පාඩම 13
මාර්තු 19–25, 2022
“සහෝදර ප්‍රේමය දිගටම පවතීවා”

සබත්දින පස්වරුවේ
මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න. හෙබ්‍රෙව් 13; රෝම 12:13; එපීස 5:3-5; 1 පේත්‍රැස් 5:1-4; හෙබ්‍රෙව් 2:9; හෙබ්‍රෙව් 4:16; ගලාති 2:20.
කටපාඩම් පදය: “සහෝදර ස්නේහය පවතීවා!” (හෙබ්‍රෙව් 13:1).
හෙබ්‍රෙව් 13 වැනි පරිච්ඡේදයෙන් ඉදිරිපත් කරන්නේ ප්‍රොපේතවරයාගේ අවසාන අවවාදයයි. “සහෝදර ස්නේහය පවතීවා.” (හෙබ්‍රෙව් 13:1). මෙම ලියවිල්ල පුරාම ඔහු තහවුරු කළේ අපි රජතුමාණන් – උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේගේ පවුලේ අය බවය. එනම් උන්වහන්සේගේ සහෝදර සහෝදරියෝය. පාඨකයින් පිළිබඳ තනි තනිවම ගැළවීම සොයා යන අය ලෙස යේසුස්වහන්සේ සමග සම්බන්ධතාවයේ පුද්ගලයින් ලෙස කතුවරයා පාඨකයින් පිළිබඳ ප්‍රකාශ නොකරයි. එසේත් නැතිනම් එක්ව ගැළවීම ලැබූ පවුලක් ලෙස නොවේ. පාවුල් යේසුස්වහන්සේ අප වෙනුවෙන් කරන සේවය, “සහෝදර ස්නේහය,” ලෙස නිරූපණය කරයි. “උන්වහන්සේ ඔවුන්ට සහෝදරයෝ යයි කීමට ලැජ්ජා නොවූ,” සේක. (හෙබ්‍රෙව් 2:11). මේ ආකාරයෙන් යේසුස්වහන්සේ විශ්වාසවන්තයින් වෙනුවෙන් කළාවූ දෙයම, ඔවුන් එකිනෙකාට කළ යුතුය.
ලිපිය පුරාම “සහෝදර ස්නේහය” සමග එකිනෙකාට අවවාද කිරීම සම්බන්ධ විය. ඒ අනුව කිසිවෙක් දෙවියන්වහන්සේගේ මහිමයෙන් හිඟ නොවන්නේය. (හෙබ්‍රෙව් 3:13; හෙබ්‍රෙව් 10:24, 25; හෙබ්‍රෙව් 12:15-17). 13 වැනි පරිච්ඡේදයේ එය හා සම්බන්ධ බොහෝ සාධක ඇතුළත් වේ : ආගන්තුක සත්කාරය (හෙබ්‍රෙව් 13:2), සිරගතවූවන්ව බැහැදැකීම සහ නොසලකා හරිනු ලැබුවාවූ අයට උපකාර කිරීම, (හෙබ්‍රෙව් 13:3), විවාහයට ගෞරවය දීම, (හෙබ්‍රෙව් 13:4), අන් සතු වස්තුව උදුරා නොගැනීම (හෙබ්‍රෙව් 13:5, 5); සභාවේ නායකයින් මතක තබාගැනීම සහ ඔවුන්ට කීකරු වීම (හෙබ්‍රෙව් 13:7-17), කතුවරයා වෙනුවෙන්ම යාච්ඤා කිරීම (හෙබ්‍රෙව් 13:18, 19).
- මාර්තු 26 වන සබත් දිනට සඳහා සූදානම් වීමට මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න.
ඉරිදා
මාර්තු 20
දෙවියන්වහන්සේගේ දරුවන් රැක බලාගැනීම
හෙබ්‍රෙව් 13:1,2; රෝම 12:13; 1 තිමොති 3:2; තීතස් 1:8 සහ 1 පේත්‍රැස් 4:9 පාඨ කියවන්න. මුල් කාලීන සභාවේ ආගන්තුක සත්කාරයේ කාර්යය කුමක්වීද?
ක්‍රිස්තියානි ධර්මය ක්‍රිස්තියානින්ගේ සහ ක්‍රිස්තියානි නොවන අයගේ ආගන්තුක සත්කාරය බලා සිටියාවූද, ඉබාගාතේ ගියාවූද ව්‍යාපාරයකි. ආගන්තුක සත්කාරය පෙන්වීමට “අමතක නොකරන” ලෙස දෙන උපදෙස යම් කෙනෙක් තමා වෙතට ගැනීමේ අසමත්කම නොවිය හැකිය. එහෙත් කැමැත්තෙන්ම නොසලකා හැරීමකි.
