3 පාඩම
අප්‍රේල් 09 - 15, 2022
කායින් සහ ඔහුගේ උරුමය
සබත්දින පස්වරුවේ:
අප්‍රේල් 9
මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න. උත්පත්ති 4; හෙබ්‍රෙව් 11:4; මීකා 6:7; යෙසායා 1:11; 1 කොරින්ති 10:13; 1 යොහන් 3:12; උත්පත්ති 5; උත්පත්ති 6:1-5.
කටපාඩම් පදය: “නුඹ යහපත කෙරෙහි නම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් යහපත දොරකඩ ළඟ සිටියි. ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය. නුඹද එය කෙරෙහි ආණ්ඩු කරන්නෙහි යයි කීසේක.” (උත්පත්ති 4:7)
උත්පත්ති 1 වැනි පරිච්ඡේදයේ වැටීමෙන් පසු සිදුවූ සියළුම දේවල් ඒදන් උයනෙන් ආදම් සහ ඒව නෙරපා හැරීම, ඉදිරි පරිච්ඡේද වල අඩංගු අනාවැකි ඉටුවීමේ, ප්‍රධාන වශයෙන් උපත් සහ මරණය. උත්පත්ති 3 සහ 4 පරිච්ඡේද සමාන්තර ඒවා වන බැවින්, බොහෝ පොදු සේවා සහ වචන ඇත. පාපය ගැන විස්තරය (උත්පත්ති 3:6-8; උත්පත්ති 4:8 සමග සසඳන්න). භූමියෙන් ශාප (උත්පත්ති 3:17; උත්පත්ති 4:11 සමග සසඳන්න). සහ නෙරපා හැරීම (උත්පත්ති 3:24; උත්පත්ති 4:12, 16 පාඨ සමග සසඳන්න).
මෙම සමාන්තරවල පරමාර්ථය වන්නේ මීට පෙර සිදුවූ ඉෂ්ටවීම් විශේෂ කොට පෙන්වීමය. එනම් වැටීමට පසුව දෙවියන්වහන්සේ ආදම්ට සහ ඒවට දෙනු ලැබූ අනාවැකි සහ පෙරනිමිතිය. ආදම් නෙරපා හැරීමෙන් පසු පළමු සිද්ධිය බලාපොරොත්තු වලින් පිරී තිබුණි. එනම් (පළමු) කුළුඳුල් පුතාගේ උපතය. එය ඒව සිතන අන්දමට මෙසැයිනික් අනාවැකියෙන් ඇයට ඇසුණාවූ පොරොන්දුව ඉටුවීමයි. (උත්පත්ති 3:15) එනම්, ඇය සිතුවේ ඔහු පොරොන්දු වනු ලැබූ මෙසියස්වහන්සේ විය හැකි බවයි.
ඊළඟ සිද්ධීන් වූයේ කායින්ගේ අපරාධය, ලාමෙක්ගේ අපරාධය, අඩුවෙමින් තිබෙන ආයු ප්‍රමාණය සහ වැඩිවන්නාවූ කෲරත්වයයි. මේ සියල්ල උත්පත්ති 3 වැනි පරිච්ඡේදයේ සඳහන් කරනු ලැබූ ශාපය ඉටුවීම්ය.
එසේ වුවද, බලාපොරොත්තු සියල්ලම අහිමි නොවීය.
- අප්‍රේල් 16 වන සබත් දිනට සුදානම් වන පිණිස මෙම සතියේ පාඩම අධ්‍යනය කරන්න.
ඉරිදා
අප්‍රේල් 10
කායින් සහ ආබෙල්
උත්පත්ති 4:1,2 පාඨ කියවන්න. මෙම පාඨවලින් පිරිමි දරුවන්ගේ උපත ගැන අපි කුමක් ඉගෙන ගනිමුද?
ආදම්ව ඒදන් උයනෙන් නෙරපා දැමීමෙන් පසු බයිබලයේ කතුවරයා එකෙණෙහිම වාර්තා කරන පළමු සිද්ධිය වන්නේ උපතක් පිළිබඳවය. හෙබ්‍රෙව් භාෂාවෙන් උත්පත්ති 4:1 පාඨයට අනුව “ස්වාමීන්වහන්සේ” යන වචනය කෙලින්ම සම්බන්ධ කර ඇත්තේ “මිනිසෙක්” යන වචනයටය. එහි “…… ස්වාමීන්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබා ගතිමි” යනුවෙන් සඳහන්වේ.
