6 පාඩම

(ජනවාරි 29 - පෙබරවාරි 04)

විශ්වාසවන්ත පූජකයාණන් වන, යේසුස්වහන්සේ

මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න. හෙබ්‍රෙව් 5:1-10; උත්පත්ති 14:18-20; 1 පේත්‍රැස් 2:9; හෙබ්‍රෙව් 7:1-3; හෙබ්‍රෙව් 7:11-16; හෙබ්‍රෙව් 7:22,26.

කටපාඩම් පදය: “එබඳු වූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිළිටිවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ග වලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍ය වූයේය.” (හෙබ්‍රෙව් 7:26).

දෙවියන්වහන්සේ සහ අප අතර පවතින අගාදය ඇති වීමට හේතු වූයේ පාපයයි. ගැටළුව සංයුක්ත වූයේ පාපය අපගේ ස්වභාවය දූෂ්‍ය කරනු ලැබූ නිසාය. දෙවියන්වහන්සේ ශුද්ධවන්ත වන සේක. උන්වහන්සේ තුළ පාපය පැවතිය නොහැකිය. එබැවින් අපගේ දූෂිත ස්වභාවය මගින් අපව දෙවියන්වහන්සේගෙන් වෙන් කරනු ලැබීමුව. වැරදි දිශාන්තියක ඇති කාන්දම් දෙකක් එකිනෙකා පළවා හරිනු හා සමානවය. ඊට අමතරව, අපගේ දූෂිත ස්වභාවය මනුෂ්‍යයින්ට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වීමට කිසිසේත් නොහැකි විය. පාපයට වැරදි අවබෝධයද ඇතුළත් වේ. මනුෂ්‍යයින් දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ අනුකම්පාව අහිමි කරගත්හ. එමෙන්ම ඔවුහු උන්වහන්සේ බැලීමට පැමිණියේ කෝපකාරී සහ බලකරන සුළු ලෙසය.

මේ සතියේදී අප ඉගෙන ගන්නට යන්නේ, එම අගාදය සම්බන්ධ කිරීමට පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ කළාවූ පුදුමාකාර දේවල් ගැනය. හෙබ්‍රෙව් 5-7 පරිච්ඡේද වලින් යේසුස්වහන්සේගේ පූජක තනතුර පිළිබඳ සැලකිලිමත් විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරේ. කතුවරයා එහි මූලය සහ පරමාර්ථය විශ්ලේෂණය කරයි. (හෙබ්‍රෙව් 5:1-10). ඉන්පසු ඔහු පාඨකයින්ට එය නොසලකා නොහරින ලෙස අවවාද කරයි. (හෙබ්‍රෙව් 5:11-6:8). එහෙත් ඒ වෙනුවට එමගින් සපයනු ලබන සහතිකය තදින් අල්ලා ගන්නා ලෙසය. (හෙබ්‍රෙව් 6:9-20). ඔහු යේසුස්වහන්සේගේ පූජක තනතුරේ අංග ලක්ෂණද විස්තර කරයි. (හෙබ්‍රෙව් 7:1-10). එමෙන්ම විශ්වාසවන්තයින්ට දෙවියන්වහන්සේගේ සම්බන්ධතාවය අදාළ කරගැනීමද විස්තර කරයි. (හෙබ්‍රෙව් 7:11-28). මේ සතියේදී අපි විශේෂිත ලෙස හෙබ්‍රෙව් 5:1-10 සහ හෙබ්‍රෙව් 7:1-28 පාඨ ගැන අවධාරණය කරමු.

  • පෙබරවාරි 05 වන සබත් දවස සඳහා සූදානම් වීමට මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න.

මනුෂ්‍යයින් වෙනුවෙන් පූජකවරයෙක්

හෙබ්‍රෙව් 5:1-10 පාඨ කියවන්න. පූජකවරයෙකුගේ කාර්යය කුමක්ද සහ මෙම ඡේදයට අනුව ඔහුගේ කාර්යය කෙසේ ඉටු කරයිද?

ලෙවීවරුන්ගේ පූජක ධූරය පැවතියේ, පාපකාරී මිනිසුන් සහ දෙවියන්වහන්සේ අතර මැදිහත්කාරකම් කිරීමය. දෙවියන්වහන්සේ විසින් පූජකවරුන් පත්කරනු ලබන්නේ මනුෂ්‍යයින් වෙනුවෙන් සේවය කිරීම සඳහාය. එබැවින්, ඔවුහු මනුෂ්‍ය දුර්වලතාවයන් හඳුනාගෙන අනුකම්පා සහගත විය යුතුය.