පාවුල්ගේ සිතෙහි පැවතුනේ විශ්වාසවන්ත සහෝදරයින් වෙනුවෙන් පමණක් නොවේ, “සත්කාර කිරීම මතක නැති නොකරල්ලා. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේවදූතයන්ට සත්කා කළේය.” (හෙබ්‍රෙව් 13). ආබ්‍රහම් සහ සාරා වෙත බැහැදැකීමට පැමිණි මිනිසුන් තිදෙනා ගැන ඔහුගේ සිතෙහි තිබුණා විය හැකිය. (උත්පත්ති 18:2-15). ආගන්තුක සත්කාරය පුද කිරීම යනුවෙන් අදහස් වන්නේ, වස්තුව අන් අය සමග බෙදා ගැනීම සහ ඔවුන් සමග දුක් විඳීමය. එනම් අප වෙනුවෙන් යේසුස්වහන්සේ කළාවූ දෙයයි. (හෙබ්‍රෙව් 2:10-18).
බන්ධනාගාරවල සිටින අය වෙනුවෙන් සහෝදර ප්‍රේමය දැක්වීම යනු, ඇදහිලිවන්තයන්ගේ යාච්ඤා වලදී ඔවුන් මතක් කර ගැනීම පමණක් නොව, ඔවුන් ද්‍රව්‍ය බෙදා ගැනීමෙන් සහ මානසික සුවය ලබා දීමෙන් ඔවුන්ට උපකාර කිරීමය. සිර දඬුවම් විඳින අය අමතක කර දැමීමේ අවදානමක් ඇත. ද්‍රව්‍යමය සහ චිත්තවේගී සුවය ලබා දුන් අයව සමාජයෙන් කොන්කර දමන අතර ඔවුන්වද සිරකරුවන් සමග සමාන කිරීමේ අවදානම ඇත. යම් අර්ථයකින් බැලූ විට ඔවුහු සිරකරුවන්ගේ “කොටස්කරුවන්” වී සමාජයේ අපචාරයට ලක්වී ඇත. (හෙබ්‍රෙව් 10:32-34).
පාවුල්ගේ අවවාදය සිරකරුවන්ට සැලකීම සම්බන්ධව පාඨකයින් දිරිගැන්වීමට උපමා රූපක සහ භාෂාව භාවිතා කරයි. කතුවරයා පළමුවන්ම සිරගතවී සිටින අතීතයේ ඔවුන්ගේම මිතුරන්ට උපකාර කිරීමට පාඨකයින්ව දිරිගන්වයි. ප්‍රසිද්ධව අපහාසයට සහ පීඩාවට ලක්වූ ඔවුන්ගේ අතීත මිත්‍රයින්, අතීතයේදී ඔවුන්ගේ මිතුරන්ව සහ කොටස්කරුවන්ව සිටියහ. (හෙබ්‍රෙව් 10:33). දෙවනුව, “නොසලකා හැරීමේ” භාෂාව මගින් මෝසෙස්ගේ ආදර්ශය මතක් කර දෙයි. ඔහු තෝරාගත්තේ, “පාපයේ ක්ෂණික සතුට භුක්ති විඳිනවාට වඩා දෙවියන්වහන්සේගේ මිනිසුන් සමග හිරිහැර විඳීමටය.” (හෙබ්‍රෙව් 11:25). අවසානයේදී පාවුල් සහෝදර ප්‍රේමයේ පරමාදර්ශය හඳුනා ගනියි. ඔහු පාඨකයින්ට මතක් කරදෙන්නේ, ඔවුන්, “ශරීරයෙන් සිටින බැවින්,” (හෙබ්‍රෙව් 13:3). ඔවුහු එම මනුෂ්‍ය ආකල්පයම බෙදා ගන්නා අතර, ඔවුන් එවැනි අවස්ථාවකට මුහුණ දෙන විට එනම් බන්ධනාගාරයේදී ඔවුන්ට ලැබෙන සැලකිල්ල අන් අයටද සැලකිය යුතුය. එසේ නම් මිනිසුන් සිරකරුවන්ට ද්‍රව්‍යමය සහ චිත්තවේගීය උපකාරය සැපයිය යුතුය. එනම්, ඔවුන් අත්හැර දමා නැති බව පෙන්වමිනි.
බන්ධනාගාර ගතවූවන්ට තව කුමන දෙයක් අපට කළ හැකිද? ඔවුන් සභා සාමාජිකයින් හෝ එසේ නොවුනද?
සඳුදා
මාර්තු 21
ලෝභකම සහ ලිංගික අපචාරය
හෙබ්‍රෙව් 13:4,5; ලූක් 16:10-18; 1 කොරින්ති 5:1; එපීස 5:1-5 සහ කොලොස්සි 3:5 පාඨ කියවන්න. මෙම ඡේද තුළ කුමන දුෂ්ටකම් දෙක කර ඇත්ද?