මෙම පාඨයේ වචනාර්ථයෙන් යෝජනා කරන්නේ ඒවට උත්පත්ති 3:15 පාඨයේ සඳහන් මෙසියැනික් අනාවැකිය මතක්වී ඇති බවයි. එමෙන්ම ඇය විශ්වාස කළේ, ඇය ගැළවුම්කාරයාණන්වහන්සේ, ස්වාමීන්වහන්සේට උපත ලබා දුන් බවය. “ගැළවුම්කාරයාණන්ගේ පැමිණීම පිළිබඳ ඒදන් උයනේදී පෙරනිමිති කියනු ලැබීය. ආදම් සහ ඒව මුලින්ම පොරොන්දුව ඇසූ විට, එය ඉෂ්ට වනු දැකීමට කැමැත්තෙන් සිටියහ. ඔවුහු ඔවුන්ගේ මුලින්ම ඉපදුනු පුත්‍රයා, ගැළවුම්කාරයාණන් වේවයි බලාපොරොත්තු වූහ.” —Ellen G. White, The Desire of Ages, p. 31.
එපමණක් නොව කායින් කථාන්තරයේ විශාල කොටසක් අයිති කරගනී. ඔහු කුළුඳුලා පමණක් නොව, දෙමවුපියන්, බොහෝ සෙයින් “නමස්කාර කළාවූ” පුත්‍රයෙක් විය. ඒව බොහෝ ප්‍රීතියෙන් කායින්ගේ උපත ගැන කථා කරන අතර, ඇය ආබෙල් ගැන කිසි දෙයක් නොකියයි. අඩු තරමින් පාඨයේ එවැනි කිසිවක් සඳහන්වී නැත. කායින්ගේ උපත ගැන කථා කළාවූ ආකාරයට වෙනස්වූ විලාශයක් කථිකයා නිකම්ම පවසන්නේ අය නැවතත් “වැදුවාය” යන්නයි. (උත්පත්ති 4:2).
කායින් යන වචනයේ හෙබ්‍රෙව් අර්ථය වන්නේ “අත්පත් කරගැනීමට” යන්නයි. එබැවින් ඉන් දක්වන්නේ “අත්පත් කරගැනීමය. වටිනා සහ බලසම්පන්න යමක් අත්පත් කරගැනීමය. වෙනත් වචන වලින් කියතොත් ‘ආබෙල්’ යන්නෙහි ඉංග්‍රීසි බසින් අර්ථවත් කරන්නේ “හුස්ම” යන්නයි. (ගීතාවලිය 62:9). එනම් “නොපෙනෙන මුළු, හිස්බව, ද්‍රව්‍ය වලින් හිඟබව යන්නයි. එම වචනයම “ආබෙල්” යන වචනය ‘නිෂ්ඵලකම’ යන අර්ථය හැඟවීම සඳහා දේශනාකාරයා පොතෙහි නැවත නැවතත් භාවිතා කෙරේ. අපි මෙම කෙටි පාඨය පිළිබඳ තවදුරටත් කියවීමට අවශ්‍ය නොවෙතත්, අදහස වන්නේ ආදම් සහ ඒවගේ බලාපොරොත්තුව විවේක ගත් බවයි. ඔවුහු කායින් තුළ විශ්වාසය තැබූහ. ඔවුන් විශ්වාස කළේ ආබෙල් නොව කායින්ය. මක්නිසාද, ඔවුහු විශ්වාස කළේ පොරොන්දුවූ මෙසියස්වහන්සේ වන්නේ ඔහු මිස කායින් නොවන බව සිතූ බැවිනි.
ජීවිතයේ සත්‍යයෙන්ම නිෂ්ඵල දේවල් මොනවාද? එහෙත් අපි ඒවා බොහෝ වටිනා දේවල් ලෙස සලකමු. ඵලදායී දේවල් සහ නිෂ්ඵල දේවල් අතර ඇති වෙනස හඳුනාගැනීම වැදගත් වන්නේ ඇයි?
සඳුදා
අප්‍රේල් 11
පඬුරු දෙක
කායින් සහ ආබෙල් යන නම් දෙකේ වෙනස්කම් ඔවුන්ගේ පෞරුෂයන් පිළිබඳ නොවේ. එය ඔවුන්ගේ එකිනෙකාගේ රැකියාවන් තුළද පැවතුණි. කායින් “භූමියේ පස් පෙරළන්නෙක්,” (ගොවියෙක්) වූ අතර (උත්පත්ති 4:2). එම රැකියාවේදී ශාරීරිකව වෙහෙසවී වැඩ කරන රැකියාවක් විය. ආබෙල් “බැටළුවන් රැක බලා ගන්නෙක්,” (එඬේරෙක්) විය. (උත්පත්ති 4:2) එම රැකියාවට අවශ්‍ය වූයේ අනුකම්පාව සහ සංවේදීතාවයයි.