හෙබ්‍රෙව් 5:5-10 මගින් යේසුස්වහන්සේ එම පරමාර්ථ අංග සම්පූර්ණ ලෙස ඉෂ්ට කළ බව පාවුල් පවසයි. දෙවියන්වහන්සේ උන්වහන්සේ පත් කළසේක. (හෙබ්‍රෙව් 5:5,6), එමෙන්ම යේසුස්වහන්සේ අපව අවබෝධ කරගන්නා සේක. මක්නිසාද උන්වහන්සේද දුක් වින්ද සේක. (හෙබ්‍රෙව් 5:7,8).

කෙසේවෙතත් යම් යම් වෙනස්කම් ඇත. යේසුස්වහන්සේ, “මනුෂ්‍යයින් අතරෙන් තෝරාගනු නොලැබූ සේක.” (හෙබ්‍රෙව් 5:1). ඒ වෙනුවට යේසුස්වහන්සේ මනුෂ්‍ය ස්වභාවය රැගෙන, අප වෙනුවෙන් පූජකවරයෙක් ලෙස සේවය කළසේක. යේසුස්වහන්සේ පූජා ඔප්පු කළේ උන්වහන්සේගේම පාප උදෙසා නොවේය. (හෙබ්‍රෙව් 5:3). එහෙත් අපගේ පාප වෙනුවෙනි. මක්නිසාද උන්වහන්සේ පාපයෙන් තොරවූ නිසාය. (හෙබ්‍රෙව් 4:15; හෙබ්‍රෙව් 7:26-28).

හෙබ්‍රෙව් ලියවිල්ල යේසුස්වහන්සේ ගැන මෙසේ පවසයි. “තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන් වූ තැනැන්වහන්සේට …… උත්තර ලැබ” (හෙබ්‍රෙව් 5:7). හෙබ්‍රෙව් සඳහන් කරන්නේ දෙවෙනි මරණය ගැනය. එනම් උන්වහන්සේව උත්ථානවූ විටදී, දෙවියන්වහන්සේ උන්වහන්සේව ගළවා ගැනීමයි. (හෙබ්‍රෙව් 13:20). හෙබ්‍රෙව් මෙසේද පවසයි. “යේසුස්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නුමුත්, තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත් සේක. (හෙබ්‍රෙව් 5:8). කීකරුකම යේසුස්වහන්සේට අළුත් දෙයක් විය. ඒ උන්වහන්සේ අකීකරු වූ නිසා නොව එහෙත් උන්වහන්සේ දෙවියන්වහන්සේ වූ බැවිනි. විශ්වයේ බලධාරියාණන්වූ බැවින්, යේසුස්වහන්සේ කිසිවෙකුට කීකරු නොවූ සේක. ඒ වෙනුවට සියළුදෙනාම උන්වහන්සේට කීකරු වූහ.

යේසුස්වහන්සේගේ දුක් විඳීම සහ මරණය (කුරුසිය සහ මරණය) උන්වහන්සේගේ පූජක ජීවිතය අත්‍යවශ්‍ය කොටස් වෙයි. දුක් විඳීම යේසුස්වහන්සේ සදාචාරාත්මකව වර්ධනය වූ බව අර්ථවත් නොවේ. දුක් විඳීම මගින් උන්වහන්සේව අනුකම්පා සහගත නොකෙරිණි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස යේසුස්වහන්සේ සැමවිටම අනුකම්පා සහගත බැවින් මෙලොවට වැඩි සේක. අප වෙනුවෙන් උන්වහන්සේ අනුකම්පාව දැක්වූයේ ඒ නිසාය. (හෙබ්‍රෙව් 2:17). හෙබ්‍රෙව් ලිපියෙන් අදහස් කරන්නේ, දුක් විඳීම තුළින් උන්වහන්සේගේ සහෝදර ප්‍රේමය, උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවයේ අව්‍යාජත්වය සහ පියාණන්වහන්සේගේ කැමැත්තට මනුෂ්‍යත්වය වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස උන්වහන්සේගේ යටත්වීමේ ගැඹුර, සත්‍ය ලෙස ප්‍රකාශ කරන ලද සහ එළිදරව් කරන ලද බවත්ය. උන්වහන්සේ “අංග සම්පූර්ණ වූයේ” උන්වහන්සේගේ දුක් විඳීම අපගේ උත්තම පූජකයාණන් වීමට සුදුසුකම් ලබා දුන් බව යන අර්ථයෙනි. එනම් උන්වහන්සේ අංග සම්පූර්ණ කීකරුකමේ ජීවිතය සහ ඉන්පසු කුරුසිය මත මරණය මගිනි. එමගින් යේසුස්වහන්සේ අපගේ පූජකයා ලෙස පියාණන්වහන්සේ ඉදිරියේ පූජා කළාවූ සම්මාදමයි.

