විවේකය ලබා දෙන්නා වන යේසුස්වහන්සේ

මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න. උත්පත්ති 15:13-21; හෙබ්‍රෙව් 3:12-19; හෙබ්‍රෙව් 4:6-11; 4:1, 3, 5, 10; ද්විතීය කථාව 5:12-15; හෙබ්‍රෙව් 4:8-11 පාඨ කියවන්න.

කටපාඩම් පදය: “එබැවින් දෙවියන්වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ.” (හෙබ්‍රෙව් 4:9).

හෙබ්‍රෙව් 1 සහ 2 පරිච්ඡේද මගින්, දෙවියන්වහන්සේගේ සෙනඟගේ පාලකයා සහ නිදහස ලබා දෙන්නා හැටියට යේසුස්වහන්සේගේ සිංහාසනාරූඪ වීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. හෙබ්‍රෙව් 3 සහ 4 වැනි පරිච්ඡේද මගින් යේසුස්වහන්සේව හඳුන්වන්නේ අපට විවේකය ලබා දෙන්නාවූ තැනැන්වහන්සේ ලෙසය. මේ ආකාරයෙන්, ප්‍රගතිය අර්ථවත් වන්නේ, අපට දාවිත්ගේ ගිවිසුම මගින් දෙවියන්වහන්සේ පොරොන්දු වූ රජතුමා දෙන බවත්, ඔහුගේ වැසියන් සතුරන්ගෙන් “විවේකය” ලබන බවත් පැවසූ බව මතක් වන විටය. (2 සාමුවෙල් 7:10,11) යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පසින් අසුන්ගෙන සිටින බැවින් දැන් අපට විවේකය ලැබේ.

හෙබ්‍රෙව් ලිපියෙන් විවේකය විස්තර කරන්නේ දෙවියන්වහන්සේ සතු විවේකය සහ සබත් විවේකය යන දෙකමය. (හෙබ්‍රෙව් 4:1-11). දෙවියන්වහන්සේට අයිති මෙම විවේකය ආදම් සහස ඒවටද ලබා දුන්සේක. පළමු සබත් දවසය, අංග සම්පූර්ණත්වය එය ලබා දුන්නාවූ තැනැන්වහන්සේ සමග අත්දැකීමය. දෙවියන්වහන්සේද සබත් විවේකයක් පොරොන්දු වන සේක. මක්නිසාද සත්‍ය සබත් රක්ෂා කිරීම තුළ, දෙවියන්වහන්සේ එම අංග සම්පූර්ණත්වය ආපසු ගෙන එන බවට පොරොන්දුව අඩංගු වන බැවිනි.

  • ජනවාරි 29 වන සබත් දවස සඳහා සූදානම් වීමට මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න.

නිවාඩුවේ තැනක්වූ දේශය

උත්පත්ති 15:13-21 කියවන්න. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූයේ කුමක්ද?

 

දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ව වහල්කමින් මුදාගත්විට උන්වහන්සේගේ අරමුණ වූයේ ඉශ්‍රායෙල්වරුන්ව කානාන් දේශයට ගෙන යාමය. එහිදී ඔවුන්ට උන්වහන්සේට නිදහසේ සේවය කිරීමට සහ කීකරු වීමට හැකිවන්නේය. (නික්මයාම 8:1; ගීතාවලිය 105:43-45). එපමණක් නොව ඵාරාවෝ තහනම් කරන ලද සබත් දවසේ විවේකයද සතුටින් භුක්ති විඳිය හැකිය. (නික්මයාම 5:5). ආබ්‍රහම්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ උරුමය වූයේ කානාන් දේශයයි. මක්නිසාද ඔහු දෙවියන්වහන්සේගේ හඬට කීකරුවී, පොරොන්දු දේශයට යාම සඳහා ඔහුගේ රටින් පිටවී ගිය නිසාය. (උත්පත්ති 11:31-12:4).

