9 පාඩම
පෙබරවාරි 19-25
යේසුස්වහන්සේ, අංග සම්පූර්ණ පූජාව

සබත්දින පස්වරුවේ:
මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න. හෙබ්‍රෙව් 9:15; උත්පත්ති 15:16-21; යෙරෙමියා 34:8-22; එපීස 3:14-19; හෙබ්‍රෙව් 7:27; හෙබ්‍රෙව් 10:10; හෙබ්‍රෙව් 9:22-28.
කටපාඩම් පදය: “මක්නිසාද උන්වහන්සේ පිරිසිදු කරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළසේක.” (හෙබ්‍රෙව් 10:14).
වරදට පත්ව කුරුසියේ ඇණගසනු ලැබූ මිනිසෙකුව දෙවියන්වහන්සේට මෙන් නමස්කාර කළ යුතු බව පුරාණයේ සිත්වලට වරදක් කළා හා සමානවේ. රෝම සාහිත්‍යයේ විටින් විට කුරුසිය පිළිබඳ විරල සඳහන් කිරීම් අනුව ඒ අදහස පිළිබඳ ඔවුන්ගේ අකැමැත්ත පෙන්නුම් කරයි. යුදෙව්වන්ට, ව්‍යවස්ථාව මගින් ප්‍රකාශව තිබුණේ, “ගසක එල්ලනු ලබන තැනැත්තේ ශාප ලද්දේය” යන්නයි. (ද්විතීය කථාව 21:23).
මේ ආකාරයෙන් උමං සොහොන්වල අපට හමුවන මෝස්තර වන්නේ, මොනරා (අමරණීයත්වය සංකේත කරන බව සිතන), පරෙවියෙක්, ක්‍රීඩකයෙකුගේ ජයග්‍රහණය ප්‍රකාශ කරන තල් අත්තක් සහ මාළුවාය. පසුව වෙනත් තේමාවන් දකින්නට ලැබුණේ : නෝවාගේ නැව, ආබ්‍රහම් ඊසාක් වෙනුවට බැටළු පැටවෙකු පූජා කිරීම, සිංහ ගුහාව තුළ දානියෙල්, මාළුවා විසින් වැමෑරූ යෝනා, එඬේරෙක් බැටළු පැටවෙක් ඔසවාගෙන සිටීම හෝ අංශභාග රෝගියා සුව කිරීම සහ ලාසරස්ව උත්ථාන කිරීම වැනි හාස්කම් නිරූපණය කිරීම වැනි දේවල්ය. මේවා ගැළවීමේ ජයග්‍රහණයේ සහ රැකවරණයේ සංකේත විය. අනෙක් අතින් බලන විට කුරුසිය මගින් පරාජය සහ ලැජ්ජාව පිළිබඳ හැඟීම ප්‍රකාශ කරනු ලැබීය. එසේ වුවද ක්‍රිස්තියානි ධර්මයේ ලාංඡනය වූයේ එයයි. එපමණක් නොව පාවුල් ශුභාරංචිය හැඳින්වූයේ නිකම්ම, “කුරුසියේ වචනය” යනුවෙනි. (1 කොරින්ති 1:18).
මේ සතියේදී හෙබ්‍රෙව් ලිපියේ පෙනෙන ආකාරයට අපි කුරුසිය දෙස බලමු.
- පෙබරවාරි 26 සබත් දවසට සූදානම් වීම පිණිස මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න.
ඉරිදා
පෙබරවාරි 20
පූජා අවශ්‍ය වූයේ මන්ද?
හෙබ්‍රෙව් 9:15 පාඨයේ විස්තර කරන අන්දමට යේසුස්වහන්සේගේ පූජාවක් ලෙසට පත්වීම තුළ, “….. එසේ වන්නේ පළමුවැනි ගිවිසුමේ කාලයේදී කළ වරද වලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධ වූ බැවින්, කැඳවූ ලැබුවාවූ තැනැත්තන්ට සදාකාල උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිසය” යන අරමුණු තිබුණි.
පැරණි නැගෙනහිර දේශයේ පුද්ගලයින් දෙදෙනෙකු හෝ ජාතීන් දෙකක් අතර ගිවිසුමක් බරපතල කාරණාවක් වෙයි. එයට දිවුරුම යටතේ පොරොන්දු හුවමාරු කරගැනීමක් ඇතුළත් වේ. එම දිවුරුම කැඩූ අයට දෙවිවරුන් දඬුවම් කරතියි උපකල්පනය කිරීම අදාළ වේ. බොහෝ විට මෙම ගිවිසුම් සිවුපාවෙකු පූජා කිරීම තුළින් අනුමත කරනු ලැබේ.