1 පේත්‍රැස් 2:9 පවසන්නේ අපි “රාජකීය පූජකයෝ” බවයි. ඔබ මෙම පූජනීය කාර්යයේ යෙදී සිටින බැවින් අන් මනුෂ්‍යයින් සමග පවත්වන සම්බන්ධතාවය, පිළිබඳ යේසුස්වහන්සේගේ ජීවිතය කුමක් පවසයිද?

මෙල්කිසදෙක්ගේ පිළිවෙලට අනුව

උත්පත්ති 14:18-20 සහ හෙබ්‍රෙව් 7:1-3 පාඨ කියවන්න. මෙල්කිසදෙක් යනු කවුද? ඔහු යේසුස්වහන්සේව පූර්ව නිරූපණ කළේ කෙසේද?

මෙල්කිසදෙක් රජෙකු සහ පූජකවරයෙකු වූයේය. ඔහු ආබ්‍රහම්ට වඩා උසස් වූ අතර ආබ්‍රහම් ඔහුට දශ භාගය ගෙවීය. ඒ ආකාරයෙන් යේසුස්වහන්සේ රජතුමෙකු සහ පූජකතුමෙකු වූ සේක. (හෙබ්‍රෙව් 1:3). කෙසේවෙතත් මෙල්කිසදෙක්ට වඩා වෙනස්වූ යේසුස්වහන්සේ පාපයෙන් තොර වූසේක. (හෙබ්‍රෙව් 7:26-28).

හෙබ්‍රෙව් 7:15 පාඨයමගින් විස්තර කරන්නේ, “මෙල්කිසදෙක්ගේ සමානත්වයේ හැටියට …” යේසුස්වහන්සේ පූජකවරයෙකු වූ සේක යන්නයි. හෙබ්‍රෙව් ලිපියේ පෙර ප්‍රකාශ කරන ලද, “… මෙල්කිසදෙක්ගේ පිළිවෙල ප්‍රකාර …” (හෙබ්‍රෙව් 5:6). පාඨයෙන් අදහස් වූයේද එයමය. යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ අනුප්‍රාප්තිකයෙක් නොවූවද උන්වහන්සේගේ පූජක ධූරය ඔහුගේ පූජක තනතුරට සමාන විය.

උදාහරණයක් ලෙස, මෙල්කිසදෙක්ට පියෙක්, මවක්, පෙළපතක්, උපතක් සහ මරණයක් නොවීය. සමහරු යෝජනා කරන්නේ මෙල්කිසදෙක් ආබ්‍රහම්ගේ කාලයේදී යේසුස්වහන්සේගේ ස්වරූපයෙන් ලොව පහළවූ අයෙක් බවය. එහෙත් මේ අදහස හෙබ්‍රෙව් ලියවිල්ලේ තර්කයට නොගැළපේ. මෙල්කිසදෙක් යේසුස්වහන්සේට “සමාන” වේ. ඉන් අදහස් වෙන්නේ ඔහු යේසුස්වහන්සේට වඩා වෙනස් බවය. (හෙබ්‍රෙව් 7:3).

මෙල්කිසදෙක් ස්වර්ගීය ජීවියෙකු බවද ඉන් යෝජනා වේ. එහෙත් මින් හෙබ්‍රෙව් ලිපියේ තර්කය විනාශ කර දමයි. මෙල්කිසදෙක් මව පියා හෝ ආරම්භය හෝ අවසානයකින් තොරවී නම් ඔහු දෙවියන්වහන්සේම වන්නේය. මින් ගැටළුවක් පැන නගියි. මෙල්කිසදෙක්ගේ ස්වර්ගීය, සම්පූර්ණයෙන්ම දිව්‍යමය පූජක තනතුර යේසුස්වහන්සේගේ මෙහෙයට පූර්වගමනයක් වූයේය. හෙබ්‍රෙව් පත්‍රය ප්‍රකාශ කරන ආකාරයට මෙය එසේ  වී නම්, “… මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද?” (හෙබ්‍රෙව් 7:11).

ඒ වෙනුවට, යේසුස්වහන්සේගේ පූජක මෙහෙයේ දර්ශනවදායක, සංකේතයක් ගොඩනැගීම සඳහා හෙබ්‍රෙව් ලිපිය, මෙල්කිසදෙක්ගේ උපත, මරණය සහ පෙළපත ගොඩනැගීමේදී ඒ පිළිබඳ ශුද්ධ ලියවිල්ල නිහඬ කරවයි. (උත්පත්ති 14:18-20). එමෙන්ම යේසුස්වහන්සේම පමණක් සදාකාලික වන සේක. කෙටියෙන් කියතොත්, මෙල්කිසදෙක් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වූ කානානි රජෙකු පූජකයෙකු විය.

