8 පාඩම
පෙබරවාරි 12-18
යේසුස්වහන්සේ, නව ගිවිසුමේ මැදිහත්කාරයාණන්වහන්සේ

සබත්දින පස්වරුවේ:
මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න. හෙබ්‍රෙව් 7:11-19; හෙබ්‍රෙව් 8:10-12; යෙරමියා 31:31-34; හෙබ්‍රෙව් 8:1-6; නික්මයාම 24:1-8; එසකියෙල් 36:26,27.
කටපාඩම් පදය: “නුමුත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවනු ලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාර කෙනෙක්ව සිටින්නාසේම උන්වහන්සේ වඩා උතුම් සේවයක් ලැබූසේක.” (හෙබ්‍රෙව් 8:6).
අංග සම්පූර්ණ ජීවිතයක් ගතකර, ඉන්පසු අප වෙනුවෙන් දිවි පිදීම මගින්, යේසුස්වහන්සේ අප සහ දෙවියන්වහන්සේ අතර වඩා හොඳ නව ගිවිසුමකට මැදිහත්කාරකම් කළසේක. උන්වහන්සේගේ මරණය තුළින්, අපගේ වැරදි නිසා ලැබිය යුතු මරණය අවලංගු කොට නව ගිවිසුම ඇති කිරීමට හැකියාව ලබාදුන් සේක.
සත්‍යය හෙබ්‍රෙව් 10:5-10 පාඨවලින් විස්තර කර ඇත. එමගින් ගිවිසුමට අනුකූල වන සම්පූර්ණ කීකරුකම යේසුස්වහන්සේ පවත්වාගෙන ගිය බව හඳුනා ගනියි. එය ගීතාවලිය 40 වැනි පරිච්ඡේදය ගැන සඳහන් කරයි. ඉන් දෙවියන්වහන්සේට සම්පූර්ණ කීකරුකම ලබාදීමට මෙසියස්වහන්සේට ඇති කැමැත්ත පෙන්වා දෙයි. “එවිට මම කථා කොට මෙන්න, මම ඇවිත් සිටිමි. පොත් කාණ්ඩයෙහි මා ගැන ලියන ලද්දේය. මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රිය වෙමි. එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහි යයි කීමි.’‘ (ගීතාවලිය 40:7,8). මුල් අනුවාදයට අනුව, [‘to do your will’] යන වාක්‍යාංශයට මගින් දෙවියන්වහන්සේගේ කැමැත්තට සදාචාරාත්මක කීකරුකම විස්තර කරයි. හෙබ්‍රෙව් ලිපියේ කතුවරයා මෙම වාක්‍යාංශය භාවිතා කරන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව මගින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුකළ බවත්, ඒ අනුව පිළිගත හැකි කමාව සපයනු ලැබූ බවත්ය. එනම් සිවුපා පූජාවන් මගින් සපයා නොදුන්නාවූ පූජාවකි.” —The SDA Bible Commentary, vol. 7, p. 460.
මෙම ගීතිකාව යේසුස්වහන්සේ මෙලොව පහළවීම සමග විශේෂ වැදගත්කමක් පාවුල්ට අත්පත් කර දුණි. යේසුස්වහන්සේ නව ගිවිසුමේ කීකරුකම මූර්තිමත් කළසේක. උන්වහන්සේ අපගේ ආදර්ශය වන සේක. අපව ගළවනු ලැබුවේ, උන්වහන්සේගේ මරණය නිසා පමණක් නොව එහෙත් උන්වහන්සේගේ අංග සම්පූර්ණ කීකරුකම නිසාය.
- පෙබරවාරි 19 වන සබත් දිනට සූදානම් වීම පිණිස මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න.
ඉරිදා
පෙබරවාරි 13
නව ගිවිසුමක අවශ්‍යතාවය
හෙබ්‍රෙව් 7:11-19 පාඨ කියවන්න. නව ගිවිසුමක් අවශ්‍ය වූයේ මන්ද?
මෙල්කිසදෙක් අනුකරණය කරමින්, යේසුස්වහන්සේ පූජක ධූරයට පත් කළබව හෙබ්‍රෙව් ලිපියට අනුව පැහැදිලිය. ඉන් හඟවනු ලබන්නේ නව ගිවිසුමක් ආරම්භ කළ බවය. පැරණි ගිවිසුම දෙනු ලැබුවේ ලෙවී පූජක ධූරය පදනම් කරගෙනය. (හෙබ්‍රෙව් 7:11). ලෙවී පූජකවරු ක්‍රියා කළේ දෙවියන්වහන්සේ සහ ඉශ්‍රායෙල්වරුන් අතර මැදිහත්කාරයින් මෙනි. ව්‍යවස්ථාව මගින් පූජක තනතුරු වලින් වෙනත් අය බැහැර කළේය. කතුවරයා අවසන් කරන්නේ, එසේ නම්, ගිවිසුම වෙනස් කිරීම යන්නෙන් අදහස් වන්නේ, පූජක තනතුර පිළිබඳ ව්‍යවස්ථාව සහ ගිවිසුමේ වෙනස්වීමක් බවයි. (හෙබ්‍රෙව් 7:12,18,19).