උදාහරණයක් ලෙස, දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමග ගිවිසුමක් ඇති කරගත්විටදී, එම උත්සවයට සිවුපාවුන් දෙකට කැපීම ඇතුළත් විය. (උත්පත්ති 15:6-21). එයට සම්බන්ධවන අය ඒ අතරින් ඇවිද යන්නේ ගිවිසුම කඩ කළාවූ අයගේ ඉරණම එම සිවුපාවුන් විසින් පිළිගත් බව ප්‍රකාශ කරන අන්දමටය. එම සිවුපාවුන් අතරින් ඇවිද යන්නේ සුවිශේෂී වූ දෙවියන්වහන්සේ පමණි. එනම් ආබ්‍රහම්ට නැවත ඔහු උන්වහන්සේගේ පොරොන්දු නොකඩන ලෙසට දැනුම්දීම සඳහාය.
උත්පත්ති 15:6-21 පාඨ සහ යෙරෙමියා 34:8-22 පාඨ සංසන්දනය කරන්න. මෙම පාඨ ගිවිසුම ගැන උගන්වන්නේ කුමක්ද?
දෙවියන්වහන්සේ සමග ඇති කරගත් ගිවිසුම මගින් ඉශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ උරුමය වන පොරොන්දු දේශයට ඇතුල්වීමට අවස්ථාව ලැබුණි. කෙසේවෙතත්, එයට පනත් කිහිපයක් සහ අල්තාරය පිට රුධිරය ඉසීමත් ඇතුළත් විය. මෙම ඉසීම ගිවිසුම කඩ කළාවූ පක්ෂයේ අවසානය ඇඟවීය. හෙබ්‍රෙව් ලිපිය, “…. ලේ වැගිරීමක් නැතිව ක්ෂමා කිරීමකුත් නැත.” (හෙබ්‍රෙව් 9:22) යනුවෙන් පවසන්නේ මේ නිසාය.
ඉශ්‍රායෙල්වරුන් ගිවිසුම කඩ කළවිටදී දෙවියන්වහන්සේ උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දුන්සේක. ගිවිසුම මගින් එය කඩකළාවූ අයගේ මරණය ඉල්ලා සිටියේය. එහෙත් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟට ප්‍රේම කළසේක. දෙවියන්වහන්සේ වෙනත් අතකට හැරුණොත් හෝ කඩ කළ අයට දඬුවම් දීම ප්‍රතික්ෂේප කළේ නම් උන්වහන්සේගේ ව්‍යවස්ථාව කිසිදිනක බලාත්මක නොවනු ඇත. එමෙන්ම මේ ලෝකය ගැටළුවලට මුහුණ පානවා විය හැකිය.
කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ආදේශකයක් වීමට ඉදිරිපත් වූසේක. අපගේ ස්ථානය රැගෙන අප වෙනුවෙන් උන්වහන්සේ දිවි පිදූ බැවින්, “….. අපි සදාකාල උරුමයේ පොරොන්දුව ලබන්නෙමු.” (හෙබ්‍රෙව් 9:15, 26; රෝම 3:21-26). එනම් උන්වහන්සේගේ පනතේ ශුද්ධවන්ත බව ඔසවා තබන්නට යනසේක. ඒ අතරතුරේදී පනත් කඩ කළ අයව මුදාගැනීමද කරන සේක. එමෙන්ම උන්වහන්සේට මෙය කළ හැකි වූයේ කුරුසිය තුළිනි.
ශුභාරංචියට ව්‍යවස්ථාව එතරම් වැදගත් වන්නේ මන්ද යන්න මෙහිදී අපට කෙසේ දැකිය හැකිද?
සඳුදා
පෙබරවාරි 21
විවිධ වර්ගයේ පූජා
යේසුස්වහන්සේගේ මරණය මගින් අපට පාපයට කමාව නොහොත් බල නොපැවැත්වීම ලබා දුනි. කෙසේවෙතත් බල නොපැවැත්වීම මගින් අපගේ පාපයට දඬුවම අවලංගු කර දැමීමට වඩා යමක් ඇත. එයට ඒ හා සමානව වැදගත්කමක් ඇති වෙනත් මූලාශ්‍රද එක්වේ. ඉශ්‍රායෙල්වරුන්ගේ පුජා ක්‍රම තුළ විවිධ පූජා වර්ග තිබුණේ එබැවිනි. ඒ සෑම එකක්ම ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ අර්ථයේ ඇති වටිනාකම විස්තර කිරීමට අවශ්‍ය විය.
එපීස 3:14-19 පාඨ කියවන්න. විශ්වාසවන්තයින් වෙනුවෙන් පාවුල්ගේ යාච්ඤා ඉල්ලීම කුමක් වීද?