“මෙල්කිසදෙක් තුළින් කථා කළේ ක්‍රිස්තුස්වහන්සේය. මහෝත්තමවූ දෙවියන්වහන්සේගේ පූජකයාණන්ය. මෙල්කිසදෙක් ක්‍රිස්තුස්වහන්සේ නොව, ලෝකය තුළ දෙවියන්වහන්සේගේ හඬය. එනම් පියාණන්වහන්සේගේ නියෝජිතයාය. එමෙන්ම අතීතයේ පරම්පරා තුළ ක්‍රිස්තුස්වහන්සේ කථා කර ඇත. ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ මිනිසුන්ට මගපෙන්වූ අතර, ලෝකයේ ආලෝකයද වූසේක.” —Ellen G. White, Selected Messages, book 1, p. 409.

මනුෂ්‍ය මිෂනාරිවරුන් විසින් කිසිවිටක දේශනා කරනු නොලැබූ අය අතර දෙවියන්වහන්සේ ක්‍රියාකරන ආකාරය ගැන මෙල්කිසදෙක් පිළිබඳ එළිදරව්වෙන් කුමක් උගන්වයිද?

සාර්ථක පූජකවරයෙක්

“ඉදින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනග ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙලේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද?” (හෙබ්‍රෙව් 7:11).

පූජකවරු මනුෂ්‍යයින් සහ දෙවියන්වහන්සේ අතර මැදිහත්කාරකම් කරන්නෝය. හෙබ්‍රෙව් ලිපියෙන් පවසන්නේ, කෙසේවෙතත් ලෙවී පූජකයින්ට දෙවියන්වහන්සේ වෙතට සම්පූර්ණ, විශ්වාසවන්ත සම්බන්ධතාවයක් ගොඩනැගීමට නොහැකිවූ බවයි. මක්නිසාද, ඔවුන්ට අංග සම්පූර්ණත්වය ළඟා කර දිය නොහැකි වීම නිසාය. (හෙබ්‍රෙව් 7:11, හෙබ්‍රෙව් 7:18,19). එපමණක් නොව ඔවුන් අංග සම්පූර්ණ නොවූහ. එබැවින් අන් අයට අංග සම්පූර්ණත්වයට ළඟා කර දිය හැක්කේ කෙසේද?

එමෙන්ම පව්කාරයාගේ හෘද සාක්ෂිය සිවුපාවුන් පූජා කිරීමෙන් පවිත්‍ර කිරීමටද නොහැකි විය. ඔවුන්ගේ පරමාර්ථය වූයේ, යේසුස්වහන්සේගේ මෙහෙය වෙතට යොමු කිරීමය. එමෙන්ම උන්වහන්සේගේ පූජාව, එනම් පාපයෙන් පවිත්‍ර කිරීම ලැබෙන පූජාව, වෙතට යොමු කිරීමය. (හෙබ්‍රෙව් 9:14; හෙබ්‍රෙව් 10:1-3, හෙබ්‍රෙව් 10:10-14). ලෙවී පූජකවරුන්ගේ ක්‍රියාකාරිත්වය සහ පූජා තාවකාලික සහ නිදර්ශනාත්මකය. ඔවුන්ගේ මෙහෙය තුළින් දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ යේසුස්වහන්සේගේ අනාගත මෙහෙය තුළ මිනිසුන්ට ඔවුන්ගේ විශ්වාසය තැබීමට මගපෙන්වීමය. “… ලෝකයේ පාපය දුරු කරන දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණෝය!” (යොහන් 1:29).

හෙබ්‍රෙව් 7:11-16 පාඨ කියවන්න. ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍යතාවයක් ඇති වූයේ ඇයි?

හෙබ්‍රෙව් 7:12 පාඨයෙන් පූජක තනතුරේ ව්‍යවස්ථාවේ අත්‍යවශ්‍ය වෙනසක් ඇති කළ බව විස්තර කරයි. ඒ ඇයි? මක්නිසාද, ආරොන් තුළින් ලෙවීවරයෙකු නොවන අයෙකුට පූජකවරයෙක් ලෙස සේවය කිරීමට තහනම් කරන නීතියක් තිබූ බැවිනි. (ගණන් කථාව 3:10; ගණන් කථාව 16:39,40). හෙබ්‍රෙව් 7:13,14 පාඨ වලින්, යේසුස්වහන්සේ යුදා වංශයෙන් පැවත එන්නෙකු බව විස්තර කරයි. එබැවින් මෙම නීතිය මගින් උන්වහන්සේට ලෙවී පූජකවරයෙකු වීම තහනම් කරනු ලැබීය. එබැවින් පාවුල් තර්ක කරන්නේ, යේසුස්වහන්සේව පූජකවරයෙකු ලෙස පත් කිරීම යන්නෙන් අදහස් වන්නේ පූජක ධූරයේ නීතිය දෙවියන්වහන්සේ විසින් වෙනස් කර ඇති බවය.

