12 පාඩම

මාර්තු 12–18

නොසෙල්විය හැකි රාජධානියක් ලැබීම

සබත්දින පස්වරුවේ

මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න. හෙබ්‍රෙව් 12:18-29; නික්මයාම 32:32; දානියෙල් 7:9, 10, 13-22; හග්ගයි 2:6-9, 20-22; ගීතාවලිය 15:5; ගීතාවලිය 16:8; හෙබ්‍රෙව් 13:15, 16.

කටපාඩම් පදය: “එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි ගෞරවයෙන්ද, දේව භයින්ද, දෙවියන්වහන්සේට ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස අනුග්‍රහය ඇතුව සිටිමු.” (හෙබ්‍රෙව් 12:28).

මේ සතියේ ඡේදය වන හෙබ්‍රෙව් 12:18-29 වැනි පාඨය මේ ලිපියේ උච්ඡතම අවස්ථාව වෙයි. එම ඡේදය ආරම්භ කිරීමේ වාක්‍යය නැවත නැවත කීමෙන් ප්‍රධාන සැලකිල්ල කෙටිකර දැක්වේ. දෙවියන්වහන්සේ උන් වහන්සේගේ පුත්‍රයාණන් තුළින් අපට කථා කර ඇත. එමෙන්ම අපි සැලකිල්ලෙන් අපගේ අවධානය උන්වහන්සේ වෙත යොමු කළ යුතුය.” (හෙබ්‍රෙව් 1:1, 2; හෙබ්‍රෙව් 12:25). හෙබ්‍රෙව් ලිපියේ හෙබ්‍රෙව් 12:22-24 පාඨ වලින් විස්තර කරන යේසුස්වහන්සේ පිළිබඳ විස්තරය වන්නේ, යේසුස්වහන්සේ නව ගිවිසුමේ මැදිහත්කාරයාණන්ය, එමෙන්ම උන්වහන්සේගේ රුධිරය විශ්වාසවන්තයින්ට ගැළවීම සපයා දෙන්නේය. උන්වහන්සේ අප වෙනුවෙන් කරන පූජක සහ රාජකීය මෙහෙය ස්වර්ගීය හමුදාවේ සැමරීමට හේතුව වෙයි. අවසාන වශයෙන් හෙබ්‍රෙව් 12:25-29 පාඨ තුළ අවසාන සහ උච්ඡතම අවවාදය අඩංගු වේ: එනම් දෙවියන්වහන්සේගේ විනිශ්චය පැමිණෙන්නේය. එය උන්වහන්සේගේ සතුරන්ට විනාශය ගෙන එන්නේය. එහෙත් උන්වහන්සේගේ සෙනඟට සනාථ කිරීම සහ රාජධානියක් අත් වන්නේය. (හෙබ්‍රෙව් 12:28, 29).

අවසානයේදී කුරුසිය මත යේසුස්වහන්සේගේ ජයග්‍රහණය නැවත තහවුරු කෙරේ. එමෙන්ම දෙවැනි පැමිණීමේදී යේසුස්වහන්සේගේ ජයග්‍රහණයේ සම්පූර්ණ කිරීම වෙතට විශ්වාසවන්තයින්ව යොමු කරනු ලැබේ. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගෙන් රාජධානියක් ලැබූ බවත්, විනිශ්චය-කාරයාණන් වන (දානියෙල් 7:9-14). උන්වහන්සේ විශ්වාසවන්තයින් සමග එම රාජධානිය බෙදා ගන්නා බවත් ප්‍රකාශ කිරීම සඳහා පාවුල් දානියෙල් 7 වැනි පරිච්ඡේදයේ අපමා රූපක භාවිතා කළේය. “නුමුත් මහෝත්තමයාණන් වහන්සේගේ ශුද්ධවන්තයෝ රාජ්‍යය ලැබ, සැම කලටම, සදාකාලයටම රාජ්‍යය භුක්ති විඳින්නෝ යයි කීවේය.” (දානියෙල් 7:18).

  • මාර්තු 19 සබත් දිනට සූදානම් වීම පිණිස මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න.

ඉරිදා

මාර්තු 13

ඔබ සියොන් කන්දට පැමිණ ඇත

හෙබ්‍රෙව් 12:22-24 පාඨ කියවන්න.  පාවුල් මෙහිදී විස්තර කරන්නේ කුමක්ද?