පාවුල් පාඨකයින්ට ලිංගික අපචාර සහ කෑදරකම ගැන අනතුරු අඟවයි. මක්නිසාද ඒවා සහෝදර ප්‍රේමයට දැඩි තර්ජන වේ. එපමණක් නොව, නව ගිවිසුමේ කතුවරු සහ පුරාණයේ සදාචාරවාදීන් එම දෙක අතර සම්බන්ධතාවයක් දුටුවෝය.
විවාහයට ගෞරව කරන ලෙස පාවුල්ගේ ඉල්ලීම එය ලිහිල් ලෙස සැලකීමට අදාළ වන ඕනෑම දෙයක් අදාළ වෙයි. මෙම වැළකීම තුළ විවාහයේදී දුන්නාවූ දිවුරුම උල්ලංඝනය කිරීම සහ අනවශ්‍ය දික්කසාද වැනි කරුණු අඩංගු වේ. (මතෙව් 19:9 සමග සංසන්දනය කරන්න). විවාහ යහන අපවිත්‍ර නොකරන ලෙස කරන අවවාදය මගින් අදහස් කරන්නේ, විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධතා පැවැත්වීම මගින් විවාහය කෙළෙසීමෙන් වැළකී සිටීමය. ‘වේශ්‍යාවන්’ යනුවෙන් කරන යෙදීම නව ගිවිසුමේ සෑම වර්ගයකම දුරාචාරකම ඇතුළත්වේ. (1 කොරින්ති 5:9-11; 1 කොරින්ති 6:9,10; එපීස 5:5; 1 තිමෝති 1:9,10; එළිදරව් 21:8; එළිදරව් 22:15). ඊට අමතරව රෝම සමාජය ලිංගික ආචාර ධර්ම ලිහිල්ව සලකයි. ද්විත්ව සම්මතය සාමාන්‍ය දෙයක් විය. මෙය මිනිසුන් නුවනක්කාර වන තාක් කල්, මිනිසුන්ට ඔවුන්ගේ ලිංගික සම්බන්ධතාවයට අවසර ලැබුණි. කෙසේවෙතත් කාමමිථ්‍යාචාරය කරන්නන්ට දෙවියන්වහන්සේ විනිශ්චය කරන බවට පාවුල් අනතුරු අඟවයි. ඇදහිලිවන්තයින් සමාජ සම්මුති වලට ඔවුන්ගේම සමාජ සම්මුතිය පිහිටුවීමට ඉඩ නොදිය යුතුය.
රෝමානු ලෝකයේ දුර්ගුණ අතර ප්‍රධාන වර්ග වලින් එකක් වන්නේ “මුදලට ආශාවය.” එපමණක් නොව, වෙනත් ලිපියක පාවුල් “මුදලට ඇති ආශාව” සියළු දුෂ්ටකමේ මුල බව සඳහන් කරයි. (1 තිමෝති 6:10).
මෙම දුසිරිතට විරුද්ධව ආරක්ෂා වීම සඳහා ආකල්පයක් පාවුල් ඔහුගේ ලිපි කිහිපයකින් අපව දිරිමත් කරයි. පළමුවෙන්ම ඔවුන් සතු දෙයින් සෑහීමට පත්විය යුතුය. (2 කොරින්ති 9:8; පිලිප්පි 4:11, 12 පාඨත්) වැඩිදුරටත් කියතොත් ක්‍රිස්තියානි මිනිසුන් දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කොට වැළඳගත යුතුය. එනම්, “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි…. නුඹ අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5). මෙම පොරොන්දුව ස්ථාන කිහිපයකදී සහ අවස්ථා කිහිපයකදී උන්වහන්සේගේ සෙනඟට දෙන ලද අතර, අද අපටද එය අත්වේ. (උත්පත්ති 28:15; ද්විතීය කථාව 31:6,8; යෝෂුවා 1:5; 1 ලේකම් 28:20). ඉන්පසු ඇදහිලිවන්තයින්ට ගීතාවලිය 118:6 වැනි පාඨයේ සඳහන් වචන වලින් දෙවියන්වහන්සේගේ පොරොන්දුවට ප්‍රතිචාර දැක්වීමට ආරාධනා කරනු ලැබේ. “ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය. භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?’‘ ගීතාවලිය 118 පිළිබඳව සඳහන් කිරීම සුදුසුය. මක්නිසාද ගීතිකාකාරයා එහිදී දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඔහුගේ විශ්වාසය ප්‍රකාශ කළ බැවිනි. එනම් අවිශ්වාසවන්තයින් විසින් ඔහුට ඇති කළාවූ දුක් විඳීම් පවා ගණන් නොගෙනය.