පැරණි ගිවිසුම පිළිබඳ ගැටළුව වූයේ ඉන් අංග සම්පූර්ණත්වය අත්කර දිය නොහැකි වීමයි. (හෙබ්‍රෙව් 7:11). පාවුල් ලෙවී පූජක ධූරයේ මෙහෙය (පූජා සහ උත්සව වැනි දේවල්) ගැන කථා කරයි. ඒවා තුළින් ඔප්පු කරනු ලැබූ සිවුපාවුන් පුජා කිරීම මගින් පාපයෙන් සත්‍යවූද, සම්පූර්ණවූද පවිත්‍ර කිරීමක් නොලැබුණා පමණක් නොව, දෙවියන්වහන්සේ වෙතට ළඟාවීමටද නොහැකි විය. (හෙබ්‍රෙව් 10:1-4; 9:13,14; 10:19-23).
නව ගිවිසුමක් අවශ්‍ය වීම මගින් අදහස් කරන්නේ, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට පැරණි ගිවිසුම දීමේදී අසාධාරණයක් වූ බව නොවේ. ලෙවීවරුන්ගේ මෙහෙය සහ කූඩාරම් මෙහෙය සැලසුම් කර තිබුණේ ඔවුන්ව ප්‍රතිමා වන්දනාවෙන් ආරක්ෂා කිරීම සඳහාත්, යේසුස්වහන්සේගේ අනාගත මෙහෙය වෙතට ඔවුන් යොමු කිරීම සඳහාත්ය. හෙබ්‍රෙව් ලිපිය මගින් අවධාරණය කරනු ලබන්නේ, පූජා, “පැමිණීමට ඇති යහපත් දේවල් වල සෙවනැල්ලක්” ලෙසය. (හෙබ්‍රෙව් 10:1).
ඔවුන්ව යේසුස්වහන්සේ වෙත යොමු කරමින් ඔප්පු කරන ලද පූජා මගින් මිනිසුන්ට ඔවුන්ගේ විශ්වාසය සහ බලාපොරොත්තුව, ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණන්…..” (යොහන් 1:29) වෙත තබන්නට ඇත. (යෙසායා 53 වැනි පරිච්ඡේදය මග සංසන්දනය කරන්න). ව්‍යවස්ථාව පිළිබඳ මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ.” මෙසේ පවසන පාවුල් මෙම කරුණාව පෙන්වා දෙයි. (ගලාති 3:24). එසේත් නැත්නම්, “මක්නිසාද අදහන සියළුදෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වන සේක.” (රෝම 10:4).
වෙනත් වචන වලින් කියතොත්, කොතෙක් සම්පූර්ණ හෝ යහපත් වුවද දස පනතටවත් ගැළවීම ලබා දිය නොහැකිය. (රෝම 3:20-28; 7:12-14). ඒවා ධර්මිෂ්ඨකමේ අංග සම්පූර්ණ ප්‍රමිතියක් ලබා දෙයි. එහෙත් ඒවා මගින් ධර්මිෂ්ඨකම සපයා නොදෙයි. එනම් කැඩපතකින් බැලීම තුළින් මහළු වියේ රැළි මැකිය නොහැකිවා සමානවය. අංග සම්පූර්ණ ධර්මිෂ්ඨකම සඳහා අපගේ ආදේශකය ලෙස යේසුස්වහන්සේ අපට අවශ්‍ය වේ.
ව්‍යවස්ථාවට අපව ගැළවිය නොහැක්කේ ඇයි? එපමණක් නොව අප සියළුම පනත් හොඳින් රක්ෂා කළද දෝෂ රහිත ලෙස පවා එය අපව මුදා නොගන්නේ ඇයි?
සඳුදා
පෙබරවාරි 14
නව සහ අළුත්කරනු ලැබූ
හෙබ්‍රෙව් 8:10-12 පාඨ ද්විතීය කථාව 6:4-6, ද්විතීය කථාව 30:11-14 සහ යෙරමියා 31::31-34 පාඨ සමග සංසන්දනය කරන්න. මෙය අපට නව ගිවිසුමේ ස්වභාවය ගැන උගන්වන්නේ කුමක්ද?