අපි සියොන් කන්දට පැමිණ විශිෂ්ටවූ උත්සවයකට සහභාගි වන බව හෙබ්‍රෙව් ලිපිය තහවුරු කරයි. “නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ, ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්….” (හෙබ්‍රෙව් 12:22). අපි ඇදහිල්ලෙන් යුක්තව අපගේ නියෝජිතයා වන යේසුස්වහන්සේ තුළිනි. මෙම උත්සවයේදී  ගණන් නොකළ හැකි දේවදූතයින් අපට හමුවේ. දෙවියන්වහන්සේ සහ යේසුස් වහන්සේ මෙම උත්සවයේ මධ්‍යස්ථානය වන සේක. අපි පැමිණෙන්නේ, “…. ස්වර්ගයෙහි නාම ලියා තිබෙන කුළුඳුලන්ගේ මහා රැස්වීමට …..” (හෙබ්‍රෙව් 12:23) කුළුඳුලන් මෙනි. අපගේ නාම ස්වර්ගීය පොත්වල ඇතුළත් කර ඇත. එහි දෙවියන්වහන්සේගේ ඥානවන්ත පුද්ගලයින්ව ලැයිස්තු ගත කර ඇත. (නික්මයාම 32:32; ගීතාවලිය 56:8; දානියෙල් 12:1; මලාකි 3:16; ලූක් 10:20; එළිදරව් 13:8; එළිදරව් 17:8).

අපි “කුළුඳුලන්” වෙමු. මක්නිසාද අපි සියල්ල අභිබවා ගියාවූ කුළුඳුලා වන යේසුස්වහන්සේගේ උරුමය බෙදාගන්නා නිසාය. (හෙබ්‍රෙව් 1:6). මේ ආකාරයෙන් අපි පැමිණ ඇත්තේ අමුත්තන් හැටියට නොව පුරවැසියන් හැටියටය (පිලිප්පි 3:20 පාඨය සමග සංසන්දනය කරන්න). අපව “…. සම්පූර්න කරන ලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද …” ලෙස හෙබ්‍රෙව් 12:23) විස්තර කරනු ලබමු. මෙම ප්‍රකාශය වර්ණාත්මක පැහැදිලි කිරීමකි. එහිදී මනුෂ්‍ය ස්වභාවය සම්පූර්ණ එකක් ලෙස සිටගනී. එය, “….. ආත්මවල පියාණන්වහන්සේ….” (හෙබ්‍රෙව් 12:9) යන ප්‍රකාශය මෙන් උපමා වලින් සමාන කිරීමකි. ඉන් සඳහන් කරන්නේ අප සියළුදෙනාගේම පියාණන් ලෙසය. එනම් ස්වභාවයෙන් ආත්මික මනුෂ්‍යයින්ගේය.

උත්සවයට රැස්වූ අය යේසුස්වහන්සේගේ රාජ්‍ය පාලනය, පූජාක මෙහෙය සහ නව ගිවිසුමේ ආරම්භය සමරති. හෙබ්‍රෙව් ලිපියේ මේ සියල්ල සිදුවන්නේ සියොන් කන්ද මතය. හෙබ්‍රෙව් 1:5-14 ලියවිල්ලේ ගීතිකා තුනක් මගින් විස්තර කරනු ලබන්නේ පුත්‍රයාණන්වහන්සේගේ සිංහාසනාරූඪ වීම සහ එය සිදුවන ස්ථානය ලෙස සියොන් කන්ද සඳහන් කරයි. (ගීතාවලිය 2:6,7; ගීතාවලිය 110:1, 2;  ගීතාවලිය 102:21-27).

පුත්‍රයාණන්වහන්සේව “සදහටම පූජකවරයෙකු” ලෙස පත් කරන්නේද සියොන් කන්දේදීය. (හෙබ්‍රෙව් 5:6). ගීතාවලිය 110:4 පාඨයෙන් උපුටාගත් කොටසකි. ගීතාවලිය 110ට අනුව පුත්‍රයාණන්ව උත්තම පූජක ධූරයට පත්කරනු ලැබුවේද සීනයි කන්දේදීය. (ගීතාවලිය 110:2). අවසාන වශයෙන් හෙබ්‍රෙව් පවසන්නේ යේසුස්වහන්සේගේ පූජක ධූරය මගින් නව ගිවිසුමේ ආරම්භයද සලකුණු කෙරේ. (හෙබ්‍රෙව් 7:11-22). මේ ආකාරයෙන්, සියොන් කන්ද නව ගිවිසුම අනුමත කරනු ලැබූ ස්ථානයයි. හෙබ්‍රෙව් 12:22-24 පාඨවලින් එසේ නම් විස්තර කරන්නේ, උත්සවය සඳහා සමූහයා රැස්වූයේ ස්වර්ගයේදී යේසුස් වහන්සේ ආරෝහණය වූ විටදීය.

අපට යේසුස්වහන්සේගේ යථාර්ථය, උන්වහන්සේගේ පූජක මෙහෙය, සහ අපගේ ජීවිත තුළ සහ අපගේ නමස්කාරය තුළ නව ගිවිසුම කුමන ප්‍රායෝගික ක්‍රම මගින් සැමරිය හැකිද? මෙම විශිෂ්ටවූ සත්‍යය තුළ ප්‍රීතිවීම ඇදහිල්ල තහවුරු කිරීමක් වන්නේ ඇයි?