දැනට පවතින සමාජය විසින් ලිංගික පවිත්‍රතාවය යටපත් කරන සහ ඒ අතරම මුදල් වලට මනුෂ්‍ය ආශාව වැඩිකරන මාර්ග මොනවාද? මෙම භයානක දුසිරිත් දෙකට විරුද්ධව අපගේ ආරක්ෂාව තර කරගත හැකි ප්‍රායෝගික ක්‍රම මොනවාද?
අඟහරුවාදා
මාර්තු 22
ඔබගේ නායකයින් මතක තබාගන්න
හෙබ්‍රෙව් 13:7-17 පාඨ කියවන්න. අපගේ නායකයින් මග අපගේ සම්බන්ධතාවය කුමක් විය යුතුද?
හෙබ්‍රෙව් 13:7-17 පාඨ මගින් බැතිමතුන්ගේ නායකයින්ට ගෞරව කරන ලෙසත්, කීකරු වන ලෙසත් අවවාද කරයි. එය ආරම්භ වන්නේ අතීතයේදී ඔවුන්ට දෙවියන්වහන්සේගේ වචනය කථා කළාවූ නායකයින් “මතක තබාගන්න” ලෙසය. එය අවසන් කරන්නේ, වර්තමාන නායකයින්ට “කීකරු වන” ලෙසට ඉල්ලන වාක්‍යාංශයකිනි. (හෙබ්‍රෙව් 13:17). අතීතයේ නායකයෝ විය හැක්කේ, පළමුවරට දෙවියන්වහන්සේගේ වචනය කථා කළාවූද, සභාවේ සොයාගත්තාවූද අය විය හැකිය. ඔවුන්ව “මතක තබාගන්න” ලෙස නිකම්ම මානසික මතකයන් එක්රැස් කිරීම නොවේ. එසේත් නැත්නම් බාහිර වශයෙන් ඔවුන්ට ගෞරවය අත්කර දීම නොවේ. පාවුල් විස්තර කරන්නේ, ඔවුන්ගේ හැසිරීමේ ප්‍රතිඵල ගැන සලකා සහ ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීම මගින් “මතක තබාගන්නා” ලෙසය.
පාවුල්ට මතක තබාගැනීමේ සහ ප්‍රශංසාවේ අති ශ්‍රේෂ්ඨ ක්‍රියාව වන්නේ අනුකරණය කිරීමයි. මේ ආකාරයෙන් සභාවේ නායකයින්ව විශ්වාසවන්ත වීරවරුන්ගේ ලැයිස්තුවකට එක් කර ඇති අතර, ඇදහිලිවන්තයින්ට ඔවුන් ගැන සැලකිලිමත් විය හැකිය. මෙම ලැයිස්තුවට හෙබ්‍රෙව් 11 වැනි පරිච්ඡේදයේ සඳහන් ඇදහිල්ලේ වීරවයින්ද යේසුස්වහන්සේවද ඇතුළත් කොට ඇත. එනම් හෙබ්‍රෙව් 12 වැනි පරිච්ඡේදයේ අඩංගු වී ඇති ඇදහිල්ලේ පරිපූර්ණ උදාහරණය වන්නේ යේසුස්වහන්සේය. කතුවරයා තවදුටත් ප්‍රකාශ කරන්නේ යේසුස්වහන්සේ, “….. ඊයෙත්, අදත්, සදාකාලයටත් එකකාරමය.” (හෙබ්‍රෙව් 13:8) බවයි. උන්වහන්සේ මිථ්‍යා ගුරුවරුන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන බවද පවසයි. මිථ්‍යා ගුරුවරුන් කාලයෙන් කාලයට වෙනස් වන බවත්, ඔවුන්ගේ ඉගැන්වීම් “විවිධාකාර” සහ “පුදුමාකාර” බවත් පාවුල් ප්‍රකාශ කරයි. (හෙබ්‍රෙව් 13:9).
හෙබ්‍රෙව් 13:7 පාඨයෙන් නායකයින්ව මතක තබාගන්නා ලෙස කරන කැඳවීම, එම කොටසේ අවසානයේදී වඩාත් බලවත් ලෙස ඉදිරිපත් කෙරේ. නායකයින්ට කීකරුවන ලෙස ඇදහිලිවන්තයින්ට අවවාද කෙරේ. මක්නිසාද, ඔවුන් ඇදහිලිවන්තයින්ගේ ආත්ම රැක බලාගන්නා බැවිනි. මෙහිදී නායකයින් විස්තර කරනු ලබන්නේ, සභා සාමාජිකයින්ගේ ආත්මික යහපැවැත්වම ගැන වගකිව යුතු දේවගැතිවරුන් විස්තර කරන්නාක් මෙනි. මක්නිසාද සභාව ඔවුන්ගේ රැළ වන අතර ඔවුන්ගේ ආත්මික යහපැවැත්ම ගැන වාර්තාවක් දෙවියන්වහන්සේට ඉදිරිපත් කළයුතු නිසාය. (1 පේත්‍රැස් 5:1-4; 1 කොරින්ති 3:10-15 පාඨද බලන්න). සත්‍ය වශයෙන්ම මෙම අදහස අපගේ සියළු සභා නායකයින්ට අදාළ විය යුතුවා මෙන්ම, අද අපගේ නිකායේ සියළුම තරාතිරමේ අයටද එය එසේම අදාළ වෙයි.