කායින් භූමියෙන් ඵල නිපදවන්නෙක් විය. ආබෙල් එඬේරෙක් විය. මෙම රැකියාවන් දෙක පඬුරු දෙකේ ස්වභාවය විස්තර කළා පමණක් නොව (කායින්ගෙන් භූමියේ ඵලද, ආබෙල්ගෙන් බැටළුවෙක්ද), දෙවර්ගයක පඬුරු මගින් මානසික ආකල්ප සහ මානසික ස්වභාවයන්ද විදහා දැක්වීය. කායින් ඔහු නිෂ්පාදනය කරන ඵල අත්පත් කරගැනීම සඳහා වැඩ කළේය. ඒ අතරතුරේදී ආබෙල් ඔහුට ලැබුණු බැටළුවන් රක්ෂා කිරීමට ප්‍රවේසම් විය.
උත්පත්ති 4:1-5 සහ හෙබ්‍රෙව් 11:4 පාඨ කියවන්න. දෙවියන්වහන්සේ ආබෙල්ගේ පඬුරු පිළිගත්තේත්, කායින්ගේ පඬුරු ප්‍රතික්ෂේප කළේත් ඇයි? මෙහිදි සිදුවූ දෙය අපි කෙසේ තේරුම් ගත්තෙමුද?
“රුධිරය නොහෙළා පාපය සමනය කළ නොහැකිය. එමෙන්ම ඔවුන් (කායින් සහ ආබෙල්) ක්‍රිස්තුස්වහන්සෙගේ රුධිරය තුළ ඇදහිල්ල පෙන්විය යුතුව තිබුණි. එනම් පොරොන්දු වූ ගිවිසුමට අනුව රැළේ කුළුඳුලා පඬුරු ලෙස පූජා කිරීමෙනි. එයට අමතරව ස්තූති දීමනාවක් ලෙස භූමියේ ඵලවලින් මුල්ම පලතුරු ස්වාමීන්වහන්සේ ඉදිරියට ඉදිරිපත් කළ යුතුය.” —Ellen G. White, Patriarchs and Prophets, p. 71.
ආබෙල් දෙවියන්වහන්සේගේ උපදෙස් වලට අදාළ වන පරිදි සිවුපාවුන් දවන පූජා කිරීමට අමතරව එළවළුද පූජා කළේය. කායින් එසේ කිරීම අතපසු කළේය. ඔහු පූජා කිරීම සඳහා සිවුපාවෙක් ගෙන ආවේ නැත. ඔහු රැගෙන ආවේ “භූමියේ ඵල” පමණි. එය විවෘතව අකීකරුවීමේ ක්‍රියාවකි. එනම් ඔහුගේ සොහොයුරාගේ ආකල්පයට වෙනස් ආකාරයකටය. බොහෝ විට මෙම කථාන්තරය ඇදහිල්ලෙන් ගැළවීම ලෙස එහි යම් සම්භාව්‍ය අගයක් දකිනු ඇත. (ආබෙල් සහ ඔහුගේ රුධිර පූජාව), (කායින් සහ ඔහුගේ භූමියේ පලතුරු) තුළ ගැළවීම ලබා ගැනීමට දෙයාකාරයකට දරන උත්සාහයක් පෙනේ.
මෙම පූජා තුළ ආත්මික වැදගත්කමක් තිබුණා වුවද, ඒවා තුළ මැජික් වටිනාකමක් නොතිබුණි. ඒවා නිතරම පව්කාරයාට ආරක්ෂාව සහ ගැළවීම සැලසූ දෙවියන්වහන්සේ වෙත යොමු කරන, හුදු සංකේත සහ ස්වරූපය විය.
මීකා 6:7; සහ යෙසායා 1:11 පාඨ කියවන්න. මෙම පාඨවල අදාළ කර ඇති ප්‍රතිපත්ති අපගේ ජීවිත සහ නමස්කාරයට අදාළ කරගන්නේ කෙසේද?