දේශය ඉශ්‍රායල්වරුන්ට දීමේ දෙවියන්වහන්සේගේ පරමාර්ථය වූයේ නිකම්ම මිනිසුන් විසින් එය අයිති කරගැනීම නොවේ. දෙවියන්වහන්සේගේ දරුවන් තමා වෙත ගෙන ඒමය. (නික්මයාම 19:4). දෙවියන්වහන්සේට අවශ්‍යවූයේ උන්වහන්සේ සමග කිසිම බාධාවකින් තොරව කිට්ටු සම්බන්ධතාවයක් ඇතිකරගත හැකිවීමයි. එමෙන්ම සත්‍ය දෙවියන්වහන්සේ කවුද යන්නත්, උන්වහන්සේගේ සෙනඟට උන්වහන්සේ දුන්නාවූ දේ කුමක්ද යන්නත් ගැන ලෝකයට සාක්ෂි දැරීම සඳහාය. මැවීමේ සබත් දවස මෙන්ම, කානාන් දේශයද, ඔවුන්ගේ ගැළවුම්කාරයාණන් සමග කිට්ටු සම්බන්ධතාවයක් ඇති කරගෙන, උන්වහන්සේගේ යහපත්කම භුක්ති විඳීමට හැකියාව ලබා දෙන්නාවූ වැඩ පිළිවෙලක් විය.

ද්විතීය කථාව 12:1-14 පාඨවල ස්වාමීන්වහන්සේ සෙනඟට පැවසුවේ ඔවුන් විවේකයකට ඇතුළු වන බවයි. එනම් ඔවුන් දේශයට ඇතුල්වීම මගින් පමණක් නොව, දේශය ප්‍රතිමා වන්දනාවෙන් පවිත්‍ර කිරීම මගිනි. ඉන්පසුව දෙවියන්වහන්සේ, තෝරාගන්නා ලද සෙනඟට උන්වහන්සේ ඔවුන් සමග ජීවත්වන ස්ථානයක් පෙන්වන සේක.

නික්මයාම 20:8-11 සහ ද්විතීය කථාව 5:12-15 පාඨ කියවන්න. සබත් නිවාඩුව මගින් සමරනු ලබන්නේ කුමන දේවල් දෙකද? එමෙන්ම ඒවා අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?

දෙවියන්වහන්සේ සබත් දවස මැවීම මිසරයෙන් මිදීම සමග සම්බන්ධ කරනසේක. සබත් දවස මැවීමේ සිහිවටනයක් ලෙසත්, එමෙන්ම මිසරයෙන් ඔවුන්ව මුදා ගැනීමේ සිහිවටනයක් ලෙසත්, රක්ෂා කරන ලෙස උන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට උපදෙස් දුන්සේක. මැවීම සහ මිදීම සබත් පනත තුළට ඇතුළත් කොට ඇත. අපි අපව නොමැවූ ආකාරයෙන්ම, අපව මුදා ගැනීමද අපට කළ නොහැකිය. එය දෙවියන්වහන්සේට පමණක්ම කළ හැකි ක්‍රියාවකි. නිවාඩු ගැනීම තුළින් අපි දෙවියන්වහන්සේ මත රඳා සිටින බව පිළිගනිමු. එනම් අපගේ පැවැත්ම සඳහා පමණක් නොව අපගේ ගැළවීම උදෙසාය. සබත් රක්ෂා කිරීම ඇදහිල්ල මගින් පමණක්ම ගැළවීම ප්‍රකාශ කරන බලවත් ප්‍රකාශනයක්ය.

සබත් රක්ෂා කිරීම මගින්, දෙවියන්වහන්සේ මත අපගේ සම්පූර්ණ රඳා පැවැත්ම අවබෝධ කරගැනීමට කෙසේ උපකාරී වේද? අපගේ පැවැත්ම උදෙසා පමණක් නොව ගැළවීම උදෙසාත්ය.

අවිශ්වාසය නිසා

හෙබ්‍රෙව් 3:12-19 පාඨ කියවන්න. පොරොන්දු වූ විවේකයට ඇතුල්වීමට ඉශ්‍රායල්වරුන්ට නොහැකිවූයේ ඇයි?

දුක්බර කථාන්තරය වන්නේ මිසරයෙන් මුදා ගනු ලැබූ අයට දෙවියන්වහන්සේ පොරොන්දු වූ විවේකයට ඇතුල් වීමට නොහැකි වීමය. ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයේ දේශ සීමාව වූ කාදේශ් බාර්නියා නමැති ස්ථානයට පැමිණි විටදී ඔවුන්ගේ ඇදහිල්ල හීන විය. ගණන් කථාව 13 සහ 14 පරිච්ඡේද ඔත්තු බැලීමට ගියාවූ ඉශ්‍රායෙල්වරුන්, “…. සෝදිසි කරන්ට ගිය දේශය ගැන නරක ප්‍රවෘත්තියක් පහළ කරමින්….” (ගණන් කථාව 13:32). එම දේශය යහපත් බව ඔවුහු තහවුරු කළහ. එහෙත් රට වැසියන් බොහෝ ශක්තිමත් බවත්, නගරවල පවුරු බැඳ තිබූ බවත්, ඔවුන්ට එය යටත් කර ගැනීමට නොහැකි වනු ඇති බවත් ඔවුහු පැවසූහ.