සමූල ඝාතනය (හෝ දවන පූජාව) පූජාවට අනුව මුළු සිවුපාවාවම අල්තාරය මත පුළුස්සා දැමිය යුතුය. (ලෙවී කථාව 1) එමගින්, අප වෙනුවෙන් මුළු ජීවිතයම පිදුවාවූ යේසුස්වහන්සේව නියෝජනය කෙරේ. පාපය දුරු කිරීමේදී අප වෙනුවේ යේසුස්වහන්සේගේ සම්පූර්ණ කැපවීම අවශ්‍ය විය. උන්වහන්සේ දෙවියන්වහන්සේ හා සමාන වුවද, “එය ඉවත් කර, හිස්වූ පුද්ගලයෙක් බවට පත්වූ සේක.” (පිලිප්පි 2:5-8).
ධාන්‍ය පූජාව මිනිසුන්ගේ පැවැත්ම සඳහා දෙවියන්වහන්සේගේ සැපයීම වෙනුවෙන් කෘතඥතාවය පල කිරීමේ දීමනාවකි. (ලෙවී කථාව 2). ඉන් යේසුස්වහන්සේවද “ජීවන රොටි” නියෝජන කරයි. (යොහන් 6:35; 48). එනම් අපට සදාකාල ජීවනය ලැබෙන්නේ උන්වහන්සේ තුළිනි.
සමාදානයේ හෝ සහෝදරත්වයේ පූජාව මගින් මිතුරන් සහ පවුලේ අය සමග වාර්ගික ආහාර වේලක් භුක්ති විඳීම මගින් දෙවියන්වහන්සේ විසින් අප වෙනුවෙන් සපයන ලද ශුභ සාධනය සමරනු ලැබේ. (ලෙවී කථාව 3). එය ක්‍රිස්තුස්වහන්සේව නියෝජනය කළ අතර, උන්වහන්සේගේ පූජාව මගින් අපට සාමය ලබා දුනි. (යෙසායා 53:5; රෝම 5:1; එපීස 2:14). එය අවධාරණය කරන්නේ, අපද යේසුස්වහන්සේගේ පූජාවට සහභාගි විය යුතු බව වන අතර, උන්වහන්සේගේ මාංශය අනුභව කරමින් සහ උන්වහන්සේගේ රුධිරය පානය කිරීම මගින් එය කළ යුතුය. (යොහන් 6:51-56).
පාපය හෝ පවිත්‍ර කිරීම සඳහා පූජාවන් මගින් පාපය දුරු කරනු ලැබේ. (ලෙවී කථාව 4:1-5:13). මෙම පූජාව මගින් සිවුපාවාගේ රුධිරය මගින් කෙරෙන කාර්යය අවධාරණය කරන ලදී. එමගින් එම සතාගේ ජීවිතය නියෝජනය කරයි. එනම් පාපයෙන් මිදීම ලබාදීම (ලෙවී කථාව 17:11) සහ අපව අපගේ පාප වලින් මුදා ගැනීම කළාවූ යේසුස්වහන්සේගේ රුධිරය වෙත යොමු කළේය. (මතෙව් 26:28; රෝම 3:25; හෙබ්‍රෙව් 9:14).
දෝෂය හෝ වන්දි ගෙවීම සඳහා (ලෙවී කථාව 5:14-6:7) කරන පූජාවේදී, කමාව ලබා දෙන්නේ, වන්දි ගෙවීමට හෝ ප්‍රතිස්ථාපනය කළ හැකිවූ විටදීය. ඉන් කියැවෙන්නේ, අපව දෙවියන්වහන්සේගේ කමාව මගින් අපගේ වගකීමෙන් නිදහස් නොකරනු ලබන බවය. එනම් අපි වැරදි කළාවූ අයට වන්දි ගෙවීමේ සහ ප්‍රතිස්ථාපනය කිරීමේ වගකීමය.
ශුද්ධස්ථානයේ පූජා මගින් අපට උගන්වන්නේ, ගැළවීමේ අත්දැකීම යේසුස්වහන්සේ අප වෙනුවෙන් ආදේශයක් ලෙස පිළිගන්නවාට වැඩි දෙයකි. අපි උන්වහන්සේ තුළ භුක්ති විඳිය යුතුද වෙමු. උන්වහන්සේගේ ප්‍රතිලාභ අන් අය සමග බෙදාගැනීම, සහ අපි වැරදි කළාවූ අයට ප්‍රතිස්ථාපනය කිරීමද අවශ්‍යවේ.
අඟහරුවාදා
පෙබරවාරි 22
යේසුස්වහන්සේගේ අංග සම්පූර්ණ පූජාව
හෙබ්‍රෙව් 7:27 සහ හෙබ්‍රෙව් 10:10 පාඨ කියවන්න. මෙම ඡේද වලින් යේසුස් වහන්සේගේ පූජාව විස්තර කරන්නේ කෙසේද?