යේසුස්වහන්සේගේ පැමිණීමද පූජාවල් පිළිබඳ නීතියේ වෙනසක් ඇති කරනු ලැබීය. පව්කාරයින් සමාව ලබා ගන්නා පිණිස විවිධ වර්ගයේ පූජා ගෙන ඒමට අවශ්‍ය විය. (ලෙවී කථාව 1-7). එහෙත් දැන් යේසුස්වහන්සේ පැමිණ අංග සම්පූර්ණ පුජාවක් ඔප්පු කළ බැවින් සිවුපාවුන් පූජා කිරීමේ නීතියද ඉවත් කරනු ලැබ ඇත. (හෙබ්‍රෙව් 10:17,18) එනම් නව ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ ගැළවීමේ සැලැස්මේ වඩා සම්පූර්ණ එළිදරව්ව ලෙසිනි.

පුරාණයේ සිට අප්‍රමාණ සිවුපා පූජාවන් ගැන සිතන්න. ඒ සියල්ලම යේසුස්වහන්සේ වෙත යොමු කරමින්, එසේ වුවද ඒවායින් එකක්වත් හෝ සියල්ලමවත්, අපගේ පාප වෙනුවෙන් ගෙවීමට ඇත්තෙන්ම නොහැකි විය. ඒවා වෙනුවෙන් ගෙවීමට යේසුස් වහන්සේගේ මරණයට පමණක් හැකිවූයේ මන්ද?

සදාකාලික පූජකවරයෙක්

හෙබ්‍රෙව් 7:16 පාඨය කියවන්න. යේසුස්වහන්සේ පූජකයෙක් වූයේ කුමන පදනම යටතේද?

යේසුස්වහන්සේ පූජක ධූරය ලැබුවේ, විනාශ නොවන්නාවූ ජීවිතය පදනම් කරගෙන සහ උන්වහන්සේ සදාකාල මෙහෙයක් දරණ බැවිනි. මෙම කරුණු අදාළ කරගැනීම විශ්මය ජනක වේ. ඉන් අදහස් වන්නේ, යේසුස්වහන්සේගේ මෙහෙය කිසිවිටක ඉක්මවා නොයා හැකි බවත් සහ ඊට වඩා උසස් නොවිය හැකි බවත්ය. යේසුස්වහන්සේ සම්පූර්ණයෙන්ම, සදාකාලිකව මුදාගන්නා සේක. “කෙළවර දක්වාම” (හෙබ්‍රෙව් 7:25). යේසුස්වහන්සේ සපයන ගැළවීම සම්පූර්ණය. අවසානයයි. එය මනුෂ්‍ය ස්වභාවයේ අභ්‍යන්තර මත ගැන උගන්වනු ලැබේ. (හෙබ්‍රෙව් 4:12, හෙබ්‍රෙව් 9:14,  හෙබ්‍රෙව් 10:1-4). දෙවියන්වහන්සේ ඉදිරියේ යේසුස්වහන්සේගේ මැදිහත්කාරකම නව ගිවිසුම යටතේ දෙන ලද සියළුම ප්‍රතිපාදන අඩංගු වේ.

එහි පාපයට කමාව දීමට වඩා යමක් අන්තර්ගත වේ. ඉන් අදාළ වන්නේ අපගේ හදවත් තුළ ව්‍යවස්ථාව පවත්නා ආකාරයයි. එමෙන්ම අපව උන්වහන්සේ තුළ නව මිනිසුන් කොට ලෝකයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මග පෙන්වීමයි. (හෙබ්‍රෙව් 8:10-12). උන්වහන්සේ දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයා අතර සිටින තැනැන්වහන්සේ ලෙස උන්වහන්සේ අප වෙනුවෙන් දෙවියන්වහන්සේව නියෝජනය කරන සේක.

හෙබ්‍රෙව් 7:22 පාඨය කියවන්න. නව ගිවිසුම සමග යේසුස්වහන්සේගේ සම්බන්ධතාවය කුමක්ද?