සඳුදා

මාර්තු 14

ඔබ සියළුදෙනාගේ විනිශ්චයකාරයාණන් වන දෙවියන්වහන්සේ වෙතට පැමිණ ඇත

හෙබ්‍රෙව් 12:23 පාඨය කියවන්න. මෙය සැමරීමක් නම්, දෙවියන්වහන්සේව විනිසුරු-වරයාණන් ලෙස විස්තර කරනු ලබන්නේ ඇයි? විනිශ්චයකාරයෙක් සැමරීමට හේතුවේ කොටසක් වන්නේ කෙසේද? දානියෙල් 7:9, 10, 13-22  පාඨද කියවන්න.

හෙබ්‍රෙව් 12:22-24 පාඨවලින් විස්තර කරන සැමරීමට අනාගත විනිශ්චය පිළිබඳ හඟවයි. විනිසුරුවරයාණන් වන දෙවියන්වහන්සේ මුලසුන දරන සේක. පොත් භාවිතා කෙරේ. පොත් තුළින් අනාගත විනිශ්චයේ ප්‍රතිඵලය වන්නේ දෙවියන්වහන්සේගේ දරුවන් රාජධානිය අත් කරගන්නා බවය. (හෙබ්‍රෙව් 12:28).

මෙම දර්ශනය මගින් දානියෙල් 7 වැනි පරිච්ඡේදයේ විස්තර කරන ලද දෙවැනි පැමිණීමට පෙර විනිශ්චය මතු කර දක්වයි. එය නිරූපණය කරන්නේ විනිශ්චය කරන දිනයකි. එහි දෙවියන්වහන්සේ “පුරාණයේ දවස්වලදී” (දානියෙල් 7:9); ගින්දර වලින් සාදන ලද සිංහාසනයක අසුන්ගෙන සිටි අතර, “දස දහස් වර දස දහස් වරක්,” දේවදූතයින් වටකරගෙන සිටියහ. (දානියෙල් 7:10), පොත් විවෘත කරනු ලැබීය. (දානියෙල් 7:10), විනිශ්චය තීරණය වන්නේ, “මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයින්” උදෙසා වන අතර ඔවුන්, “රාජ්‍යය ලැබ” ගත්තෝය. (දානියෙල් 7:18).

ඒ ආකාරයෙන්ම, හෙබ්‍රෙව් 12:22-29 පාඨ සියොන් කන්ද මත වන ස්වර්ගීය යෙරුසලම මත විනිශ්චය පිළිබඳ දර්ශනයක් ඉදිරිපත් කරයි. එනම් “සියල්ලන්ගේම විනිසුරුවරයාණන්,” “දස දහස් වර දස දහස් වරක් දේවදූතයින් වටකරගෙන” සිටින උන්වහන්සේය. එම දර්ශනය ගින්දර සහිත එකකි. (හෙබ්‍රෙව් 12:29). එහි පොත් ඇතුළත් කර ඇත්තේ ඒවායෙහි ශාන්තුවරුන් ඇතුළත්ව සිටින බැවිනි. (හෙබ්‍රෙව් 12:23), එහි ශාන්තුවරුන්ට සාධාරණ විනිශ්චයක් අදාළ වෙයි.

යේසුස්වහන්සේ දර්ශනයේ මධ්‍යස්ථානය වෙන සේක. (හෙබ්‍රෙව් 12:24). උන්වහන්සේ පිළිබඳ හෙබ්‍රෙව් 2 වැනි පරිච්ඡේදයේ දේව පුත්‍රයාණන් ලෙස විස්තර කර ඇත. උන්වහන්සේ, “තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළඳගෙන,” අප වෙනුවෙන් “මරණය” වින්ද (හෙබ්‍රෙව් 2:9) සේක. හෙබ්‍රෙව් 2:10 පාඨයට අනුව, “මනුෂ්‍ය පුත්‍රයාණන්,” (හෙබ්‍රෙව් 2:6) “බොහෝ පුත්‍රයන්”ට තේජස ලබාදීම සඳහා දුක් වින්ද සේක. එනම් විශ්වාසවන්තයින් “තේජසෙන් සහ ගෞරවයෙන් ඔටුණු පැළඳවීම” සඳහාය. “පුත්‍රයාණන්” දැන් ඇදහිලිවන්ත-යින්ව සියොන් කරා එනම් ස්වර්ගීය යෙරුසලම කරා රැගෙන විත් ඇත. එසේ කළේ නව ගිවිසුමේ ප්‍රතිපාදන තුළිනි. (හෙබ්‍රෙව් 11:22-24).