මෙම සන්දර්භය මගින්, යෝජනා කරන්නේ, “…. බැටළුවන්ගේ මහත් එඬේරා වන” (හෙබ්‍රෙව් 13:20) යේසුස්වහන්සේ යටතේ සේවය කරන පුද්ගලයින් නායකයින් බවය. නායකයින්ගේ රැකවරණය සහ විශ්වාසවන්තකම සහ සාමාජිකයින්ගේ කීකරුකම සහ විශ්වාසයේ ප්‍රතිඵලය වන්නේ ප්‍රීතියයි. මින් අදහස් විය හැක්කේ නායකයින්ට ප්‍රීතියෙන් සභාවට සේවය කළ හැකි බවය. එසේත් නැත්නම්, ඔවුන් කනගාටුවෙන් නොව ප්‍රීතියෙන් සභාව ගැන වාර්තාවක් දෙවියන්වහන්සේට ඉදිරිපත් කරන බවය.
ඔබගේ සභාවේ එමෙන්ම ලෝකය වටා නායක සහ සාමාජික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට හෝ වර්ධනය කිරීමට ඔබට කළ හැක්කේ කුමක්ද?
බදාදා
මාර්තු 23
වෙනස් ආකාරයේ හෝ පුදුමාකාර ඉගැන්වීම් වලින් ප්‍රවේසම් වන්න
හෙබ්‍රෙව් 13:9; හෙබ්‍රෙව් 2:9; හෙබ්‍රෙව් 4:16 සහ හෙබ්‍රෙව් 6:19,20 පාඨ සංසන්දනය කරන්න. අනුග්‍රහය ලැබෙන්නේ කොහිදීද? අපගේ හදවත් ශක්තිමත් කරන්නේ කෙසේද?
මිථ්‍යා ඉගැන්වීම් සහ ආහාර පිළිබඳ හෙබ්‍රෙව් 13:9 පාඨයේ සඳහන්වේ. පවිත්‍ර සහ අපවිත්‍ර ආහාර පිළිබඳ මෙහි සඳහන් නොකරනවා විය හැකිය.
ඒ ඇයි?
පළමුකොට, පාවුල් පවිත්‍ර සහ අපවිත්‍ර අතර ඇති වෙනස ගැන මෙම ලියවිල්ලේදී එතරම් සැලකිල්ලක් නොදක්වයි. ක්‍රියා 15 වැනි පරිච්ඡේදයෙන්, විශ්වාසවන්තයින් ගළවනු ලබන්නේ මහිමය තුළින් බවත්, (ක්‍රියා 15:7-11), එමෙන්ම ඔවුන් ආහාර පිළිබඳ නීති රීති අනුගමනය කළ යුතු බවත් (ක්‍රියා 15:19,20) යන දෙකම ගැන දැන ගත්තෙමු. පවිත්‍ර සහ අපවිත්‍ර ආහාර වල වෙනස සහ වෙනත් බයිබලයේ සඳහන් නීති රීති මහිමයට (අනුග්‍රහයට) විරුද්ධ නොවේ. එපමණක් නොව, නව ගිවිසුම හදවත තුළ ව්‍යවස්ථාව තබා ඇති බවට තර්ක කරන බව පිළිබඳ පාවුල් තර්ක කරයි. (හෙබ්‍රෙව් 8:10-12). කෙසේවෙතත්, කතුවරයා බොහෝ පැහැදිලි කරන්නේ, යේසුස්වහන්සේගේ පුජක මැදිහත්වීම මගින්, ශුද්ධස්ථානයේ සත්ව පූජා සහ ලෙවී පූජකවරුන්ගේ මැදිහත්කාරකම අභිබවා ගිය බවයි. (හෙබ්‍රෙව් 8:4, 5; හෙබ්‍රෙව් 10:1-18).
දෙවනුව, මෙම ඡේදවලට අනුව පාවුල් විවේචනය කරන්නේ, යම් යම් ආහාර වලින් වැළකී සිටීම ගැන නොවේ. එහෙත් මහිමය හෝ කරුණාව බලාපොරොත්තුවෙන් එවැනි පූජාවන්හි යෙදීම ගැනය. (හෙබ්‍රෙව් 13:9). ඔහු අනතුරු අඟවන්නේ, බොහෝ විට යුදෙව් චාරිත්‍ර වලට සහභාගි වීම හෝ දේව මාළිගාවේ සත්ව පූජා හා සම්බන්ධ කරන පූජා වලින් ආත්මික ශුභ සාධනය හෝ කරුණාව නොලැබිය හැකි බව පෙන්වා දීමටය. එහෙත් මෙම ආහාර තුළින් කරුණාව නොලැබේ. කරුණාව අත්වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව සහ පූජක මෙහෙය තුළිනි. විශ්වාසවන්තයින්ට පූජාසනයක් ඇත. (හෙබ්‍රෙව් 13:10). එනම් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියයි, ඉන් ඔවුන්ට අනුභව කළ හැකිය. (යොහන් 6:47-58).