නව ගිවිසුමේ ඇපකරය වන්නේ යේසුස්වහන්සේය. මක්නිසාද යේසුස්වහන්සේ “සදහටම” පූජකවරයෙකු වන බවට දෙවියන්වහන්සේ දිවුරුම් දුන් නිසාය. (හෙබ්‍රෙව් 7:21). මෙම දිවුරුමේ ඇති වැදගත්කම අවබෝධ කරගැනීමට අපහසු වීම ඉතා පහසුවෙන් සිදුවිය හැකිය. පාවුල් දැනටමත්, දෙවියන්වහන්සේ කාන්තාරයේ පරම්පරාවට සහ ආබ්‍රහම්ට දුන්නාවූ දිවුරුම් ගැන සඳහන් කර ඇත. (හෙබ්‍රෙව් 3:7-11; හෙබ්‍රෙව් 6:13-15 ). දෙවියන්වහන්සේ දුන්නාවූ ඒ දිවුරුම් සහ පුත්‍රයාණන්වහන්සේට දුන්නාවූ දිවුරුම අතර ඇති වෙනස වන්නේ, එම දිවුරුම් දෙන ලද්දේ මරණීය මිනිසුන්ට බවය. දිවුරුම ලබන්නන් ජීවමානව සිටින තාක් කල් එම දිවුරුම් බලවත් වේ. කාන්තාර පරම්පරාවට සහ ආබ්‍රහම්ට දුන්නා වූ දිවුරුම් රඳා පවතින්නේ, එම පරම්පරාවෙන් පැවත එන්නන් ජීවත්ව සිටින තාක් කල් පමණි. (ගලාති 3:29 පාඨය බලන්න).

පුත්‍රයාණන් සම්බන්ධයෙන් සිතන විට, කෙසේ හෝ උන්වහන්සේගේ ජීවිතය, “විනාශ කළ නොහැකි,” වන බැවින්, උන්වහන්සේ දුන් දිවුරුම සදහටම බැඳී තිබෙන්නේය. වෙනත් අයෙකු වෙනුවෙන් ඇපකරයක් හෝ සහතිකයක් ලෙස සිටින පුද්ගලයාටද, ඔහු ඇපකරයක් ලෙස පෙනී සිටි පුද්ගලයාට ලැබෙන දඬුවම්ම, මරණය ඇතුළත්ව අත්වන්නේය. එසේ වුවද පියාණන්වහන්සේ අප වෙනුවෙන් සහතිකයක් ලෙස පිහිටවූ සේක. ඒ අනුව උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පොරොන්දු පැහැර නොහරින සේක. යේසුස්වහන්සේ තුළින් අපට ලබා දී ඇති ගැළවීම ගැන අපට ස්ථිර විය හැක්කේ ඒ ආකාරයෙනි.

පාපයෙන් තොර පූජකයෙක්

හෙබ්‍රෙව් 7:26 පාඨය කියවන්න. මෙම ඡේදයේ අඩංගු යේසුස්වහන්සේගේ ගති ලක්ෂණ පහ මොනවාද?

යේසුස්වහන්සේ “ශුද්ධවන්තය.” ඉන් අදහස් කරන්නේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවයේදී වැරදි රහිත වන බවය. (හෙබ්‍රෙව් 2:18; හෙබ්‍රෙව් 4:15; හෙබ්‍රෙව් 5:7,8). පැරණි ගිවිසුමේ පැරණි ග්‍රීක පරිවර්තනයේද, දෙවියන්වහන්සේ සහ අන් අය සමග ගිවිසුම් ප්‍රකාර සම්බන්ධතාවය විස්තර කිරීමේදී එම වචනයම “ශුද්ධවන්ත” භාවිතා කරයි.

යේසුස්වහන්සේ “නොකිලිටි” වූ සේක. “සියළු කරුණු වලදී” පරීක්ෂාවට ලක්වෙනවා වෙනුවට, උන්වහන්සේ කෲරත්වයෙන් ස්පර්ශ නොකරනු ලැබ පවිත්‍රව සිටි සේක. (හෙබ්‍රෙව් 4:15; හෙබ්‍රෙව් 2:18). යේසුස්වහන්සේගේ සම්පූර්ණයෙන්ම පාප රහිත භාවය උන්වහන්සේගේ පූජක තනතුරට වැදගත් වන්නේය. පැරණි ගිවිසුමෙන් නියම කරනු ලැබුවේ පූජාවට ලක් කරන තැනැත්තා හෝ සිවුපාවා දෙවියන්වහන්සේ විසින් පිළිගැනීම සඳහා “පාපයෙන් තොර විය යුතු” බවයි. (ලෙවී කථාව 1:3,10). යේසුස්වහන්සේ මෙලොව මෙහෙය කළාවූ කාලයේදී උන්වහන්සේගේ අංග සම්පූර්න කීකරුකම මගින් උන්වහන්සේට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කිරීමට උන්වහන්සේට හැකි විය. (හෙබ්‍රෙව් 9:14).