එහිදී ඔවුන්ට රාජධානියක් ලැබෙන බවට පොරොන්දු දෙනු ලැබේ. (හෙබ්‍රෙව් 12:28).

එසේ නම්, විනිශ්චය ඇදහිලිවන්තයින්ට යහපත් ආරංචියක් වන්නේය. මක්නිසාද, එය ඔවුන්ගේ යහපත සඳහා ක්‍රියා කරන්නාවූ විනිශ්චයක් වන බැවිනි. එය ඔවුන්ව නිදහස් කරයි. එය ඔවුන්ගේ විරුද්ධවාදියා වන මකරා පරාජය කරන්නකි. එම විරුද්ධවාදියා අතීතයේදී ඇදහිලිවන්තයින්ට පීඩා කළාවූ භයානක මෘගයින් පිටුපස සිටින්නෙකි. (දානියෙල් 7). අනාගතයේදීද එසේම කරනු ඇත. (එළිදරව් 13).

අපි අද ඉගෙන ගත් දේවල් මගින් දෙවියන්වහන්සේගේ විනිශ්චය යනු දේව දූතයින් තිදෙනාගේ පණිවිඩ බවත් ඒවා මේ කාලයට සුදුසු “ශුභාරංචිය” බවත් අවබෝධ කරගන්නේ කෙසේද? (එළිදරව් 14:6, 7; ද්විතීය කථාව 32:36; පාඨ සමගත් 1 ලේකම් 16:33-35 පාඨ සමගත් සංසන්දනය කරන්න).

අඟහරුවාදා

මාර්තු 15

ස්වර්ගය සහ පොළොව සොලවයි

ස්වර්ගයෙහි සිදුවන උත්සවාකාර සැමරුම විස්තර කිරීමෙන් පසුව පාවුල් පාඨකයින්ට අවවාද කරන්නේ දෙවියන්වහන්සේගේ හඬට අවධානය යොමු කරන ලෙසය. මක්නිසාද, දෙවියන්වහන්සේ, “තවත් වරක්, ….. පොළොව  පමණක් නොව, ස්වර්ගයත් කම්පා කරවන සේක.” (හෙබ්‍රෙව් 12:26). පාවුල් මෙහිදී පවසන්නේ යේසුස්වහන්සේ ස්වර්ගයේ සිංහාසනාරූඪ කළා වුවද, අපගේ ගැළවීම අවසන්වී නැති බවය. අපි අවධානය යොමු කළ යුත්තේ වැදගත් සිදුවීමක් සිදුවීමට ඇති බැවිනි.

හග්ගයි 2:6-9 20:22 ගීතාවලිය 96:9, 10 ගීතාවලිය 99:1 සහ හෙබ්‍රෙව් 12:26, 27 සංසන්දනය කරනන්. දෙවියන්වහන්සේ ස්වර්ගය සහ පොළොව සෙලවීමේ පරමාර්ථය කුමක්ද?

පැරණි ගිවිසුමේ පොළොව සෙලවීම දෙවියන්වහන්සේ වැඩ සිටීම පිළිබඳ පොදු උපමාවකි. එනම් උන්වහන්සේගේ දරුවන් මුදා ගැනීම සඳහා පෙනී සිටීමය. දෙබෝරා සහ බාරාක් සිසෙරාට විරුද්ධව සටන් කළවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙනුවෙන් ස්වර්ගයේ සිට සටන් කළසේක. (විනිශ්චයකාරයා 5:20). මෙය බලවත් භූමි කම්පාවක් ලෙස විස්තර කෙරේ. එනම් දෙවියන් වහන්සේගේ වැඩ සිටීම නිසා පොළොව සහ කඳු සෙලවීමය. (විනිශ්චයකාරයා 5:4, 5). දෙවියන්වහන්සේ පීඩිතයන්ව මුදා ගැනීම සඳහා සූදානම් වන විටදී මුළු පැරණි ගිවිසුම පුරා මෙම සිදුවීම අපි දකිමු. (ගීතාවලිය 68:7, 8; ගීතාවලිය 60:2; ගීතාවලිය 77:17,18). ඒ ආකාරයෙන්, දෙවියන්වහන්සේ පොළොවේ මිනිසුන්ට උන්වහන්සේගේ බලය පෙන්වීමේදීද සෙලවීම මගින් දෙවියන්වහන්සේගේ විනිශ්චය සංඥා කරයි. අනාගතවක්තෘවරු ප්‍රකාශ කළේ ස්වාමීන්වහන්සේගේ දවසේදී මෙය සිදුවන බවයි. (යෙසායා 13:13, යෙසායා 24:18-23).