හෙබ්‍රෙව් ලිපියේ සඳහන් පරිදි අනුග්‍රහය (කරුණාව) පැමිණෙන්නේ දෙවියන්වහන්ස්ගේ සිංහාසනයෙනි. (හෙබ්‍රෙව් 4:16). ක්‍රිස්තුස්වහන්සේ තුළින් මැදිහත්කාරකම් කළාවූ මෙම මහිමය (කරුණාව), දෙවියන්වහන්සේගේ සිංහාසනයටම සවි කරනු ලැබූ “ස්ථිර සහ ස්ථාවර” වූ “නැංගුරම”කි. (හෙබ්‍රෙව් 6:19, 20; හෙබ්‍රෙව් 4:16 පාඨය සමග සංසන්දනය කරන්න). අපගේ හදවත් වලට ස්ථාවර බව සහ සහතිකය සපයන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව තුළින් අප ලබන්නාවූ මෙම අනුග්‍රහය (කරුණාව)ය. මේ ආකාරයෙන් හදවත “පිහිටුවා ගත්” විටදී, එය නව ධර්මතාවයන් සමග ඔසවාගෙන යනු ලැබේ. (හෙබ්‍රෙව් 13:9). එය කිසිවිටක දෙවියන්වහන්සේගෙන් “ඉවත්” නොවේ. (හෙබ්‍රෙව් 2:1).
ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණ පූජාව මත රැඳෙන්න. එසේ නම් අපි කරන්නාවූ දේවල් මෙම පූජාවට “එක්වන” බව ශුභාරංචියට යේසුස්වහන්සේ තුළින් ලැබෙන කරුණාවට අනුව විරුද්ධ අර්ථයක් දෙන්නේ ඇයි?
බ්‍රහස්පතින්දා
මාර්තු 24
කඳවුරෙන් පිටත යේසුස්වහන්සේ වෙතට යන්න
හෙබ්‍රෙව් 13:10-14; මාර්ක් 8:34; මතෙව් 10:38; ලූක් 14:27 සහ ගලාති 2:20 පාඨ සංසන්දනය කරන්න. කඳවුරෙන් පිටත යේසුස්වහන්සේ වෙතට යන්න යන්නෙන් කුමක් අදහස් කරන්නේද?
කඳවුරේ දොරටුවෙන් පිටත පිහිටි ප්‍රදේශය අතිශයින් අපවිත්‍ර ප්‍රදේශය විය. පූජා කරනු ලැබූ සතුන්ගේ මළසිරුරු එහිදී පුළුස්සා දමනු ලැබීය. (ලෙවී කථාව 4:12). ලාදුරු රෝගීන්වද කඳවුරෙන් පිටමං කරනු ලැබූහ. (ලෙවී කථාව 13:46). ශාප ලද්දන් සහ මිනීමරුවන් එහිදී මරා දමනු ලැබූහ. (ලෙවී කථාව 24:10-16,23; 1 රාජාවලිය 21:13. ක්‍රියා 7:58). කඳවුර තුළ දෙවියන්වහන්සේ වැඩසිටින බව උපකල්පනය කරනු ලැබීය. අපවිත්‍ර යයි සැලකෙන ඕනෑම දෙයක් කඳවුරෙන් පිටතට බැහැර කරනු ලැබුවේ දෙවියන්වහන්සේ අපවිත්‍ර හෝ නොවැදගත් කිසිම දෙයක් කඳවුර තුළ තිබෙනු දැකීමට කැමති නොවූ බැවිනි. (ගණන් කථාව 5:3; ද්විතීය කථාව 23:14).