ලෙවී පූජකවරු “තවද ඔවුන්ට මරණය නිසා පවතින්ට බැරි බැවින් ඔවුහු ගණනින් බොහෝ පූජකයෝව සිටිති.” (හෙබ්‍රෙව් 7:23) ඔවුන් යේසුස්වහන්සේට වඩා වෙනස් වූහ. උන්වහන්සේ සදහටම ජීවත් වන අතර සදාකාලික පූජක ධූරයක් උන්වහන්සේට ඇත. (හෙබ්‍රෙව් 7:24). ලෙවී පූජකවරු “දිනපතා” (හෙබ්‍රෙව් 7:27) සහ “සෑම වසරකම” (හෙබ්‍රෙව් 9:25) “…. සේවය කරන්නා සම්පූර්ණ කරන්ට නොහැකි වූ පඬුරු සහ පූජා ඔප්පු කරනු ලබන්නේය.” (හෙබ්‍රෙව් 9:9; හෙබ්‍රෙව් 10:1-4).
යේසුස්වහන්සේ, කෙසේවෙතත්, “එකම වරක්” “එක පූජාවක්” ඔප්පු කළසේක. (හෙබ්‍රෙව් 10:10; 12-14) එමගින් අපගේ හෘද සාක්ෂිය පවිත්‍ර කරයි. (හෙබ්‍රෙව් 9:14; හෙබ්‍රෙව් 10:1-10) සහ පාපය තුරන් කරන සේක. (හෙබ්‍රෙව් 9:26). යේසුස්වහන්සේගේ පූජාව, සිවුපාවුන් පූජා කිරීමට වඩා ශ්‍රේෂ්ඨය. මක්නිසාද යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය. (හෙබ්‍රෙව් 7:26-28), උන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත අංග සම්පූර්ණ ලෙස ඉෂ්ට කළසේක. (හෙබ්‍රෙව් 10:5-10).
යේසුස්වහන්සේගේ පූජාව “එකම වරක්” සිදුවීම තුළ වැදගත් ඇඟවීම් කිහිපයක් ඇත.
පළමුව, යේසුස්වහන්සේගේ පූජාව අංග සම්පූර්ණ ලෙස ඵලදායී වන අතර කිසිවිටක, ඉක්මවා යා නොහැකිය. ලෙවී පූජකවරුන්ගේ පූජා නැවත නැවතත් ඔප්පු කළ යුතු විය. මක්නිසාද ඒවා ඵලදායී නොවූ බැවිනි. “පුළුවන් නම්, නමස්කාර කරන්නන් වරක් පවිත්‍ර කරන ලදුව, පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින් ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේ නැද්ද?” (හෙබ්‍රෙව් 10:2).
දෙවනුව පැරණි ගිවිසුමේ සියළුම විවිධ වර්ගයේ පූජාවල ඉෂ්ට වීම සිදුවූයේ කුරුසියේදීය. මේ ආකාරයෙන් යේසුස්වහන්සේ අපව පාපයෙන් පවිත්‍ර කරනවා පමණක් නොව, (හෙබ්‍රෙව් 9:14), උන්වහන්සේ විශුද්ධත්වය ලබාදෙන සේක. (හෙබ්‍රෙව් 10:10-14). එනම් අපගේ ජීවිත වලින් පාපය ඉවත් කිරීම මගිනි. (හෙබ්‍රෙව් 9:26). පූජකවරු ශුද්ධස්ථානයේදී දෙවියන්වහන්සේ වෙතට ළඟාවීමට පෙර, සහ ඔවුන්ගේ මනුෂ්‍යයින් වෙනුවෙන් දේව මෙහෙය ඉටු කිරීමට පෙර, ඔවුන් පවිත්‍රවී හෝ කැපවී සිටිය යුතුය. (ලෙවී කථාව 8 සහ 9 වැනි පරිච්ඡේද). යේසුස්වහන්සේගේ පූජාව අපව පවිත්‍ර කොට කැප කළයුතුය. (හෙබ්‍රෙව් 10:10-14). ඒ අනුව අපට විශ්වාසයෙන් යුක්තව දෙවියන්වහන්සේ වෙතට ළඟා විය හැකිය. (හෙබ්‍රෙව් 10:19-23). එමෙන්ම උන්වහන්සේට “රාජකීය පූජක ධූරයක්” ලෙස සේවය කළ හැකිය. (හෙබ්‍රෙව් 9:14; 1 පේත්‍රැස් 2:9).
අවසාන වශයෙන් යේසුස්වහන්සේගේ පූජාව අපගේ ආත්මික ජීවිතයට පෝෂණය ලබා දෙයි. අපි විමසිල්ලෙන් බලා අනුගමනය කළයුතු ආදර්ශයක් එය අපට සපයා දෙයි. මේ ආකාරයෙන් යේසුස්වහන්සේ වෙත අපගේ දෑස් යොමුකරන මෙන් හෙබ්‍රෙව් ලිපිය අපට ආරාධනා කරයි. විශේෂයෙන් කුරුසියේ සිදුවීම් වෙත දෑස් යොමු කොට උන්වහන්සේගේ මගපෙන්වීම අනුගමනය කරන ලෙසය. (හෙබ්‍රෙව් 12:1-4 හෙබ්‍රෙව් 13:12,13).