හෙබ්‍රෙව් ලියවිල්ලේ නව ගිවිසුම ගැන පොරොන්දුව යෙරමියා පොත වෙතට ආපසු යොමු වෙයි. යෙරමියාට අනුව, නව ගිවිසුමක් පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුව වන්නේ, උන්වහන්සේ මෝසෙස් තුළින් ඉශ්‍රායෙල්වරුන් සමග මුලින්ම ඇති කරගත් ගිවිසුම අළුත් කිරීමකි. (යෙරමියා 31:31-34). එසේනම් එය යෙරමියා 31 වැනි පරිච්ඡේදයේ කථා කරන්නේ “නව” ගිවිසුමක් ගැන නොව, එහෙත් ඉශ්‍රායෙල්වරුන් සමග ගිවිසගත් මුල්ම ගිවිසුම “අළුත් කිරීම’‘ ගැනය යන්න පිළිබඳ තර්ක කළ හැකිය. එපමණක් නොව ඒ සඳහා යොදා ඇති හෙබ්‍රෙව් වචනය (hadashah) යන්නෙහි අර්ථය “අළුත් කිරීම” සහ “අළුත්” වෙයි.
පැරණි ගිවිසුමේ ගැටළුව වූයේ මිනිසුන් එය කඩා දැමීමයි. (හෙබ්‍රෙව් 8:8,9). ගිවිසුම වැරදි සහිත නොවීය. මිනිස්සු එසේ වූහ. ඉශ්‍රායෙල්වරුන් සංකේත තුළින් මෙසියස්වහන්සේගේ පැමිණීම දැක තිබුණේ නම් සහ උන්වහන්සේ තුළ විශ්වාසය තැබුවේ නම්, ගිවිසුම බිඳ නොදමන්නට ඉඩ තිබුණි. එසේ වුවද සාධාරණීයකරණය සඳහා, ඉශ්‍රායෙල් ඉතිහාසය තුළ බොහෝ විශ්වාසවන්තයින් සිටි අතර, ඔවුන් තුළින් ගිවිසුමේ පරමාර්ථ ඉෂ්ට කරනු ලැබූ අතර ඔවුන්ගේ හදවත් තුළ ව්‍යවස්ථාව තිබුණි. (ගීතාවලිය 37:31; ගීතාවලිය 40:8; 119:11; යෙසායා 51:7).
නව ගිවිසුම පැරණි ගිවිසුමේ අළුත් කිරීමක් වන අතර, එය අළුත් බවට හැඟීමක් එහි ඇත්තවශයෙන්ම ඇත. “නව ගිවිසුමක්” පිළිබඳ යෙරමියාගේ පොරොන්දුව සරල වශයෙන් ගත් විට, පිටමං කිරීමට පෙර පැවති තත්වයක් අළුත් කිරීම පරිකල්පනය නොකළේය. එනම් එම ගිවිසුම කිහිප වතාවක් කඩ කරනු ලැබීය. මක්නිසාද, ජාතිය කිහිප වතාවක් ඇදහිල්ල අත්හළ බැවිනි. එය සිදුවූයේ, මිනිසුන් දෙවියන්වහන්සේ සමග ගිවිසුමේ ඔවුන්ගේ කාර්යය ඉෂ්ට කිරීමට අකැමති වූ නිසාය. (යෙරමියා 13:23).
ඒ වෙනුවට දෙවියන්වහන්සේ “අළුත් යමක්” කිරීමට පොරොන්දු වූසේක. (යෙරමියා 31:22). ගිවිසුම දෙවියන්වහන්සේ ඔවුන්ගේ පියවරුන් සමග සෑදූ ගිවිසුම මෙන් නොවන්නේය. (යෙරමියා 31:32). මිනිසුන්ගේ අවිශ්වාසවන්තකම නිසා මෝසේසගේ ගිවිසුම යටතේ දෙවියන්වහන්සේ සෑදූ ගිවිසුම කිසිවිටක ඉෂ්ට නොකරන ලදී. දැන් සහතිකයේ ගුණ ධර්මය පුත්‍රයාණන්වහන්සේ විසින් දෙනු ලැබීය. (හෙබ්‍රෙව් 7:22). දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුමේ පරමාර්ථ ඉෂ්ට කරනසේක. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ව්‍යවස්ථාව වෙනස් කළේවත් උන්වහන්සේගේ ප්‍රමිතිය පහත් කළේවත් නැත. ඒ වෙනුවට උන්වහන්සේ ගිවිසුමේ පොරොන්දු සහතික කිරීම සඳහා උන්වහන්සේගේ පුත්‍රයාණන් එවූ සේක. (හෙබ්‍රෙව් 7:22; හෙබ්‍රෙව් 6:18-20). මෙම ගිවිසුමට ශාප නැත්තේ ඒ නිසාය. එහි ඇත්තේ ආශිර්වාද පමණකි. මක්නිසාද, යේසුස්වහන්සේ එය අංග සම්පූර්ණ ලෙස ඉටු කළසේක. එනම් අප වෙනුවේ ශාපයක් වීමෙනි. (ගලාති 3:13).