යේසුස්වහන්සේ කුරුසිය මත දුක් වින්දේ යෙරුසලමෙන් පිටතදීය. (යොහන් 19:17-20). මෙමගින් අවධාරණය කරනු ලබන්නේ උන්වහන්සේ පිට පැවරුණාවූ ලැජ්ජාවයි. (හෙබ්‍රෙව් 12:2). උන්වහන්සේගේ නාමය නිත්‍යානුකූල ලෙස, “ප්‍රතික්ෂේප කොට,” ඉශ්‍රායල්වරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ, පවුරෙන් පිටතට දමනු ලැබූ සේක. (මාර්ක් 14:63,64 සහ ලෙවී කථාව 24:11, 16 පාඨ බලන්න). යේසුස්වහන්සේව කඳවුරෙන් පිටතට නෙරපා දමනු ලැබුවේ, “නිර්ලජ්ජිත,” “අපවිත්‍ර” හෝ “නොවැදගත්” දෙයක් ලෙසය. (හෙබ්‍රෙව් 12:2). පාවුල් කෙසේවෙතත්, අවවාද කළේ ඇදහිලිවන්තයින්ට උන්වහන්සේ අත්වින්දාවූ ලැජ්ජාව දරාගෙන දොරටුවෙන් පිටත සිටින යේසුස්වහන්සේව අනුගමනය කරන ලෙසය. මෝසෙස් අනුගමනය කළේද මෙම මාර්ගයයි. එනම් මිසරයේ සැප සම්පත් වෙනුවට “ක්‍රිස්තුස්වහන්සේගේ අපහාසය දරා සිටීමට” ඔහු කැමති විය. (හෙබ්‍රෙව් 11:26).
කෙසේවෙතත්, පරස්පර විරෝධී ලෙස, දැන් දෙවියන්වහන්සේගේ වැඩසිටීම ඇත්තේ කඳවුරෙන් පිටත බව හෙබ්‍රෙව් ලිපිය යෝජනා කරයි. කඳවුරින් පිටත සිටින යේසුස්වහන්සේ අනුව යාම මගින් අදහස් වන්නේ, “උන්වහන්සේගේ අපහාසය හෝ ලැජ්ජාව දරා සිටීම පමණක් නොව, එහෙත් උන්වහන්සේ වෙතට යාමය. (හෙබ්‍රෙව් 13:13). එනම් රන් වස්සා පිළිබඳ අරගලයට පසුව මෝසෙස් කඳවුරෙන් දෙවියන්වහන්සේගේ කූඩාරම ඉවත් කළවිටදී, “ස්වාමීන්වහන්සේව සෙවුවාවූ” ඉශ්‍රායෙල්වරුන් කාන්තාරයේදී “කඳවුරෙන් පිටත්ව ගියාවූ” ආකාරයෙනි. (නික්මයාම 33:7). මෙම වාර්තාව මගින් යෝජනා කරන්නේ, අවිශ්වාසවන්තයින්, යේසුස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම, දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට අදාළ වන බවයි. එනම් ඉශ්‍රායල්වරුන් රන් වස්සා පිළිබඳ ඇදහිලි විරෝධී ක්‍රියාව මෙනි. (නික්මයාම 32, 33).
පාවුල් පාඨකයින්ට ආරාධනා කරන්නේ, “ඇදහිල්ලේ කර්තෘවරයාද, සම්පූර්ණ කරන්නාද වූ” යේසුස්වහන්සේව අනුගමනය කරන ලෙසය. (හෙබ්‍රෙව් 12:2). එමෙන්ම ඔවුන්ගේ වර්තමාන දුක්විඳීම “ධර්මිෂ්ඨකමේ සාමාදන ඵල” ලබා දෙන්නාවූ මොහොතකට සිදුවන විනය ක්‍රියා මාර්ගයක් ලෙස පිළිගැනීමට ආරාධනා කරයි. (හෙබ්‍රෙව් 12:11). ඔවුහු අතහැර දමා යන්නේ දූෂිත නගරයක් හෝ කඳවුරකි. එනම් අපි සොයන්නේ “මතු පැමිණෙන නුවරය.” එහි ගෘහ නිර්මාණ ශිල්පියා වන්නේ දෙවියන්වහන්සේය. (හෙබ්‍රෙව් 13:14; හෙබ්‍රෙව් 11:10, 16).
කඳවුරෙන් පිටත සිටින යේසුස්වහන්සේ අනුගමනය කිරීම යන්නෙන් ඔබට කුමක් හැඟේද? යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල නිසා අපට අප අවට සිටින අයගෙන් “අපහාසය” සහ “ලැජ්ජාව” අත්විය හැකි පැති මොනවාද?
සිකුරාදා
මාර්තු 25
වැඩිදුර අධ්‍යයනය සඳහා: “ශුද්ධාත්මයාණන්වහන්සේගේ වැඩීමෙන් පසු … (ඇදහිලිවන්තයින්) ශුද්ධවන්තයින් සමග සම්බන්ධවීමේ මිහිරි බව විඳගත්හ. ඔවුහු මෘදු, කල්පනාකාරී, පරාර්ථකාමී සහ සත්‍යය වෙනුවෙන් ඕනෑම පූජාවක් කිරීමට කැමති වූහ. එකිනෙකා සමග ඔවුන්ගේ දෛනික සම්බන්ධතාවයේදී ඔවුහු ක්‍රිස්තුස්වහන්සේ අත් කර දුන් ප්‍රේමය එළිදරව් කළහ. පරාර්තකාමී වචන සහ ක්‍රියා මගින් ඔවුන්ගේ හදවත් තුළ මෙම ප්‍රේමය මුසු කිරීමට උත්සාහ ගත්හ.