අඟහරුවාදා
අප්‍රේල් 12
අපරාධය
උත්පත්ති 4:3-8 දක්වා පාඨ කියවන්න. කායින්ට ඔහුගේ සොහොයුරාව මරා දැමීමට මග පෙන්වූයේ කුමක් මගින්ද? 1 යොහන් 3:12 පාඨයද බලන්න.
කායින්ගේ ප්‍රතික්‍රියාව දෙයාකාර විය. “කායින් අතිශයින් කෝප විය. ඔහුගේ මුහුණද වෙනස් විය.” (උත්පත්ති 4:5). පෙනෙන ආකාරයට කායින්ගේ කෝපය දෙවියන්වහන්සේ සහ ආබෙල් වෙත එල්ල විය. කායින් දෙවියන් වහන්සේ සමග කෝපවූයේ, ඔහු මෙම අසාධාරණයේ ගොදුර බව ඔහු සිතූ නිසාත්, ආබෙල් කෙරෙහි කෝප වූයේ ඔහුගේ සහෝදරයා ගැන ඔහු ඊර්ෂ්‍යා වූ බැවිනුත්ය. ඊර්ෂ්‍යා වූයේ කුමක් ගැනද? පඬුරු පමණක්ද? ස්ථිර වශයෙන්ම මෙම පාඨවල එළිදරව් කරනවාට වඩා දේවල් දර්ශනයෙන් පිටුපස සිදුවෙමින් තිබුණි. ගැටළුව කුමක් වුවද කායින් පීඩාවට පත්වූයේ ඔහුගේ පඬුර පිළිනොගැනීම නිසාය.
දෙවියන්වහන්සේගේ ප්‍රශ්න 2, උත්පත්ති 4:6 පාඨයේ සඳහන්, කායින්ගේ කොන්දේසි දෙක හා සම්බන්ධ විය. දෙවියන්වහන්සේ කායින්ට වරද නොපටවන බව සිතේ තබාගන්න. ආදම් සම්බන්ධව කළාවූ ආකාරයෙන් උන්වහන්සේ ප්‍රශ්න අසන සේක. එසේ කරන්නේ උන්වහන්සේ පිළිතුරු නොදන්නා නිසා නොව, මක්නිසාද උන්වහන්සේට අවශ්‍ය වූයේ කායින් ඔහුව විමසා බලා, ඔහුගේ මෙම තත්වයට හේතු අවබෝධ කරගැනීමට අවස්ථාව ලබා දීමටය. සැමවිටම දෙවියන්වහන්සේ වැටුණාවූ මිනිසුන්, විවෘතව උන්වහන්සේව එපා කළද, ඔවුන්ව මුදා ගැනීමට මාර්ග සොයන සේක. මෙවැනි ප්‍රශ්න ඇසීමෙන් පසුව දෙවියන්වහන්සේ ඔහුට උපදෙස් දෙන සේක.
මුලින්ම දෙවියන්වහන්සේ කායින්ව දිරි ගන්වන්නේ, නිවැරදි හැසිරීම සඳහා “හොඳින් ක්‍රියාකරන” ලෙසය. එය පශ්චත්තාප වීම සහ ආකල්ප වෙනස් කරගැනීමට කරන කැඳවීමකි. දෙවියන්වහන්සේ කායින්ව “පිළිගනු ලබන බවටත් කමාව ලබා දෙන බවටත් පොරොන්දු වන සේක. උන්වහන්සේ පවසන්නේ දෙවියන්වහන්සේගේ පිළිගැනීම කායින්ට ලැබෙන බවත්, එහෙත් එය සිදුවන්නේ දෙවියන්වහන්සේගේ පිළිවෙලට මිස කායින්ට අවශ්‍ය ක්‍රමයට නොවන බවය.
අනෙක් අතින් බලන විට, “…. නුඹ යහපත නොකෙරෙහි නම්, පාපය දොර ළඟ සිටියි. එහෙත් ආශාව නුඹ කෙරෙහි වන්නේය. නුඹද එය කෙරෙහි ආණ්ඩු කරන්නෙහිය.” (උත්පත්ති 4:7). දෙවියන්වහන්සේගේ අනුශාසනාව පාපයේ මුල එළිදරව් කළේය. එමෙන්ම එය සොයාගනු ලැබුවේ කායින් තුළමය. මෙහිදී නැවතත් දෙවියන්වහන්සේ කායින්ට උපදෙස් දෙමින් සිටින සේක. එනම් ඔහු ගමන් කළ යතු මාර්ගයේ ඔහුට මගපෙන්වීම සඳහාය.
