෙන් කරන ”ලෝකයේ” ඇති වරද කුමක්ද ? (1 යොහන් 2:16)?
දුෂ්කර කාලය තුළ අප සූදානම් වන්නේ කෙසේද?
ඒ මොහොතේ ලෝකය පාලනය කරන බලවේගයන්ට යටත් නොවී (නමස්කාර නොකිරීමෙන්), දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටීම නිසා අපගේ රැකියා සහ දේපළ අහිමි වනු ඇත (එළිදරව් 13:14-17). කෙසේ වෙතත්, දෙවියන්වහන්සේ අපව රැකබලා ගන්නා බව අපට සහතික විය හැකිය (2 තෙසලෝනික 3:3; ගීතාවලිය 34:19).
එම අවස්ථාව සඳහා අප සූදානම් වන්නේ කෙසේද?
අද දින දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ජීවත් වීමට ඉගෙන ගන්න. හොඳ පරීක්ෂණයක් වන්නේ දශභාගය ගෙවීමෙන් විශ්වාසවන්තව සිටීමයි. අප එතරම් කුඩා දෙයකින් අසමත් වුවහොත්, එළඹෙන දුෂ්කර කාලය තුළ අපට විශ්වාසවන්තව සිටිය හැක්කේ කෙසේද? (යෙරෙමියා 12:5)