2 තිමොති 2:13 කියවන්න. අපි අන් අය සමග පවත්වන සම්බන්ධකම් සහ අපගේ සැලසුම් පිළිබඳ සලකා බලන විට දෙවියන්වහන්සේගේ මිනිසුන්ට සහ උන්වහන්සේගේ විශ්වාසවන්ත භාවය ගැන අපට කුමක් ඉගෙන ගත හැකිද?
අඟහරුවාදා
පෙබරවාරි 15
නව ගිවිසුමට වඩා හොඳ මැදිහත්කාරයාණන් කෙනෙක් ඇත
හෙබ්‍රෙව් 8:1-6 පාඨ කියවන්න. යේසුස්වහන්සේ ගිවිසුමේ වඩා හොඳ මැදිහත්කාරයාණන් වන්නේ ඇයි?
“මැදිහත්කාරයාණන්” යන වචනයට ග්‍රීක වචනයේ අර්ථය වන්නේ මැදින් ඇවිදින හෝ සිටගෙන සිටින යන්න අදහස් කරයි. එය පහත සඳහන් කාර්යයන්ගෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් කරන්නාවූ හෝ ඉටු කරන්නාවූ පුද්ගලයින් පිළිබඳ භාවිතා කරන වචනයකි. (1) පක්ෂ දෙකක් හෝ ඊට වඩා ගණනක් අතර බේරුම්කරු හෝ විනිශ්චයකාරයා (2) ව්‍යාපාරයක තැරැව්කරු හෝ ගනුදෙනු කාරයා, (3) වචනයේ නීතිමය අර්ථයෙන් සාක්ෂිකරු හෝ (4) ඇපකරයක් ලෙස පෙනී සිටින්නා සහ ඒ අනුව ගිවිසුමක් ක්‍රියාත්මක කරන්නා.
“මැදිහත්කාරයා” යන්නට යෙදෙන ඉංග්‍රීසි වචනයෙන් ඉතා පටු අදහසක් ඉදිරිපත් කරයි. මක්නිසාද ඉන් අවධාරණය කරන්නේ පළමුවන, දෙවන සහ තුන්වන (ප්‍රයෝජන) ක්‍රම පමණක් බැවිනි. කෙසේවෙතත් හෙබ්‍රෙව් වචනය කාර්යයන් හතරම අර්ථවත් කෙරේ. යේසුස්වහන්සේ මැදිහත්කාරයාණන් වන්නේ, උන්වහන්සේ දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර ඇති අරගලය විසඳන්නා හෝ පක්ෂ දෙකක් ඇතර ඇති අසහනය විසඳා සාමය ඇති කරන සාක්ෂිකරුවෙක් ලෙස හෝ නොවේ. ඒ වෙනුවට, හෙබ්‍රෙව් ලිපිය විස්තර කරන්නේ යේසුස්වහන්සේ නව ගිවිසුමේ ඇපකරය ලෙසය. (හෙබ්‍රෙව් 7:22). හෙබ්‍රෙව් ලිපියේ, “මැදිහත්කාරයාණන්” යන යෙදුම “ඇපකරු” යන්න හා සමාන වේ. උන්වහන්සේ ගිවිසුමේ පොරොන්දු ඉටු කරන්නේද යන්න ගැන ඇපකාරයෙක් වනසේක.