දෙවියන්වහන්සේගේ දෙවෙනි අනුශාසනා පාඨය වූයේ මෙම පාපය වෙතට ගෙනගියාවූ ආකල්පයයි. එය දොරළඟ වැතිර සිටින අතර, “ආශාව නුඹ කෙරෙහි වන්නේය,” දෙවියන්වහන්සේ “නියම කරන්නේ ආත්ම පාලනයයි.” “නුඹ එය කෙරෙහි ආණ්ඩු කරන්නෙහිය.” මෙම ප්‍රතිපත්තියම යාකොබ්ගේ පොතෙහි සඳහන්වේ. “නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොළඹවනු ලබන කල්හිද, පරීක්ෂා කරනු ලබයි.” (යාකොබ් 1:14). ශුභාරංචිය අපට පාපයට කමාව පමණක් නොව එය ජයග්‍රහණය කරන අයුරුද පිරිනමයි. (1 කොරින්ති 10:13 පාඨයද බලන්න). අවසානයේදී කායින්ට ඔහුගේ පාපය ගැන වරද පැටවීමට වෙන කිසි කෙනෙක් නොවීය. අපි සියළුදෙනා සමගද සාමාන්‍යයෙන් එය එසේ නොවන්නේද?
මෙම අවාසනාවන්ත කථාන්තරය මගින් අපට නිදහස් කැමැත්ත සහ දෙවියන්වහන්සේ අපට කීකරුවන ලෙස බලනොකිරීම පිළිබඳ උගන්වන්නේ කුමක්ද?
බදාදා
අප්‍රේල් 13
කායින්ට ලැබුණු දඬුවම
උත්පත්ති 4:9-16 පාඨ කියවන්න. දෙවියන්වහන්සේ මෙවැනි ප්‍රශ්න අසන්නේ ඇයි? “ඔබගේ සහෝදරයා කොහිද?” කායින්ගේ පාපය සහ ඔහු අතර ඇති සම්බන්ධය කුමක්ද? “නුඹ පොළොවෙහි පලා යන්නෙක්ද, තැනින් තැන යන්නෙක්ද….” (උත්පත්ති 4:12).
දෙවියන්වහන්සේ කායින්ගෙන් අසන ප්‍රශ්නය, උන්වහන්සේ ආදම් සහ ඒවගෙන් අසන ප්‍රශ්නයේ ප්‍රතිරාවයකි. “ඔබ කොහිද?” මෙම ප්‍රතිරාවය මගින් යෝජනා කරන්නේ ඒදන්හි පාපය සහ දැන් පාපය අතර ඇති සම්බන්ධතාවය යෝජනා කෙරේ. පසුව ඇතිවූ පාපය (කායින්ගේ), පෙර සිදුවූ (ආදම්ගේ) පාපයේ ප්‍රතිඵලයක් විය.
එසේ වුවද කායින් ඔහුගේ පාපය පිළිනොගනියි. ඔහු එය ප්‍රතික්ෂේප කරයි. එනම් ආදම් නොකළාවූ දෙයයි. එහෙත් ආදම් පාපයේ වරද වෙන අයෙකුට පැටවීමට උත්සාහ දැරුවේය. කායින් එයට වෙනස් ආකාරයකින් දෙවියන්වහන්සේට අභියෝග කරයි. දෙවියන්වහන්සේ කායින්ගේ අපරාධය පිළිබඳ කාලය අපතේ නොයවා මුහුණ දුන්සේක. දෙවියන්වහන්සේ තුන්වෙනි ප්‍රශ්නය ඇසූ විට, “නුඹ කුමක් කළෙහිද?” උන්වහන්සේ පිළිතුරක් ලැබෙන තුරු බලා සිටියේද නැත. උන්වහන්සේ කායින්ට සියල්ල දන්නා බව මතක් කර දුන් සේක. මක්නිසාද ආබෙල්ගේ රුධිරයේ හඬ උන්වහන්සේ වෙත ළඟාවුන බැවිනි. (උත්පත්ති 4:10). එනම් දෙවියන්වහන්සේ මිනීමැරුම ගැන දන්නා බවත් එයට ප්‍රතිචාර දක්වන බවත් හැඟවීම සඳහාය. ආබෙල් භූමියේ සිටියි. එය වැටීම හා සම්බන්ධ කරන, එමෙන්ම ආදම්ට සිදුවන්නේ යයි ස්වාමීන්වහන්සේ ඔහු පැවසූ දෙය සමග ඇති සම්බන්ධතාවයකි. (උත්පත්ති 3:19).