හෙබ්‍රෙව්වරුන්ට ස්වර්ගය සහ පොළොව “කම්පා වීම” දෙවියන් වහන්සේගේ සතුරන්ගේ විනාශය අදහස් කරයි. යේසුස්වහන්සේ සිංහාසනාරූඪ වීමේදී දෙවියන්වහන්සේ පොරොන්දු වූයේ මෙයයි. දෙවියන් වහන්සේ උන්වහන්සේට මෙසේ කීසේක. “මා විසින් නුඹේ සතුරන් නුඹේ පා පුටුව කරන තෙක්, මාගේ දකුණු පැත්තේ හිඳ ගනින්න.” (හෙබ්‍රෙව් 1:13). මේ ආකාරයෙන් යේසුස්වහන්සේ සතුරා පරාජය කළ සේක. (හෙබ්‍රෙව් 2:14-16). ඉන් පසු සිංහාසනාරූඪ වූ සේක. (හෙබ්‍රෙව් 1:5-14). එහෙත් සතුරන් තවමත් විනාශ කර නොමැත. (හෙබ්‍රෙව් 10:11-14; 1 කොරින්ති 15:23-25).

එහෙත් දෙවියන්වහන්සේ ස්වර්ගය සහ පොළොව කම්පා කරවන විටදී මෙම සතුරන් විනාශ කරන සේක. ස්වර්ගය සහ පොළොව කම්පා කිරීම යනු එසේ නම්, දෙවියන්වහන්සේගේ සෙනඟ පීඩාවට පත් කරන මෙලොව බලවේගයන් විනාශ කිරීමය. එමෙන්ම වඩා වැදගත් වන්නේ, කෲර බලවේගයන් විනාශ කිරීමය. (සාතන් සහ දූතයින්) එනම් මෙලොව බලවේගයන් පිටුපස සිට ඒවා පාලනය කරති.

දිනක විනිශ්චය පැමිණෙන බවත්, ලෝකයේ තදින්ම පවතින කෲර බලවේගයන් දිනක විනාශ කරනු ලබන බවට එබඳු බලාපොරොත්තු සහිත පොරොන්දුවක් අප සියළු දෙනාටම දෙන්නේ ඇයි? විශේෂයෙන්, කෙලින්ම කෲර බලවේගයන් ඉදිරියේදී දුක් වින්දාවූ අයට?

බදාදා

මාර්තු 16

නොසෙල්විය හැකි රාජ්‍යයක්

දෙවියන්වහන්සේ ස්වර්ගයත්, පොළොවත් “කම්පා කරවන” බව පවසා ඇත. ඉන් අදහස් කරන්නේ උන්වහන්සේ සතුරු ජාතීන් විනාශ කරන බවය. කෙසේ වෙතත්, නොසෙල්වෙන දේවල් කිහිපයක් ඇත. එමෙන්ම විනාශ කිරීමටද නොහැකි වන්නේය.

ගීතාවලිය 15:5; ගීතාවලිය 16:8; ගීතාවලිය 21:7; ගීතාවලිය 112:6 සහ හෙබ්‍රෙව් 12:27 සංසන්දනය කරන්න. නොසෙල්විය හැකි දේවල් මොනවාද?

කෙසේවෙතත්, බයිබලය පැහැදිලිය. එනම් දෙවියන්වහන්සේ නව ස්වර්ගයක් සහ පොළොවක් මවන බවත් (යෙසායා 65:17; එළිදරව් 21:1-4) අප නැවත නැගුටුවනු ලබන බවත් මේ පොළොවේදී අපට අළුත් ශරීර ලැබෙන බවත්ය. (1 තෙසලෝනික 4:13-17; පිලිප්පි 3:20). මේ ආකාරයෙන් “කම්පා කිරීම” යනු පවිත්‍ර කිරීම සහ නව මැවිල්ලක් ඇති කරන බවයි. එසේ නැතිව එය මුළුමණින්ම ඉවත් කර දැමීම නොවේ. මෙහි ඇති දේවල් නැවත මවන අතර එහි ගැළවීම ලැබූ අය ජීවත් වන බවය.

කෙසේවෙතත් නොසෙල්වෙන සහ සෙලවිය නොහැකි දේවල් කිහිපයක් ඇත. ධර්මිෂ්ඨයෝ එයට ඇතුළත් වෙති. ඔවුන්ව කම්පා කළ නොහැකිය. මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේ තුළ විශ්වාස කරන බැවිනි. මැවුම්කාරයා- ණන්වහන්සේ ඔවුන්ව ආරක්ෂා කරන අතර ඔවුන්ගේ ගැළවීම සනාථ කරන සේක.