දෙවියන්වහන්සේ අපට සපයන ප්‍රතිලාභ වල පදනම වන්නේ කුරුසියයි. එය පාපයෙන් පවිත්‍ර කරන අතර, සේවය කිරීම සඳහා විශුද්ධිකරණයත්, වර්ධනය වීමට අවශ්‍ය පෝෂණයත් සපයා දෙයි. යේසුස්වහන්සේ තුළ අපට දී ඇති දේවල් අපි වඩා හොඳින් කෙසේ අත්දකිමුද?
බදාදා
පෙබරවාරි 23
කුරුසිය සහ කමාවේ මිල (වටිනාකම)
හෙබ්‍රෙව් 9:22-28 පාඨ කියවන්න. ස්වර්ගීය ශුද්ධස්ථානයේ ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යය පිළිබඳ මෙම ඡේදය මගින් කුමක් පවසයිද?
ස්වර්ගීය ශුද්ධස්ථානය පවිත්‍ර කළ යුතුය යන අදහස පැරණි ගිවිසුමේ ශුද්ධස්ථානය පිළිබඳ අදහස හා සම්බන්ධ වෙයි. ශුද්ධස්ථානය දෙවියන් වහන්සේගේ පාලනයේ සංකේතයකි. (1 සාමුවෙල් 4:4; 2 සාමුවෙල් 6:2). එමෙන්ම දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මිනිසුන්ගේ පාප ගැන කටයුතු කරන ආකාරය. උන්වහන්සේගේ පාලනයේ ධර්මිෂ්ඨතාවය පිළිබඳ මහජන මතයට බලපායි. (ගීතාවලිය 97:2). පාලකයාණන් ලෙස දෙවියන්වහන්සේගේ මිනිසුන්ගේ විනිසුරුවරයා වන්නේ දෙවියන්වහන්සේය. එමෙන්ම උන්වහන්සේ සාධාරණ විය යුතුය. එනම් අහිංසක අයව සනාථ කරමින්, වරදකරුවන් ප්‍රතික්ෂේප කරමිනි. මේ ආකාරයෙන් දෙවියන්වහන්සේ පව්කාරයාට නිදහස ලබා දීමේදී උන්වහන්සේ අධිකරණ වගකීම් දරන සේක. දෙවියන්වහන්සේගේ චරිතය සහ පාලනය නියෝජනය කරන ශුද්ධස්ථානය දූෂිත වෙයි. දෙවියන් වහන්සේ කමාව ලබාදෙන විටදී උන්වහන්සේ අපගේ පාප බර දරන්නේ ඇයිද යන්න මින් විස්තර වේ. (නික්මයාම 34:7; ගණන් කථාව 14:17-19). “කමාව දීම” යන්නට යෙදෙන පැරණි හෙබ්‍රෙව් වචනයේ අර්ථය වන්නේ “ඔසවා ගැනීම හෝ උසුලා ගැනීම” යන්නයි.
ඉශ්‍රායෙල් ශුද්ධස්ථානයේ පූජා ක්‍රම මගින් මෙම කරුණ පැහැදිලි කර දෙයි. පුද්ගලයෙක් කමාව බලාපොරොත්තු වන විට, ඔහු වෙනුවෙන් පූජාවක් ලෙස සිවුපාවෙක් ගෙනැවිත්, එම සතා පිට තම පාපොච්ඡාරණය කොට මරා දැමීය. සිවුපාවාගේ රුධිරය පූජාසනයේ අං වල තවරා හෝ දේවමාළිගයේ ඉදිරි කොටසේ තිරය ඉදිරියේ ඒවා ඉසිනු ලැබේ. මේ ආකාරයෙන් පාපය සංකේතාත්මක ලෙස ශුද්ධස්ථානයට මාරු කරනු ලැබේ. දෙවියන්වහන්සේ මිනිසුන්ගේ පාප රැගෙන උන්වහන්සේ ඒවා දැරූ, ඉසිලූ සේක.
ඉශ්‍රායෙල් ක්‍රමයට අනුව පාපවලින් පවිත්‍ර වීම හෝ පාපවලට කමාව ලබාදීම අදියර දෙකකින් සිදුවිය. වසර පුරා පශ්චත්තාපවූ පව්කරුවෝ ශුද්ධස්ථානයට පූජා රැගෙන ආහ. එමගින් ඔවුන් පාපවලින් පවිත්‍ර කරනු ලබන අතර, එහෙත් ඔවුන්ගේ පාප ශුද්ධස්ථානයට එනම් දෙවියන්වහන්සේ වෙතටම මාරුකර දමනු ලැබේ. වසර අවසානයේදී, සමගි කිරීමේ දවස එනම්, විනිශ්චය දවසේදී දෙවියන්වහන්සේ ශුද්ධස්ථානය පවිත්‍ර කරන සේක. දෙවියන්වහන්සේ ශුද්ධස්ථානයේ පව් “අසාසෙල්” (Azazel) නමැති එළුවාට මාරුකර (සාතන්), උන්වහන්සේගේ අධිකරණ වගකීමෙන් ඉවත්ව, ශුද්ධස්ථානය පවිත්‍ර කරන සේක. (ලෙවී කථාව 16:15-22).