උත්පත්ති 4:14 පාඨය කියවන්න. “මමද ඔබවහන්සේ ඉදිරියෙන් සැඟවෙන්නෙමි,”යි යනුවෙන් කායින් පැවසූ වදන් වල ඇති වැදගත්කම කුමක්ද?
එය එසේ වූයේ, ආබෙල්ගේ රුධිරය බිම වැගිරවූ බැවින්, දැන් එම භූමිය ශාප කරනු ලැබූ නිසාය. (උත්පත්ති 4:12). එහි ප්‍රතිඵලයක් ලෙස කායින්ව එපා කරනු ලැබූ අතර ඔහු දෙවියන්වහන්සේගෙන් ඈත්වූ සරණාගතයෙක් වූයේය. ඔහු දෙවියන්වහන්සේගේ පෙනී සිටීම වැදගත් බව හැඟෙන්නේ කායින්ට දෙවියන්වහන්සේගේ හඬ ඇසුණු විටදී පමණි. මක්නිසාද ඉන් තොරව ඔහු තම ජීවිතය ගැන බියවෙයි. කායින් තම සහෝදරයා මරා දැමීමෙන් පසු සහ එය ප්‍රතික්ෂේප කරනවිටදීත් ස්වාමීන්වහන්සේ තවමත් ඔහුට අනුකම්පාව දක්වන සේක. “කායින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටත්ව ගියද…..” (උත්පත්ති 4:16). ස්වාමීන්වහන්සේ යම් ආකාරයක ආරක්ෂාවක් තවමත් ලබාදෙන සේක. ස්ථිර වශයෙන්ම එම සලකුණ කුමක්වීද? (උත්පත්ති 4:15) යන වග අපට පවසා නැත. එහෙත් එය කුමක් වුවද, එය පැමිණියේ දෙවියන්වහන්සේ ඔහුට දැක්වූ අනුග්‍රහය නිසාය.
“මමද ඔබවහන්සේ ඉදිරියෙන් සැඟවෙන්නෙමි.” (උත්පත්ති 4:14). දෙවියන්වහන්සේ ඉදිරියෙන් සැඟවී ඇත්තේ කුමක්ද? ඕනෑම කෙනෙකුට එය කුමන ආකාරයේ ඛේදජනක අවස්ථාවක්ද! අපි පව්කාරයින් හැටියට එම අවස්ථාවෙන් වැලකී සිටිය හැක්කේ කෙසේද?
බ්‍රහස්පතින්දා
අප්‍රේල් 14
මිනිසාගේ කෲරත්වය
උත්පත්ති 4:17-24 පාඨ කියවන්න. කායින්ගේ උරුමය වූයේ කුමක්ද? එමෙන්ම කායින්ගේ අපරාධය මගින් මනුෂ්‍ය වර්ගයාගේ කෲරත්වය වර්ධනය වීමට මාර්ගය විවෘත කෙරෙන්නේ කෙසේද?
කායින්ගේ මුණුබුරාගෙත්, මුණුබුරාගෙත් මුණුබුරා, ලාමෙක් ඔහුගේම සම්බන්ධතාවය පිළිබඳ, කායින්ගේ අපරාධය ගැන සඳහන් කරයි. මෙම කායින්ගේ අපරාධය සහ ලාමෙක්ගේ අපරාධය අතර සැසඳීම උපදේශාත්මකය. කායින් ඔහුගේ අපරාධය පිළිබඳ වාර්තාව පිළිබඳ නිහඬව සිටි අතර, ලාමෙක් ඔහුගේ අපරාධය ගැන ගීතයකින් පුරසාරම් දොඩන බවක් පෙනේ. (උත්පත්ති 4:23, 24). කායින් අනුකම්පාව අයැද සිටියද, ලාමෙක් එසේ කරන බවක් වාර්තා කර නැත. දෙවියන්වහන්සේ කායින්ගෙන් එක්වරක් පළිගනු ලැබූ අතර, ලාමෙක් සිතන්නේ ඔහුගෙන් සැත්තෑවාර සතක් පළිගනු ලබන බවය. (උත්පත්ති 4:24). එනම් ඔහු තමාගේ වරද බොහෝ සෙයින් දන්නා බව හඟවන ඉඟියකි.