හෙබ්‍රෙව් ලියවිල්ලේ සදාකාලික බව ස්ථිර බව යේසුස්වහන්සේ සමග සම්බන්ධ බව මතක තබාගන්න. හෙබ්‍රෙව් 1:10-12 පාඨ යේසුස්වහන්සේ ගැන මෙසේ පවසයි:

“නැවතද, ස්වාමීනි පටන් ගැන්මේදී මම පොළොවේ අත්තිවාරම ලූ සේක. ස්වර්ගවල ඔබගේ හස්ත කරම් වෙති. ඒවා විනාශ වන්නේය. නුමුත් ඔබ පවතින සේක. ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පරණ වන්නේය. ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක. වස්ත්‍රයක් මෙන් ඒවා මාරු වන්නේය. නුමුත් ඔබ එකාකාරමය. ඔබගේ අවුරුදු තීන්දු නොවන්නේය.” හෙබ්‍රෙව් යේසුස්වහන්සේගේ පූජක තනතුර සදහටම පවතින බවද පවසයි. (හෙබ්‍රෙව් 7:3, 24). ගළවනු ලැබූ අයගේ උරුමයද ඒ හා සමාන බවද පවසයි. (හෙබ්‍රෙව් 10:34). අවසාන විනිශ්චයේදී “යේසුස්වහන්සේව” තදින් අල්ලා සිටින අය සොලවනු නොලබන්නෝය. (ගීතාවලිය 46:5).

හෙබ්‍රෙව් 12:28 වැනි පාඨය, අපට “සොලවන්ට බැරි රාජ්‍යයක්,” ලැබෙන බවද පවසයි. මෙය දානියෙල් 7:18 මගින්, “ශුද්ධවන්තයෝ රාජ්‍යය ලැබ, සැම කලටම, “සදාකාලයටම, රාජ්‍යය භුක්ති විඳින්නෝය” කරන ප්‍රකාශය වේ. මෙය “කිසිදිනක විනාශ කළ නොහැකි රාජ්‍යය වේ.” දානියෙල් 2:44 පාඨයේ සඳහන් වේ. මේ ආකාරයෙන් රාජ්‍යය අයිති වන්නේ පුත්‍රයාණන්වය. එහෙත් උන් වහන්සේ එය අප සමග බෙදාගන්නා සේක. එළිදරව් 20:4 පාඨය මෙසේ පවසයි. අපව පීඩාවට පත් කළාවූ බලවේගයන් අපි උන්වහන්සේ සමග විනිශ්චය කරන බවය. (1 කොරින්ති 6:3 ද බලන්න).

ඔබ කම්පා නොවී සිටීමේ කොපමණ හොඳින් සිටීද? එතරම් හොඳ නොවේ නම්, මෙම වැදගත් ක්ෂේත්‍රයේ උපකාරයක් ලැබීම සඳහා කුමන තෝරාගැනීම් කළ යුතුද? (එපීස 4:14 බලන්න).

බ්‍රහස්පතින්දා

මාර්තු 17

අපි කෘතඥ වෙමු

හෙබ්‍රෙව් ලිපිය අවසන් කරන්නේ, දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කර ඇති සියළුම පුදුමාකාර දේවල් වෙනුවෙන් දැක්විය යුතු ප්‍රතිචාරය වන්නේ සුදුසු ලෙස නමස්කාරය මගින් කෘතගුණ සැලකීම බව පෙන්වා දෙමිනි.

හෙබ්‍රෙව් 12:28 සහ හෙබ්‍රෙව් 13:15, 16 පාඨ සංසන්දනය කරන්න. අපි දෙවියන් වහන්සේව පිළිගත හැකි නමස්කාරය පුද කරන්නේ කෙසේද?

පැරණි ගිවිසුමේ ක්‍රමයට අනුව, මිනිසුන් පශ්චත්තාපය සහ කළගුණ සැලකීමේ ක්‍රමය වූයේ සිවුපාවුන් පූජා කිරීමය. එහෙත් මෙම පූජා යනු නමස්කාර කරන්නාගේ හදවත තුළ ඇතිවන කෘතඥතාවයේ සහ පශ්චත්තාප වීම විය යුතුයි. මේ ආකාරයෙන් දෙවියන්වහන්සේ ගීතාවලිය සහ අනාගත-වක්තෘන් තුළින් පැහැදිලි කර දුන්නේ, උන්වහන්සේව සතුටු කරන දෙය වන්නේ සිවුපාවුන්ගේ රුධිරය මගින් නොව, නමස්කාර කරන්නන්ගේ කෘතඥතාවය, යහපත් ක්‍රියා සහ ධර්මිෂ්ඨකම තුළින් බවය. (ගීතාවලිය 50:7-23; යෙසායා 1:11-17).