“එහෙත් ක්‍රම ක්‍රමයෙන් වෙනස ඇති විය. ඇදහිලිවන්තයෝ අන් අයගේ වැරදි සෙවීමට පටන් ගත්හ. වැරදි කරමින්, අකරුණාවන්ත විවේචන වලට තැන ලබා දෙමින්, ඔවුහු ගැළවුම්කාරයාණන්ගේ ප්‍රේමය සහ දර්ශනය අහිමි කරගත්හ. ඔවුහු බාහිර උත්සව ගැන වඩා දැඩි ලෙස කටයුතු කළහ. එමෙන්ම ඇදහිල්ලේ ප්‍රායෝගිකත්වයට වඩා න්‍යාය පිළිබඳ විශේෂ අවධානය යොමු කලහ. අන් අයට වැරදි පැටවීමට උත්සුක වූ ඔවුහු ඔවුන්ගේ වැරදි නොසලකා හැරියහ. ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට උරුම කර දුන් සහෝදර ප්‍රේමය අහිමි කරගත්හ. සියළු දේවල අතිශයින් කනගාටුදායක වූයේ, ඔවුන්ගේ අහිමිවීම ගැන නොදැන සිටීමය. ඔවුන්ගේ ජිවිතයෙත් ප්‍රීතිය සහ සතුට පහව යන බව ඔවුන්ට අවබෝධ නොවීය. එමෙන්ම ඔවුන්ගේ හදවත් තුළට දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඇතුල් නොවන බැවින් ඔවුන් ඉක්මණින් අන්ධකාරයේ ඇවිදින බව ඔවුන්ට අවබෝධ නොවීය.
“සභාව තුළ සහෝදර ප්‍රේමය නැතිවී යනු දුටු යොහන්, මෙම ප්‍රේමයේ නිරන්තර අවශ්‍යතාවය ඇදහිලිවන්තයින්ට පැහැදිලි කර දුන්නේය. “ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු.” ඔහු මෙසේ ලියයි: මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගේය. ප්‍රේම කරන සියළුදෙනා දෙවියන් වහන්සේගෙන් උපත ලද්දෝය. ඔවුහු දෙවියන්වහන්සේ හඳුනන්නෝය. ප්‍රේම නොකරන්නා දෙවියන්වහන්සේ නොහඳුනයි. මක්නිසාද දෙවියන්වහන්සේ ප්‍රේමයයි. මෙය තුළ අප වෙනුවෙන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැවතියේය. මක්නිසාද අපට උන්වහන්සේ තුළින් ජීවත්වීම සඳහා දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් මෙලොවට එවූ නිසාය. මෙහි ඇති ප්‍රේමය වන්නේ, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළා නොව, එහෙත් උන්වහන්සේ අපට ප්‍රේම කළසේක. එමෙන්ම උන්වහන්සේගේ පුත්‍රයාණන් අපගේ පාපය සමනය කිරීම සඳහා එවූ සේක. ප්‍රේමවන්තයෙනි, දෙවියන් වහන්සේ අපට ඒ ආකාරයෙන් ප්‍රේම කළේ නම්, අපද එකිනෙකාට ප්‍රේම කළයුතු වෙමු.” —Ellen G. White, The Acts of the Apostles, pp. 547, 548.
සාකච්ඡා සඳහා ප්‍රශ්න:
- කිතුනු ජීවිතය බොහෝ විට සලකනු ලැබුවේ, විශ්වාසවන්තයා සහ යේසුස් අතර පෞද්ගලික සම්බන්ධතාවයයි. මෙය, කෙසේවෙතත් කිතුනු ජීවිතයේ එක් පැතිකඩක් පමණි. දෙවියන්වහන්සේ අපව කණ්ඩායමක් ලෙස මග පෙන්වන බව මතක තබාගැනීම වැදගත් වන්නේ ඇයි? කණ්ඩායමට මගෙන් ඉටුවිය යුතු වගකීම් මොනවාද? කණ්ඩායමෙන් මට කුමක් බලාපොරොත්තු විය හැකිද?
- සභාවක් තුළ සහෝදර ස්නේහය ශක්තිමත් බව පෙන්වන හොඳම දර්ශක මොනවාද? ඔබගේ පංතියේදී ලැයිස්තුවක් සෑදීමට සූදානම්ව සිටින්න.
- සත්‍ය සහෝදර ස්නේහය යනු කුමක්ද?එහි ගුණාංග, හේතු සහ ප්‍රතිඵල මොනවාද? ඔබ එය මිථ්‍යා සහෝදර ප්‍රේමයෙන් වෙන් කර දක්වන්නේ කෙසේද?