එපමණක් නොව කායින් එක භාර්යාවක් සමඟ ජීවත් වූවෙකි. (උත්පත්ති 4:17) ලාමෙක් බහු භාර්යා ක්‍රමය හඳුන්වා දෙන්නේය. මක්නිසාද ශුද්ධ ලියවිල්ල විශේෂිත ලෙස මෙසේ පවසන බැවිනි. “ලාමෙක් භාර්යාවන් දෙදෙනෙක් පාවා ගත්තේය.” (උත්පත්ති 4:19). මෙම කෲරත්වය උත්සන්න කිරීම සහ උසස් කොට දැක්වීම ස්ථිර වශයෙන්ම කායින්ගේ ඊළඟ පරම්පරාවට බලපානු ඇත.
මෙම කෲර සිදුවීමෙන් පසුව, කායින්ගේ පවුලේ යම් අළුත් සිදුවීමක් බයිබල් පාඨයෙන් වාර්තා කරයි. “ආදම් නැවත තමාගේ භාර්යාව ඇඳින ගත්තේය. (උත්පත්ති 4:25). එමෙන්ම ප්‍රතිඵලය වන්නේ සෙත්ගේ උපතයි. ඔහුට නම තබනු ලැබුවේ ඒව විසිනි. ඉන් අදහස් වන්නේ ආබෙල් වෙනුවට දෙවියන්වහන්සේ මට “වෙන වංශයක්” දුන් සේක යන්නයි.
එපමණක් නොව සෙත් යන නාමයේ ඉතිහාසය ආබෙල් යන නාමයට පෙරාතුව එයි. සෙත් යන නාම ඇතිවන්නේ “මම තබන්නෙමි” යන අර්ථය ඇති හෙබ්‍රෙව් වචනයෙනි. (උත්පත්ති 3:15). ඉන් මෙසියැනික් අනාවැකිය හඳුන්වා දෙයි. මෙම මෙසියැනික් පණිවිඩය සෙත්ගෙන් පැවත එන පරම්පරාවට අත්කර දෙන්නේය. එසේ නම් බයිබල් වාර්තාවෙන් සෙත්ගෙන් ආරම්භ වන මෙසියැනික් පරම්පරාව වාර්තා කෙරේ. (උත්පත්ති 5:3). එමෙන්ම ඒනොක් එක් කරමින් (උත්පත්ති 5:17) මෙතෙුසෙලා සහ නෝවාගෙන් අවසන් වෙයි. (උත්පත්ති 6:8).
“දෙවියන්වහන්සේගේ පුත්‍රයින්” යන වාක්‍යාංශය (උත්පත්ති 6:2) මගින් සඳහන් කරන්නේ සෙත්ගේ පරම්පරාවයි. මක්නිසාද ඔවුන් සැලසුම් කරනු ලැබුවේ දෙවියන්වහන්සේගේ ස්වරූපය ආරක්ෂාකර තැබීම සඳහා බැවිනි. (උත්පත්ති 5:1,4). අනෙක් පැත්තෙන් බලන විට, “මනුෂ්‍යයන්ගේ දූවරුත්,” (උත්පත්ති 6:2). වෙනත් අර්ථ දැක්වීමක් ඇත. එනම් දෙවියන්වහන්සේගේ ස්වරූපයේ පරම්පරාවේ සහ මනුෂ්‍යයන්ගේ ස්වරූපයේ පරම්පරාවේ ඇති වෙනසය. එමෙන්ම, මනුෂ්‍යත්වය යන්නාවූ වැරදි දිසාව පෙන්වමින් “දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ, මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තම තමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවා ගත්තෝය.” (උත්පත්ති 6:2).
උත්පත්ති 6:1-5 පාඨ කියවන්න. පාපයේ දූෂණය පිළිබඳ කුමන ආකාරයේ සාක්ෂියක්ද! අපගේ ජීවිත වලින් පාපය මුලිනුපුටා දැමීම සඳහා දෙවියන්වහන්සේගේ බලය තුළින් අපට කළ හැක.