මෙලොව ශුද්ධස්ථානයේ කොටස් (කාමර) දෙක මගින් නියෝජනය කරන අදියර දෙකේ ක්‍රමය, (එනම් ස්වර්ගීය ශුද්ධස්ථානයේ සැලසුම් ප්‍රකාරයට) (නික්මයාම 25:9; හෙබ්‍රෙව් 8:5) දෙවියන්වහන්සේට එක්වරම අනුකම්පාව සහ යුක්තිය පෙන්වීමට අවසර ලබා දුනි. අවුරුද්ද තුළදී පාපොච්ඡාරණය කළාවූ අය දෙවියන්වහන්සේට පක්ෂපාතිත්වය පෙන්වූහ. එසේ කළේ සමගි කරන දවසේදී, ගාම්භීර ලෙස විවේක ගනිමින් ඔවුන්ට පීඩා කරගනිමිනි. (ලෙවී කථාව 16:29-31). පක්ෂපාතිත්වය නොදැක්වූ අය “සිඳ දමනු” ලබන්නේය. (ලෙවී කථාව 23:27–32).
ඔබගේ පාපවලට සාධාරණ දඬුවමක් ලැබුණු විට ඔබ කුමන අන්දමේ දෙයකට මුහුණ දෙන්නේදැයි සිතන්න. ක්‍රිස්තුස්වහන්සේ ඔබ වෙනුවෙන් කළාවූ දෙය අවබෝධ කරගැනීමට එම සත්‍යය කෙසේ ඔබට උපකාර කරයිද?
බ්‍රහස්පතින්දා
පෙබරවාරි 24
විනිශ්චය සහ දෙවියන්වහන්සේගේ චරිතය
රෝම 3:21-26 රෝම 1:16,17 සහ රෝම 5:8 පාඨ කියවන්න. අපගේ පාප වෙනුවෙන්, කුරුසිය මත ලබා දුන් ගැළවීම මගින් දෙවියන්වහන්සේ පිළිබඳ කුමක් එළිදරව් කළේද?
අපගේ පාපවලට කමාව මගින් ස්වර්ගීය ශුද්ධස්ථානයේ කොටස් දෙක (කාමර) තුළ යේසුස්වහන්සේගේ මැදිහත්කාරකමේ අදියර දෙක අදාළ කරයි. පළමුව යේසුස්වහන්සේ අපගේ පාප ඉවත් කොට උන්වහන්සේම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියළුදෙනාටම කමාව ගැනීම සඳහා කුරුසිය මතට ඔසවාගෙන ගියසේක. (ක්‍රියා 2:38; 5:31). යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන ඕනෑම අයෙකුට කමාවදීමේ අයිතිය උන්වහන්සේ කුරුසිය මතදී දිනාගත් සේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ පාප උසුලාගත් නිසාය. උන්වහන්සේ නව ගිවිසුමක්ද ආරම්භ කළසේක. එනම් ඇදහිලිවන්තයින්ගේ හදවත් තුළ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඇති කිරීමට අවසර ලැබුණි. (හෙබ්‍රෙව් 8:10-12, එසකියෙල් 36:25-27).
යේසුස්වහන්සේගේ සේවයේ දෙවන අදියර සමන්විත වන්නේ, විනිශ්චයක්, දෙවැනි පැමිණීමට පෙර විනිශ්චය, එනම් හෙබ්‍රෙව් ලිපියේ පෙන්වා දෙන කරුණු අනුව තවමත් අනාගත සිද්ධියකි. (හෙබ්‍රෙව් 2:1-4; හෙබ්‍රෙව් 6:2; හෙබ්‍රෙව් 9:27, 28; හෙබ්‍රෙව් 10:25). මෙම විනිශ්චය ආරම්භ වන්නේ දෙවියන් වහන්සේගේ මිනිසුන් සමග වන අතර, එය දානියෙල් 7:9-27; මතෙව් 22:1-14 සහ එළිදරව් 14:7 පාඨවල විස්තර කර ඇත. එහි අරමුණ වන්නේ දෙවියන් වහන්සේගේ මිනිසුන්ට උන්වහන්සේගේ කමාව දානය කිරීමේ ධර්මිෂ්ඨකම පෙන්වීමය. මෙම විනිශ්චයේදී ඔවුන්ගේ ජීවිතවල වාර්තා විශ්වයට දැකිය හැකි ආකාරයෙන් විවෘත වන්නේය. දෙවියන්වහන්සේ ඇදහිලිවන්තයින්ගේ හදවත් තුළ කුමක් සිදුවුණිදැයි පෙන්වයි. එමෙන්ම ඔවුන්ගේ ගැළවුම්කාරයාණන් ලෙස ඔවුන් යේසුස්වහන්සේව වැළඳගෙන උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔවුන්ගේ ජීවිතයට පිළිගන්නේ කෙසේද යන්න පෙන්වා දෙයි.