ක්‍රිස්තුස්වහන්සේගේ මරණය නව ගිවිසුම (පිහිටුවීම) සංස්ථාපනය පහසු කරන ලදී. මක්නිසාද එය ඉශ්‍රායල්වරුන් සමග ඇති කරගත් පළමු ගිවිසුම සාර්ථකත්වයට පත් කරයි. (ඒදන් උයනෙහි මුල්ම මනුෂ්‍යයා සමග පවා) එම ගිවිසුම කඩකරනු ලැබීය. (හෙබ්‍රෙව් 9:15-22). එනම්, කඩ කරන ලද ගිවිසුමේ සියළුම නීතිය පිළිබඳ වගකීම තමන් පිට පවරා ගන්නාවූ ඇපකරු වන්නේ යේසුස්වහන්සේ බැවිනි. වෙනත් අර්ථයක් වන්නේ යේසුස්වහන්සේ ස්වර්ගයේ ඔසවා තැබීම මගින් මනුෂ්‍යයින් වෙනුවෙන් දෙවියන්වහන්සේ පොරොන්දු ඉටුවීම සහතික කරයි. (හෙබ්‍රෙව් 6:19,20). යේසුස්වහන්සේ ගිවිසුම සහතික කරන සේක. මක්නිසාද, දෙවියන්වහන්සේගේ පොරොන්දු සත්‍ය බව උන්වහන්සේ පෙන්වා දුන් බැවිනි. යේසුස්වහන්සේව නැවත නැගුටුවා, උන් වහන්සේගේ දකුණු පසින් උන්වහන්සේ හිඳුවා, පියාණන්වහන්සේ අපට පෙන්වාදී ඇත්තේ, උන්වහන්සේ අපවද නැවත නැගුටුවා උන්වහන්සේ වෙතට ගන්නා බවය.
යේසුස්වහන්සේ මෝසෙස්ට වඩා ශ්‍රේෂ්ඨවූ මැදිහත්කාරයාණන් කෙනෙක් වන සේක. මක්නිසාද උන්වහන්සේ ස්වර්ගීය ශුද්ධස්ථානයේ සේවය කරන අතර අප වෙනුවෙන් උන්වහන්සේගේ අංග සම්පූර්ණ පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබූ සේක. (හෙබ්‍රෙව් 8:1-5; 10:5-10) මෝසෙස්ගේ මුහුණෙහි දෙවියන්වහන්සේගේ මහිමය දිස්විය. (නික්මයාම 34:29-35). එහෙත් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ මහිමය වනසේක. (හෙබ්‍රෙව් 1:3; යොහන් 1:14). මෝසෙස් දෙවියන්වහන්සේ සමග මුහුණට මුහුණ ලා කථා කළේය. (නික්මයාම 33:11). එහෙත් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ වචනයේ මූර්තිය වූ සේක. (හෙබ්‍රෙව් 4:12,13; යොහන් 1:1-3,14).
ඔව්, ක්‍රිස්තුස්වහන්සේ කීකරුකම වෙනුවෙන් ගිවිසුමේ ඉල්ලුම සාර්ථකව ඉටුකළ සේක. මේ ආලෝකය තුළ, අපගේ ජීවිතයේ කීකරුකමේ නීතිය කුමක්ද සහ එය තවමත් එතරම් වැදගත් වන්නේ ඇයි?
බදාදා
පෙබරවාරි 16
නව ගිවිසුමේ වඩා හොඳ පොරාන්දු
නව ගිවිසුමේ “වඩා හොඳ පොරොන්දු” ඇතැයි සිතන්නට අපි පෙළඹෙනු ඇති. එනම් එහි පැරණි ගිවිසුමට ලැබුණු දීමනාවලට වඩා ශ්‍රේෂ්ඨ දීමනා ඇතැයි යන අර්ථයෙනි. (ස්වර්ගීය මව්බිමක්, සදාකාල ජීවනය වැනි දේවල්). සත්‍යය වන්නේ දෙවියන්වහන්සේ පැරණි ගිවිසුමේ විශ්වාසවන්තයින්ට දුන්නාවූ දීමනාව අපටද ලබා දී ඇති බවය. (හෙබ්‍රෙව් 11:10,13-16 කියවන්න). හෙබ්‍රෙව් 8:6 “වඩා හොඳ පොරොන්දු” යන්නෙන් අදහස් වන්නේ විවිධ වර්ගයේ පොරොන්දුය.
දෙවියන්වහන්සේ සහ ඉශ්‍රායෙල්වරුන් අතර ගිවිසුම, දෙවියන්වහන්සේ සහ ඉශ්‍රායල්වරුන් අතර විධිමත් පොරොන්දු ලෙස මාරු කරගැනීමකි. දෙවියන්වහන්සේ මූලිකත්වය ගෙන ඉශ්‍රායෙල්වරුන්ව මිසරයෙන් මුදාගෙන ඔවුන්ව පොරොන්දු දේශයට ගෙන යාමට පොරොන්දු වූ සේක.
නික්මයාම 24:1-8 සහ හෙබ්‍රෙව් 10:5-10 පාඨ සංසන්දනය කරන්න. මෙම පොරොන්දු දෙකේ ඇති සමාන සහ අසමානකම් මොනවාද?