මේ ආකාරයෙන් දෙවියන්වහන්සේ ප්‍රීතියට පත් කරන සත්‍ය නමස්කාරය වන, ප්‍රශංසාව, පාපොච්ඡාරණය ස්තූති දීමනාව සහ යහපත් ක්‍රියා මගින් පූජා ඔප්පු කරමින් ස්වර්ගීය ශුද්ධස්ථානයේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන මෙන් පාවුල් තුමා අපට ආරාධනා කරයි. අපි මේ පූජා පොළොවේදී පුද කරමු. එහෙත් ඒවා ස්වර්ගයේදී දෙවියන්වහන්සේට ප්‍රසන්න ලෙස පිළිගනු ලැබේ. මෙම අවවාදය තුළ පාවුල් මෙම ලිපිය පුරාම යේසුස්වහන්සේගේ නාමයෙන් පාපොච්ඡාරණය කරන ලෙස කරන ලද කැඳවීම් සියල්ල ගැබ්වී ඇත. (හෙබ්‍රෙව් 3:1 හෙබ්‍රෙව් 4:14 හෙබ්‍රෙව් 4:23). එමෙන්ම අප දිගටම යහපත් ක්‍රියා කළ යුතුය යන ඔහුගේ අවවාදයද එහි ඇතුළත්ය. (හෙබ්‍රෙව් 6:10-12; හෙබ්‍රෙව් 13:1, 2, 16).

“දෙවියන්වහන්සේට පිළිගත හැකි නමස්කාරයක් ඔප්පු කරන” ලෙස පාවුල් පාඨකයින්ට කරන ආරාධනාව (හෙබ්‍රෙව් 12:28). අදාළ වන්නේ ඇදහිලිවන්තයින් දැන් පූජක ජාතියක් බවත්, ඔවුන් යේසුස්වහන්සේගේ පූජාව තුළින් අංග සම්පූර්ණත්වයට සහ විශුද්ධත්වයට පත්ව ඇති බවත්ය. (හෙබ්‍රෙව් 10:10-14; 19-23). මෙමගින් ඉශ්‍රායෙල්වරුන් වෙනුවෙන් දෙවියන්වහන්සේගේ මුල් පරමාර්ථය ඉෂ්ට වෙයි. එනම් එය පූජක පරපුරක් (ජාතියක්) වන බවත්, එම ජාතිය තුළින්, ලෝකයට ගැළවීම ලබා දීමේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට උන්වහන්සේට හැකි වන බවත්ය. (නික්මයාම 19:4-6; 1 පේත්‍රැස් 2:9, 10; එළිදරව් 1:6; එළිදරව් 5:10).

හෙබ්‍රෙව් 13:1-6 පාඨ වලින්, යහපත් කිරීම යන්නෙහි අර්තය සහ අප සතු දේවල් බෙදා ගැනීම යනු කුමක්ද යන්න ගැන ප්‍රායෝගික ලෙස විස්තර කරයි. එහි අර්ථය වන්නේ යේසුස්වහන්සේ අප කෙරෙහි දැක්වූ ආකාරයේ සහෝදර ප්‍රේමයක් දැක්වීමයි. (හෙබ්‍රෙව් 2:11, 12). ඉන් අර්ථවත් වන්නේ, ආගන්තුක සත්කාරය දැක්වීම, බන්ධනාගාරයේ සිටින අය බැහැ දැකීම හෝ නොසලකා හරිනු ලැබූ අය බැහැ දැකීම (හෙබ්‍රෙව් 13:3) සහ කාම මිථ්‍යාචාරය සහ අන්සතු දේ පැහැර ගැනීම ප්‍රතික්ෂේප කිරීම.

අප සතු දේවල් බෙදා ගැනීම සහ යහපත් ක්‍රියා දෙවියන්වහන්සේට කරන නමස්කාරයේ කොටසක් ලෙස, සැලකීම වැදගත් වන්නේ ඇයි? ඒ සමගම, අප දෙවියන්වහන්සේට ඔප්පු කරන ආත්මික පූජා දූෂ්‍ය විය හැකි සත්‍ය ක්‍රම මොනවාද? (යෙසායා 1:11-17).