       යේසුස්වහන්සේව උන්වහන්සේ ස්වර්ගස්ථ වූ විටදී “පව්කාරයින්ගෙන් වෙන් කරනු ලැබූසේක.” යේසුස්වහන්සේගේ මෙලොව ජිවිතයේ පව්කාරයින්ගේ සතුරුකම් අත්වින්ද සේක. එහෙත් උන්වහන්සේ ජයග්‍රහණය කළ අතර, දෙවියන්වහන්සේගේ දකුණු පසින් අසුන්ගත් සේක. (හෙබ්‍රෙව් 12:2,3). යේසුස්වහන්සේ පව්කාරයින්ගෙන් වෙන්ව සිටි අතර උන්වහන්සේ අංග සම්පූර්ණයෙන් පාපයෙන් තොරවූ සේක. (හෙබ්‍රෙව් 4:15).

යේසුස්වහන්සේ, “ස්වර්ගයට වඩා උසස් කරනු ලැබූ සේක …” ඉන් අදහස් වන්නේ යේසුස්වහන්සේ සියළුදේටම වඩා උසස් කළ බවය. එබැවින් උන්වහන්සේ දෙවියන්වහන්සේ සමග එක් පුද්ගලයෙක් වන සේක. ගීතාවලියේ “අහසට වඩා උසස් වන” ලද්දේ දෙවියන්වහන්සේය. (ගීතාවලිය 57:5,11; ගීතාවලිය 108:5).

යේසුස්වහන්සේ සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙකු වුවද, උන්වහන්සේ අප මෙන් පාපිෂ්ට ජීවියෙකු නොවූ සේක. (හෙබ්‍රෙව් 2:14-16, හෙබ්‍රෙව් 4:15). යේසුස්වහන්සේ අංග සම්පූර්ණ වූයේ, හුදෙක් උන්වහන්සේ පව් නොකළ නිසා නොව, එහෙත් උන්වහන්සේ අප මෙන් පාපයෙන් දූෂිතව නොසිටි බැවිනි.

එසේ වුවද, උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙක් වූ බැවින් උන්වහන්සේ අපගේ ආදර්ශයද වූ සේක. උන්වහන්සේ අපට ජීවිතය නමැති ධාවන තරඟය දුවන ආකාරය පෙන්වන සේක. (හෙබ්‍රෙව් 12:1-4). උන්වහන්සේ අප අනුගමනය කළ යුතු ආදර්ශය වන සේක. (1 පේත්‍රැස් 2:21-23). මක්නිසාද උන්වහන්සේ “ශුද්ධවන්ත, අහිංසක, කැළැල් රහිත, පව්කාරයින්ගෙන් වෙන්වූ බැවිනි.” (හෙබ්‍රෙව් 7:26). උන්වහන්සේ අපගේ මිදුම්කරුවාණන්ය. එමෙන්ම අපටද උන්වහන්සේගේ චරිතය පිළිබිඹු කළ හැකිය.

යේසුස්වහන්සේ අප මෙන් මනුෂ්‍යයෙක්ව සිටියද, උන්වහන්සේ කිසිවිටක පව් නොකළ සේක. මෙම පුදුමාකාර සිතිවිල්ල වටා අපගේ සිත් කෙසේ වැළඳ ගනිමුද? උන්වහන්සේ කොපමණ ශුද්ධවන්ත විය යුතුදැයි සිතා බලන්න! එසේනම් උන්වහන්සේගේ ශුද්ධවන්ත භාවයේ පොරොන්දුව අපට ඇදහිල්ලෙන් මිදීම ස්ථිර කළයුත්තේ ඇයි?

වැඩිදුර අධ්‍යයනය සඳහා :

වැඩිදුර අධ්‍යයනය සඳහා: “ක්‍රිස්තුස්වහන්සේ බලා සිටින සේක. උන්වහන්සේ අපගේ බර, අපගේ අනතුරු සහ අපගේ දුෂ්කරතා යන සියල්ල දන්නා සේක. එමෙන්ම උන්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ මුඛය තර්ක වලින් පුරවන සේක. උන්වහන්සේ සෑම ආත්මයකම අවශ්‍යතාවලට සරිලන පරිදි, උන්වහන්සේ පේත්‍රැස්ට කළ ආකාරයෙන් මැදිහත්කාරකම් කරන සේක. උන්වහන්සේ වෙහෙසවූ, පරීක්ෂාවට පත්වූ අයට සාතන්ට විරුද්ධව ක්‍රියා කිරීමට ඉගැන්වීම සඳහා අපගේ විනිසුරු වරයාණෝ උන්වහන්සේගේ මුඛය තර්ක වලින් පුරවන සේක. උන්වහන්සේ සතුරාගේ සෑම ඉරියව්වක්ම අර්ථකථනය කරන සේක. උන්වහන්සේ යම් යම් සිද්ධීන් සලස්වන සේක.” —Ellen G. White, The SDA Bible Commentary, vol. 7, p. 931 (letter 90, 1906).