දෙවියන්වහන්සේ සහ ඉශ්‍රායල්වරුන් අතර ගිවිසුම රුධිරයෙන් අනුමත කරනු ලැබීය. මෙම රුධිරය අල්තාරයේ උඩින් සහ අල්තාරය අවට ඉසිනු ලැබීය. ඉශ්‍රායල්වරු දෙවියන්වහන්සේ ප්‍රකාශ කළාවූ සියළුමදේට කීකරුවීමට පොරොන්දු වූහ.
“සදාකාල ජීවනයේ තත්වය සැමවිටම පැවති ආකාරයට දැන්ද පවතී. මුල් දෙමවුපියන්ගේ වැටීමට පෙර පාරාදීසයේ පැවති ආකාරයටම එය අදත් ඇත. දෙවියන්වහන්සේගේ ආඥාවට අංග සම්පූර්ණ කීකරුකම, අංග සම්පූර්ණ ධර්මිෂ්ඨකම. සදාකාල ජීවනය මීට වඩා අඩු කොන්දේසි මත අත්කර දුන්නේ නම්, එවිට මුළු විශ්වයේම ප්‍රීතිය විනාශ කර දමනු ඇත. පාපයක විවෘතවී, දුක්ඛිත භාවය සහ කාලකන්නිකම මගින් අමරණීයත්වය යටපත් කරනු ඇත. —Ellen G. White, Steps to Christ, p. 62.
දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සම්පූර්ණ ඉල්ලුම සෑහීමට පත්කරන සේක. මක්නිසාද, උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් අපට දුන් අතර, අංග සම්පූර්ණ ජීවිතයක් ගත කරමින් ගිවිසුමේ පොරොන්දු උන්වහන්සේ තුළින් ඉෂ්ට කිරීම සඳහා, යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් අපට පුද කළසේක. යේසුස්වහන්සේගේ පොරොන්දු මගින් ගිවිසුමේ පොරොන්දු සහතික කරනු ලැබීය. (හෙබ්‍රෙව් 7:22). එය පළමුවෙන්ම ඉල්ලුම් කළේ දෙවියන්වහන්සේ උන්වහන්සේට ගිවිසුමේ ආශිර්වාද ලබා දීමයි. ඉන්පසු ඒවා අපට දෙනු ලැබේ. ඇත්තවශයෙන්ම “ක්‍රිස්තුස්වහන්සේ තුළ” සිටින අය උන්වහන්සේ සමග එම පොරොන්දු භුක්ති විඳින්නෝය. දෙවනුව උන්වහන්සේගේ එම ව්‍යවස්ථාවේ බලවත් කිරීම සඳහා දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් දෙන සේක.
ක්‍රිස්තුස්වහන්සේ ගිවිසුමේ ඉල්ලීම් සම්පූර්ණ කළසේක. එබැවින් දෙවියන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ටවීම අපට සැකයක් නොවේ. මෙය 2 කොරින්ති 1:20-22 පාඨවල අර්ථය අවබෝධ කරගැනීමට ඔබට කෙසේ උපකාරී වේද? මෙහි අපට කුමන පුදුමාකාර පොරොන්දු සොයා ගත හැකිද?
බ්‍රහස්පතින්දා
පෙබරවාරි 17
නව ගිවිසුම හදවතේ ගැටළු විසඳුවේය
යෙරෙමියා 31:33 පාඨයේ සඳහන් නව ගිවිසුමේ පොරොන්දු සහ එසකියෙල් 36:26,27 පාඨය සංසන්දනය කරන්න. ඒවා කෙසේ සම්බන්ධවේද?
පළමු ගිවිසුම් ලියවිල්ල ගල්ලෑලි වල දෙවියන්වහන්සේ විසින් ලියනු ලැබීය. එමෙන්ම එය දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මිනිසන් සමග ඇති කරගත් ගිවිසුමේ සාක්ෂියක් ලෙස ගිවිසුම් පෙට්ටියේ තැන්පත් කරනු ලැබීය. (නික්මයාම 31:18; ද්විතීය කථාව 10:1-4). ගල්වල ලියන ලද ලියවිලි කෙසේවෙතත් බිඳී යා හැකිය. යෙරෙමියා අත්දුටු අන්දමට “ස්ක්‍රෝල්ස්” කපා දැමිය හැකි අතර පුළුස්සා දැමිය හැකිය. (යෙරෙමියා 36:23).