සිකුරාදා
අප්‍රේල් 15
වැඩිදුර අධ්‍යයනය සඳහා කියවන්න: “ඒනොක් දෙවියන්වහන්සේ සමග හැසුරුනේය.” (උත්පත්ති 5:22, 24) මෙම නැවත නැවතත් ප්‍රකාශ කරන ලද වාක්‍යාංශය මගින් හඟවන්නේ දෙවියන්වහන්සේ සමඟ සමීප සහ දෛනික මිත්‍රත්වයයි. ඒනොක් දෙවියන්වහන්සේ සමග පැවැත්වූ සම්බන්ධතාවය කොතරම් විශේෂ වූයේද යත් උන්වහන්සේ “ඔහුව ගත් සේක.” (උත්පත්ති 5:24). මෙම අවසාන වාක්‍යාංශය, කෙසේ වෙතත්, ආදම්ගේ පරම්පරාවට විශේෂත්වයක් එක් කරයි. එමෙන්ම ඉන් “දෙවියන්වහන්සේ සමග හැසුරුණාවූ” අයට ජීවිතයෙන් පසුව ස්වර්ගයට යාමක් අදහස් නොකෙරේ. නෝවාත් දෙවියන්වහන්සේ සමග හැසුරුණ බව මතක තබාගන්න. (උත්පත්ති 6:9). එමෙන්ම ඔහු අන් සියළු මනුෂ්‍යයින් මෙන් මිය ගියේය. එයට ආදම් සහ මෙතුසෙලාද ඇතුළත්ය. මෙම විශේෂ අනුග්‍රහය ලබාදීමට හේතුවූ කාරණයක් දී නොමැති බවද සැලකිය යුතුය. “ඒනොක්, ඔහුට දෙවියන්වහන්සේ එළිදරව් කළ දේවල් මිනිසුන්ට දැනගැනීමට සලස්වමින් ධර්මිෂ්ඨකමේ දේශකයෙක් බවට පත්විය. ස්වාමීන්වහන්සේට බියවූ අය මෙම ශුද්ධවන්ත නාමය පිළිබඳ සොයා ඔහුගේ උපදෙස් සහ යාච්ඤා පිළිබඳ උපදෙස් බෙදා ගැනීමට මාර්ග සෙවූහ. ඔහු ප්‍රසිද්ධවද සේවය කළේය. අනතුරු අඟවන වචන අසන්නා වූ අයට ඔහු දෙවියන්වහන්සේගේ පණිවිඩ ප්‍රකාශ කළේය. ඔහුගේ සේවය සෙත්ගේ පරපුරේ අයට සීමා නොවීය. කායින් දෙවියන්වහන්සේගෙන් පැන යාමට මාර්ග සෙවූ දේශය තුළ, දෙවියන්වහන්සේගේ ප්‍රොපේතවරයා ඔහුට දර්ශනය වූ පුදුමාකාර දර්ශන පිළිබඳ එළිදරව් කළේය. “….. අභක්තික පව්කාරයින් විසින් උන්වහන්සේට විරුද්ධව කථා කළාවූ සියළු කර්කශදේ ගැනත්, ඔවුන් වරදට පත් කරන්ටද, ස්වාමීන්වහන්සේ ස්වකීය දස දහස් ගණන් ශුද්ධවන්තයන් සමග ආසේකැයි කීවේය.” (යූදස් 14, 15). —Ellen G. White, Patriarchs and Prophets, p. 86.
සාකච්ඡාව සඳහා ප්‍රශ්න :
- කායින් ඔහුගේ සහෝදරයා මැරුවේ ඇයි? එලී වීසල්ගේ ප්‍රකාශය කියවා බලන්න: “ඔහු එසේ කළේ මන්ද? සමහරවිට ඔහුට තනිවම ජීවත් වන්නට අවශ්‍ය වේ: එකම දරුවා සහ ඔහුගේ දෙමවුපියන්ගේ මරණින් පසු එකම මිනිසා ඔහුය. දෙවියන්වහන්සේ මෙන් සමහරවිට උන්වහන්සේගේ ස්ථානයේ තනිවම ….. කායින් මැරුවේ දෙවියන්වහන්සේ මෙන් වීමටය…. දෙවියන්වහන්සේගේ ස්ථානය ගන්නා ඕනෑම කෙනෙක් මිනී මැරීමෙන් අවසන් වෙයි.” දෙවියන්වහන්සේගේ දූතයින්, පි. —Messengers of God: Biblical Portraits and Legends (New York: Random House, 1976), p. 58. අපි මිනීමැරීම වැනි අපරාධ නොළද, කායින්ගේ ආකල්ප පිළිබිඹු නොකිරීමට කෙසේ ප්‍රවේසම් වෙමුද?
- ආදි කල්පිතයන්ගේ ආයු ප්‍රමාණය කුල දෙටුවන්ගේ ආයු ප්‍රමාණය සමග සංසන්දනය කරන්න. මනුෂ්‍ය ජීවිතයේ ආයු අඩුවීම අපි කෙසේ විස්තර කරමුද? මෙම පිරිහීම නූතන ඩාර්වින් වාදයට විරුද්ධව කථා කරන්නේ කෙසේද?