සිකුරාදා

මාර්තු 18

වැඩිදුර අධ්‍යයනය සඳහා: “පළමු සහ දෙවෙනි, නැවත නැගිටීම අතර අවුරුදු දහසක කාලය තුළදී කෲර මිනිසුන්ගේ විනිශ්චය සිදුවෙයි. පාවුල් ප්‍රොපේත-වරයා මෙම විනිශ්චය පෙන්වා දෙන්නේ දෙවෙනි පැමිණීමෙන් පසුව සිදුවන දෙයක් ලෙසය. “එබැවින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරල්ලා. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව් කොට සිත්වල අදහස් ප්‍රකාශ කරන සේක. එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.” (1 කොරින්ති 4:5). දානියෙල් ප්‍රකාශ කරන්නේ පුරාණයේ දවස් පැමිණිවිටදී, “මහෝත්තමයා-ණන්ගේ ශුද්ධවන්තයින්ට යුක්තිය කරන තුරුද” දානියෙල් 7:22 පාඨයෙන් එසේ ප්‍රකාශ කරයි. මේ වන විට ධර්මිෂ්ඨ අය දෙවියන්වහන්සේට රජවරුන් සහ පූජකවරුන් මෙන් පාලනය කරති. එළිදරව් පොතෙහි යොහන්තුමා මෙසේ පවසයි. “තවද සිංහාසන දුටිමි. ඔවුහු එහි හිඳ ගත්තෝය. විනිශ්චය ඔවුන්ට දෙන ලද්දේය.” “ඔවුහු දෙවියන්වහන්සේගෙත්, ක්‍රිස්තුස්වහන්සේගෙත් පූජකයෝව, උන්වහන්සේ හා සමග අවුරුදු දහසක් රජකම් කරන්නෝය.” (එළිදරව් 20:4, 6). පාවුල් පෙරනිමිති කී ආකාරයට, “ශුද්ධවන්තයින් ලෝකය විනිශ්චය කරන්නේ,” මේ කාලයේදීය. (1 කොරින්ති 6:2). ක්‍රිස්තුස්වහන්සේ සමග එක්සත්වී ඔවුහු නපුරු අය විනිශ්චය කරති. එනම් ඔවුන්ගේ ක්‍රියා ප්‍රඥප්ති පොත, එනම් බයිබලය සමග සංසන්දනය කිරීමෙනි. සෑම නඩුවක්ම ඔවුන් කරන ලද ක්‍රියා අනුව විසඳේ. එවිට කෲර අයට ඔවුන්ගේ ක්‍රියා අනුව විඳීමට ඇති දඬුවම දෙනු ලැබේ. ඔවුන්ගේ නම් වලට ඉදිරියෙන් මරණ පොතේ ලියනු ලැබේ.

“සාතන්ද දුෂ්ට දූතයින්ද ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සෙනඟ විසින් විනිශ්චය කරනු ලබන බව පාවුල් මෙසේ පවසයි:  “අපි දේවදූතයන් විනිශ්චය කරන්නෙමු යයි නුඹලා දන්නේ නැද්ද?’‘ (1 කොරින්ති 6:3). එමෙන්ම යූදස් (යූද්) මෙසේ ප්‍රකාශ කරයි. “තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත, ස්වකීය වාසස්ථානය අත්හැරියාවූ දේවදූතයන්ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට සදාකාල බැඳුම් වලින් බැඳ තැබූ සේක. (යූදස් 6). —Ellen G. White, The Great Controversy, pp. 660, 661.

සාකච්ඡා සඳහා ප්‍රශ්න:

  1. දුෂ්ටයින්ගේ විනිශ්චයේදී ශුද්ධවන්තයින්ගේ සහභාගිත්වය දෙවියන්වහන්සේ ගැන පවසන්නේ කුමක්ද? (1 කොරින්ති 6:3; යූදස් 6). උන්වහන්සේ පාපය සහ දුෂ්ටකම ගැන කටයුතු කිරීමේදී උන්වහන්සේගේ යහපත්කම සහ සාධාරණත්වය පෙන්වීමේදී අප සමග කොතරම් විනිවිද පෙනෙන සුළු වන සේක්ද?
  2. නික්මයාම 32:32; ගීතාවලිය 56:8; ගීතාවලිය 69:28; ගීතාවලිය 139:16; යෙසායා 4:3; දානියෙල් 12:1; මලාකි 3:16; ලූක් 10:20; එළිදරව් 13:8 සහ එළිදරව් 17:8 පාඨ කියවන්න. ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ පොත් ගැන සඳහන් කර ඇත. එම පොතේ කුමන ආකාරයේ දේවල් ලියා ඇත්ද? අපගේ කඳුළු පිළිබඳ වාර්තාවක් දෙවියන්වහන්සේ විසින් පවත්වාගෙන යාම වැදගත් වන්නේ ඇයි? (ගීතාවලිය 56:8) උදාහරණයක් ලෙස, දෙවියන්වහන්සේ සියල්ල දන්නේ නම්, එබඳු පොත් හෝ වාර්තවාල ඇති පරමාර්ථය කුමක්ද?
  3. හෙබ්‍රෙව් ලිපියේ තර්කය දානියෙල්හි පොරොන්දු වලට සම්බන්ධ කරමින් අවසන් කිරීම වැදගත් වන්නේ මන්ද? මෙම සම්බන්ධතා ස්වර්ගයේ යේසුස්වහන්සේගේ මෙහෙය පිළිබඳ කරන විස්තර වැදගත් වන්නේ ඇයි? දානියෙල් 7 වැනි පරිච්ඡේදයෙන් මෙලොව සහ වැටුණාවූ දේවල් ගැන අප කුමක් උගන්වයිද?