එහෙත් නව ගිවිසුමේදී දෙවියන්වහන්සේ දැන් උන්වහන්සේගේ ව්‍යවස්ථාව මිනිසුන්ගේ හදවත් තුළ ලියන සේක. හදවත යනුවෙන් සඳහන් කරන්නේ, මතකයේ සහ අවබෝධ කරගැනීමේ ඉන්ද්‍රියයක් වන මනසය. (යෙරෙමියා 3:15; ද්විතීය කථාව 29:4). විශේෂයෙන් හෘද සාක්ෂියෙන් තීරණ ගත්තාවූ ස්ථානයයි. (යෙරෙමියා 3:10; 29:13).
පොරොන්දුව මගින් නිකම්ම ඥානයට මග පෑදුවේවත්, සැමදෙනාටම ව්‍යවස්ථාවට මග පෑදුවේවත් නොවේ. ඊටත් වඩා වැදගත් වන්නේ ජාතියේ හදවත වෙනස් කිරීමය. ඉශ්‍රායෙල්වරුන්ගේ ගැටළුව වූයේ ඔවුන්ගේ පාපය “ඔවුන්ගේ හදවත නමැති ගලෙහි යකඩ පෑනකින්…. දියමන්ති තුඩකින් …..” කොටා තිබීමය. (යෙරෙමියා 17:1). ඔවුන්ට හිතුවක්කාර හදවතක් තිබුණි. (යෙරෙමියා 13:10; 23:17). එබැවින් ඔවුන්ට යහපත් දේ කිරීමට හැකියාවක් නොතිබුණි. (යෙරෙමියා 13:23).
යෙරෙමියා ව්‍යවස්ථාවේ වෙනසක් පිළිබඳ ප්‍රකාශ නොකළේය. මක්නිසාද ඉශ්‍රායල්වරුන්ගේ ගැටළුව ව්‍යවස්ථාව නොව හදවතය. ඉශ්‍රායල්වරුන්ගේ විශ්වාසවන්තකම දෙවියන්වහන්සේ ඔවුන් වෙනුවෙන් කරන ලද දේවල් වලට දක්වන කෘතඥතාවයේ ප්‍රතිචාරයක් ලෙස වීම උන්වහන්සේගේ අපේක්ෂාව වූයේය. ඒ ආකාරයෙන් දෙවියන්වහන්සේ ඔවුන්ට උන්වහන්සේ ප්‍රේමය සහ රැකවරණය ප්‍රකාශ කරමින් ඓතිහාසික පෙරවදනක් සමග දස පනත දුන්සේක. (නික්මයාම 20:1,2). දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ ඉශ්‍රායෙල්වරුන්ට ඉතාම හොඳ දෙය ලබා දීම බැවින්, එය පිළිගැනීමක් ලෙස ඔවුන් උන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුවීම අපේක්ෂා කළසේක. එනම් ඔවුන්ව මිසරයෙන් ශ්‍රේෂ්ඨ ලෙස මුදා ගැනීමේදී එළිදරව් කරන ලද සත්‍යයයි. ඔවුන්ගේ කීකරුකම කෘත ගුණ සැලකීමේ ප්‍රකාශයක් විය යුතුව තිබුණි. එනම් ඔවුන්ගේ සම්බන්ධතාවය පවත්වාගෙන යාමේයථාර්ථයයි.
අද එය අපටද එසේම සත්‍යයක් වේ. නව ගිවිසුමේ පෙරවදන වන්නේ යේසුස්වහන්සේ අප වෙනුවෙන් දිවි පිදීමේ ප්‍රේමය සහ රැකවරණයයි. (ලූක් 22:20). සත්‍ය කීකරුකම ඇතිවන්නේ හදවතින් ප්‍රේමය ප්‍රකාශ කිරීමක් ලෙසය. (මතෙව් 22:34-40). මෙම ප්‍රේමය විශ්වාසවන්තයාගේ ජීවිතයේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ වැඩ සිටීමේ විශිෂ්ට සලකුණකි. දෙවියන්වහන්සේ උන් වහන්සේගේ ප්‍රේමය අප මත වගුරුවන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළිනි. (රෝම 5:5). එය පිළිගන්නා තැනැත්තාගේ ප්‍රකාශ වන්නේ ප්‍රේමය මගිනි. (ගලාති 5:22).
පැරණි (මුල් කාලීන) ඉශ්‍රායෙල්වරුන් දෙවියන්වහන්සේට ප්‍රේම කළේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය පවා අවබෝධ නොකර නම්, අපි ඔවුන් කළාට වඩා වැඩියෙන් දෙවියන්වහන්සේට ප්‍රේම නොකරන්නේ මන්ද? එම ප්‍රේමයේ යථාර්ථය කීකරුකම මගින් පවත්වන්නේ කෙසේද?