දෙවියන්වහන්සේ සහ මිනිසා අතර සදහටම වෙන්වීමක් ඇති කිරීම සාතන්ගේ පරමාර්ථය වූයේය. අපි කිසිදිනක නොවැටුණේ නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි වඩ වඩා දෙවියන්වහන්සේට ළඟාවී එක්සත් වෙමු. අපගේ ස්වභාවය රැගෙන ගැළවුම්කාරයාණන්වහන්සේ මනුෂ්‍යත්වයට කිසිවිටක කඩා දැමිය නොහැකි බැඳුමකින් බැඳුණු සේක. මෙය දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය ඉෂ්ට කරන බවට පොරොන්දුවයි. “…අපට පුත්‍රයෙක් දෙන ලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය.” දෙවියන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවය, උන්වහන්සේගේ පුත්‍රයා තුළට ආරූඪ කළසේක. එපමණක් නොව එයම ස්වර්ගයේ උච්ඡ ස්ථානයටම ගෙනගිය සේක. එනම් විශ්වයේ සිංහාසනය දරණ “මනුෂ්‍ය පුත්‍රයාණෝය.” එනම් “….. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයා යයි කියනු ලබන…” මනුෂ්‍ය පුත්‍රයාණෝය. (යෙසායා 9:6). “මම වෙමි (සිටිමි).” යන තැනැන්වහන්සේ දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යත්වය අතර සිටිමින් උන්වහන්සේගේ දෑත් දෙදෙනාම මත තබන සේක. “එබඳු වූ, ශුද්ධ වූ, නිවැරදි වූ, නොකිළිටි වූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ග වලට වඩා උසස්ව සිටින්නාවූ, උත්තම පූජකයෙක්…,” වන උන්වහන්සේ අපට සහෝදරයන් යයි කීමට ලැජ්ජා නොවූ සේක. (හෙබ්‍රෙව් 7:26; හෙබ්‍රෙව් 2:11). ක්‍රිස්තුස්වහන්සේ තුළ මෙලොව පවුල සහ ස්වර්ගයේ පවුල එකට සම්බන්ධය. මහිමයට පත්වූ ක්‍රිස්තුස්වහන්සේ අපගේ සහෝදරයාණෝය. ස්වර්ගය මනුෂ්‍යත්වය තුළ තැන්පත් කරනු ලැබීය. එමෙන්ම මනුෂ්‍යත්වය අසීමිත ආදරයේ ළය තුල වැළඳගනු ලැබීය.” —Ellen G. White, The Desire of Ages, pp. 25, 26.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න:

  1. ඉහත සඳහන් උපුටා ගැනීම මෙසේ පවසයි, “යේසුස්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ මුඛය තර්ක වලින් පුරවන සේක.” එම පොරොන්දුව ඔබට කුමන අර්ථයක් දෙයිද? මින් අප වෙනුවෙන් දෙවියන්වහන්සේ තුළ ඇති ප්‍රේමය ගැන අපට කුමක් උගන්වන්නේදැයි සිතන්න. මෙම අදහස එතරම් දිරිගන්වන සුළු වන්නේ ඇයි? අප වෙනුවෙන් යමෙක් තර්ක කිරීම අවශ්‍ය වන්නේ ඇයි?
  2. ඉහත සඳහන් දෙවැනි උපුටා ගැනීම මෙසේ පවසයි, “අපි කිසිදිනක නොවැටුණේ නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි වඩ වඩා දෙවියන්වහන්සේට ළඟාවී එක්සත් වෙමු. “ඉන් අදහස් වන්නේ කුමක්ද? අපට ඒ සමීපත්වය අත්දැකිය හැක්කේ කෙසේද? එම අත්දැකීම තුළින් කුමන සැනසුමක් අපට ලබාගත හැකිද? මෙම සමීපත්වය යන්නෙහි අර්ථය කුමක්දැයි පංතියේදී විස්තර කරන්න. එමෙන්ම එම සමීපත්වය අත්දැකීම යන්නෙන් කුමක් අදහස් වන්නේදැයි විස්තර කරන්න. “උන්වහන්සේ අප වෙනුවෙන් කරන තර්ක” අපට මෙම අත්දැකීම ලැබීමට කෙසේ උපකාරී වෙයිද?