මෙම විනිශ්චය ගැන කථා කරන එලන් ජී වයිට් මහත්මිය මෙසේ ලීවාය: “මෙම අභියෝගවලට මිනිසාට තනිවම මුහුණ දිය නොහැකිය. ඔහුගේ පාපයෙන් කැළැල්වූ ඇඳුමෙන්, ඔහුගේ වරද පාපොච්ඡාරණය කරමින් ඔහු දෙවියන්වහන්සේ ඉදිරිපිට සිටගෙන සිටියි. එහෙත් යේසුස්වහන්සේ නමැති විනිශ්චයකාරයාණන්, පශ්චත්තාපවීමෙන් සහ ඇදහිල්ලෙන් යුක්තව තම ආත්ම රැකබලාගැනීම සඳහා උන්වහන්සේට කැප කළාවූ අය වෙනුවෙන් ඵලදායී ආයාචනයක් ඉදිරිපත් කරන සේක. ඔවුන් වෙනුවෙන් කන්නලව් කරන උන්වහන්සේ ඔවුන්ට වරද පටවන්නාව කල්වරිය පිළිබඳ බලවත් තර්කය මගින් විනාශ කර දමන සේක. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට උන්වහන්සේගේ අංගසම්පූර්න කීකරුකම, කුරුසිය දක්වා මරණය තෙක් පවා එමගින් උන්වහන්සේට ස්වර්ගයේ සහ පොළොවේ සියළු බලය ලබාදී ඇත. එමෙන්ම උන්වහන්සේ වැරදි කළාවූ මිනිසා වෙනුවෙන් අනුකම්පාව සහ සංහිඳියාව ඉල්ලා සිටිසේක. එහෙත් අපි අපගේ පාපකාරී තත්වය අවබෝධ කරගත යුතු අතර, අපගේ ධර්මිෂ්ඨකම, අපගේ විශුද්ධිකරණය සහ අපගේ ගැළවීම පිළිබඳ ක්‍රිස්තුස්වහන්සේ මත රඳා සිටිය යුතුය. සාතන් අප වෙනුවෙන් කරන චෝදනා වලට පිළිතුරු දිය නොහැකිය. අප වෙනුවෙන් සාර්ථක ආයාචනයක් කළ හැක්කේ ක්‍රිස්තුස්වහන්සේට පමණි. අපිට යහපතක් වන්නාවූ නොව එහෙත් ඔහු වෙනුවෙන් යහපතක් සලසන ආකාරයේ තර්ක ඉදිරිපත් කරමින් වරද පවරන තනැත්තාව නිශ්ශබ්ද කිරීමට ඔහුට හැකිය. —Testimonies for the Church, vol. 5, pp. 471, 472.
අප වෙනුවෙන් කුරුසිය සහ යේසුස්වහන්සේගේ සේවය මගින්, අපි විනිශ්චය දෙස බැලිය යුත්තේ, විශ්වාසවන්තව සහ යටහත් පහත් භාවයෙන් සහ පශ්චත්තාපවීමෙන් යනුවෙන් පවසන්නේ ඇයි?
සිකුරාදා
පෙබරවාරි 25
වැඩිදුර අධ්‍යයනය සඳහා: එලන් ජී. වයිට් “කල්වාරිය” “Calvary,” pp. 741–757; ” ‘It Is Finished,’ ” “එය නිමා විය” pp. 758–764, in The Desire of Ages. කියවන්න.