සිකුරාදා
පෙබරවාරි 18
වැඩිදුර අධ්‍යයනය සඳහා: “අපගේ හදවත් දෙවියන්වහන්සේගේ මෙන් අළුත් කරනු ලැබුවොත්, ආත්මය තුළ දිව්‍ය ප්‍රේමය පැළ කරනු ලැබුවොත්, අපගේ ජීවිත තුළින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගෙන යනු නොලබන්නේද? ප්‍රේමයේ ප්‍රතිපත්ති හදවත තුළ වගා කළ විට, මිනිසාව මැවුවාවූ උන්වහන්සේගේ ස්වරූපයට ඔහුව අළුත් කළවිටදී නව ගිවිසුමේ පොරොන්දු ඉටු කරනු ලබන්නේය. “මගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමි.” (හෙබ්‍රෙව් 10:16). එමෙන්ම ව්‍යවස්ථාව ලියා තිබේ නම්, එය ජීවිතය හැඩගස්වන්නේ නැද්ද? කීකරුකම – ප්‍රේමයේ මෙහෙය සහ පක්ෂපාතී භාවය සත්‍ය ගෝලකමේ සලකුණකි. ශුද්ධ ලියවිල්ල මෙලෙස ප්‍රකාශ කරයි. “මක්නිසාද දෙවියන්වහන්සේට ප්‍රේම වීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය….” “උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය. සැබෑවද ඔහු තුළ නැත.” (1 යොහන් 5:3; 2:4). මිනිසා කීකරුකමින් අත්හරිනවා වෙනුවට අපව ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේ කොටස්කරුවන් කරන්නේ ඇදහිල්ල, ඇදහිල්ල පමණක්ම මගිනි. එමගින් අපට කීකරුකම ඇති කරගැනීමට උපකාර කරනු ලැබේ.
“ඔබ වඩ වඩා යේසුස්වහන්සේ ළඟට පැමිණෙන විටදී, ඔබ වඩා වැරදි බව ඔබට පෙනේ. මක්නිසාද ඔබගේ දර්ශනය වඩා පැහැදිලි වන අතර, ඔබගේ දුර්වලතා උන්වහන්සේගේ අංග සම්පූර්ණත්වයට වඩා පුළුල් ලෙස වෙනස් ආකාරයකින් පෙනෙන නිසාය. මෙය සාතන්ගේ රැවටිලිවල බලය නැතිවී ගිය බවට සාක්ෂියකි. එනම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ ජීවමාන බලපෑම ඔබව පුබුදුවන බවයි.
තමා තුළ ඇති පාපකාරී බව අවබෝධ කර නොගත් හදවතක යේසුස්වහන්සේ කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් හට නොගනී. ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය මගින් වෙනස් කරනු ලැබූ ආත්මය උන්වහන්සේගේ දිව්‍ය චරිතය අගය කරනු ලැබේ. එහෙත් අපගේ සදාචාර විකෘතිය අපි නොදුටවහොත්, ක්‍රිස්තුස්වහන්සේගේ අලංකාරය සහ අනර්ඝත්වය අපි දැක නොතිබූ බවට නිවැරදි සාක්ෂියක් වෙයි.” —Ellen G. White, Steps to Christ, pp. 60,64,65.
සාකච්ඡා සඳහා ප්‍රශ්න:
- එලන් ජී. වයිට්ගේ ඉහත සඳහන් කියමන ගැන සිතන්න. “අපි වඩ වඩා ක්‍රිස්තුස්වහන්සේට කිට්ටු වන විට, අපි වඩා පාපකාරී බව අපගේම ඇස්වලට දිස්වෙයි” යන කියමන මගින්, අපගේ දුර්වලතා අවබෝධ කරගැනීම මගින් කලකිරීමට පත්වී ඇදහිල්ල අත්හැරීමට ඉඩ නොදිය යුතු බව පවසන්නේ කෙසේද?
- ව්‍යවස්ථාව අපගේ හදවත්වල ලියන ලදැයි යන අදහස මත මෙනෙහි කරන්න. එය කිතුනුවෙකුගේ ආත්මික ජීවිතය ගැන කුමක් පවසයිද? තම සත්‍යය අවබෝධ කරගැනීම සහ අත්දැකීම තුළින්, ඇත්තෙන්ම නීතිවාදය වන කීකරුකමෙන් වැළකී සිටීමට කෙසේ උපකාර කරයිද? එනම් “මියගියාවූ (මළ) ක්‍රියා” යනුවෙන් හැඳින්වෙන කීකරුකමය. (හෙබ්‍රෙව් 9:14).