“ජිරි මොස්කාලා” මහාචාර්යවරයා යේසුස්වහන්සේ පැමිණීමට පෙර සිදුවන විනිශ්චයේ ස්වභාවය විස්තර කළේය. සාප්පුවක ජනේලයක් තුළ මෙන් මාගේ පව් ප්‍රදර්ශනය කිරීම සඳහා දෙවියන්වහන්සේ නොසිටින සේක. උන්වහන්සේ ඊට වෙනස් ආකාරයකින් උන්වහන්සේගේ පුදුමාකාර, වෙනස් කරන්නාවූ බලසම්පන්න මහිමය වෙත මුලින්ම යොමුකරන සේක. එමෙන්ම මුලු විශ්වයම ඉදිරියේ උන්වහන්සේ මගේ මුළු ජීවිතයේම සත්‍ය සාක්ෂිය වන සේක. උන්වහන්සේ දෙවියන්වහන්සේ කෙරෙහි මගේ ආකල්ප විස්තර කර, මගේ අභ්‍යන්තර බලාපොරොත්තු, මගේ සිතුවිලි, මගේ ක්‍රියා, මා තුළ ජීවිතය පිළිබඳ මගේ අවබෝධය සහ දිශාව මට විස්තර කරදෙන සේක. උන්වහන්සේ ඒ සියළුම දේවල් පැහැදිලි කරදෙන සේක. මම බොහෝ වැරදි කළ බවත්, මම උන්වහන්සේගේ ශුද්ධවූ ව්‍යවස්ථාව කඩ කළ බවත්, මට විස්තර කර දෙන අතර, එහෙත් මම පසුතැවී, කමාව ඉල්ලා උන්වහන්සේගේ මහිමය මගින් වෙනස්වූ බවත් මට පහදා දෙනසේක. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනසේක. “පව්කාරයා වෙනුවෙන් මගේ රුධිරය සෑහේ. ඔහුගේ ජිවිතයේ අවබෝධය මා වෙත පවතී. මා වෙත සහ අන් අය වෙත ආකල්පය උණුසුම් සහ පරාර්ථකාමී වෙයි. ඔහු විශ්වාසවන්තය. ඔහු මාගේ යහපත් සහ විශ්වාසවන්ත සේවකයාය.” —”Toward a Biblical Theology of God’s Judgment: A Celebration of the Cross in Seven Phases of Divine Universal Judgment,” Journal of the Adventist Theological Society 15 (Spring 2004): p. 155.
“ගළවනු ලැබුවාවූ සහ නොවැටුණාවූ සත්වයෝ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ඔවුන්ගේ විද්‍යාව සහ ඔවුන්ගේ ගීතය කරගත්තේය. යේසුස් වහන්සේගේ මුහුණෙහි බැබළෙන මහිමය ආත්ම පරිත්‍යාගයේ ප්‍රේමයේ මහිමය බව පෙනෙන්නේය. කල්වාරියේ ආලෝකය තුළින්, ආත්මය පරිත්‍යාග කිරීමේ ප්‍රේමයේ ව්‍යවස්ථාව වන්නේ මෙලොව සහ ස්වර්ගයේ ව්‍යවස්ථාව වන බව ඉන් පෙනෙනු ඇත. “තමාවම නොසොයන්නාවූ ප්‍රේමයේ” මූලාශ්‍රය ඇත්තේ දෙවියන්වහන්සේගේ හදවත තුළය. එමෙන්ම ඔහුගේ චරිතය තුළ අහිංසක වූද, පහත්වූද තැනැන්වහන්සේ වැඩවසන සේක. එනම් කිසි කෙනෙකුට ළඟාවිය නොහැකි වූ ස්ථානයක උන්වහන්සේ වැඩවසන සේක. —Ellen G. White, The Desire of Ages, pp. 19, 20.
සාකච්ඡා සඳහා ප්‍රශ්න:
- මනුෂ්‍යයින් තුළ සැමවිටම, කමාව සහ ගැළවීම ලබාගැනීම සඳහා හුවමාරුවක් ලෙස දෙවියන්වහන්සේට විවිධ වර්ගයේ පූජා පිළිගැන්වීමේ පෙළඹීමක් පැවතුණි. සමහරු දුර ගමන් යාමෙන් දෙවියන්වහන්සේට පූජා පවත්වති. තවත් අය සේවය කිරීමෙන් පූජා පවත්වන අතර තවත් සමහරු ආත්ම ප්‍රතික්ෂේප කිරීම වැනි ක්‍රියා භාවිතා කරති. ශුද්ධ ලියවිල්ලේ පෙන්වා දෙන කරුණු තුළින්, එනම් යේසුස් වහන්සේගේ පූජාව මගින් සියළුම පූජාවන් කුරුසිය මගින් අවසන් කළ බැවින් මෙවැනි ක්‍රියා පිළිබඳ කෙසේ සලකා බැලිය යුතුද? (දානියෙල් 9:27; හෙබ්‍රෙව් 10:18).
- ඒ අතරම විශ්වාසවන්තයාගේ ජීවිතයේ පූජාවේ ක්‍රියාකාරිත්වය කුමක්වේද? අපි කුරුසිය උසුලාගෙන උන්වහන්සේව අනුගමනය කළ යුතු බව යේසුස්වහන්සේ පැවසූ විට උන්වහන්සේ කුමක් අදහස් කළසේක්ද? (මතෙව් 16:24). එසේත් නැත්නම්, අපි අපගේ ශරීර “ශුද්ධවූ, දෙවියන්වහන්සේට පිළිගත හැකිවූ “ජීවමාන පූජාවක් ලෙස ඔප්පු කළ යුතු බව ප්‍රකාශ කරයි. (රෝම 12:1). යේසුස් වහන්සේගේ අනුශාසනාව (මතෙව් 16:24) සහ පාවුල්ගේ අනුශාසනවා (රෝම 12:1) සහ හෙබ්‍රෙව් 13:15,16හි සඳහන් විස්තරය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?