 

එම දේශය යහපත් බවත්, එහි මිනිසුන් ශක්තිමත් බවත් නගර ශක්තිමත් කර සංවිධානය කර තිබූ බවටත් යෝෂුවා සහ කාලෙම් එකඟ වූ බැවින් ඒ පිළිබඳ තර්ක නොකළහ. එහෙත් ඔවුන් කියා සිටියේ දෙවියන්වහන්සේ ඔවුන් සමග සිටින බවත්, උන්වහන්සේ ඔවුන්ව එම දේශයට ගෙන එන බවත්ය. (ගණන් කථාව 14:7-9). එසේ වුවද, දෙවියන්වහන්සේ වසංගත වලින් මිසර දේශය විනාශ කළ අයුරුත්, (නික්මයාම 7-12) රතු මුහුදේදී ඵාරාවෝගේ හමුදාව සමූල ඝාතනය කළ අයුරුත් (නික්මයාම 14) සහ ස්වර්ගයෙන් රොටි ලබා දුන් අයුරුත් (නික්මයාම 17), එමෙන්ම වලාකුළ තුළින් උන්වහන්සේගේ වැඩ සිටීම සහ මගපෙන්වීම නිරන්තරයෙන්ම පවත්වාගෙන ගිය ආකාරයත්, (නික්මයාම 40:36-38) අත්දුටු ඔවුහු දැන් උන්වහන්සේව විශ්වාස කරන්ට අසමත් වූහ. දෙවියන්වහන්සේගේ බලය මෙබඳු බලවත් ආකාරයෙන් ප්‍රදර්ශනය වීම දුටු පරම්පරාවක් අවිශ්වාසවන්තකමේ සංකේතයක් වීම උපහාසාත්මක ඛේදවාචකයකි. (නෙහෙමියා 9:15-17; ගීතාවලිය 106:24-26; 1 කොරින්ති 10:5-10).

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට මිනිසුන් ළඟා නොවිය හැකි දීමනා පොරොන්දු වන සේක. ඔවුන් කරුණාව මත රඳා පවතින්නේත්, ඒවා ලබා ගත හැක්කේ ඇදහිල්ල තුළින් වන්නේ එම නිසාය. හෙබ්‍රෙව් 4:2 වැනි පාඨයෙන් ඉශ්‍රායෙල්වරුන් ලැබූ පොරොන්දුව, “…. නුමුත්ඇසුවන් සමග ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.” (හෙබ්‍රෙව් 4:2).

ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයේ දේශ සීමාව වන තෙක් මිනිසුන් කණ්ඩායමක් මෙන් ගමන් කළහ. සෙනඟ පරස්පර විරෝධී වාර්තා වලට මුහුණ දුන් විටදී, විශ්වාසය මඳ අය ඔවුහු හඳුනා ගත්හ. ඇදහිල්ල හෝ එය හිඟකම බෝවන දෙයකි. හෙබ්‍රෙව් පාඨකයින්ට  “එකිනෙකාට අවවාද කරපල්ලා.” (හෙබ්‍රෙව් 3:13). “තවද ප්‍රේමයටද, යහපත් ක්‍රියාවලටද, පොළඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු.” (හෙබ්‍රෙව් 10:24) සහ “…. කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද….” බලාගනිල්ලායි (හෙබ්‍රෙව් 12:15) යනුවෙන් පවසන්නේ ඒ නිසාය.

ඔබගේ විශ්වාසවන්ත සහෝදරයින්ට ඔවුන්ගේ විශ්වාසය වර්ධනය කරගැනීමට කුමන ක්‍රමවලින් උපකාර කළ හැකිද? වෙනත් අයෙකුගේ විශ්වාසය පළුදු නොවන ආකාරයෙන් ඔබ කිසිවිටක යමක් පැවසීම හෝ නොකර සිටීමට ස්ථිරව සිටිය හැක්කේ කෙසේද?

අද ඔබට උන්වහන්සේගේ කටහඬ ඇසුණොත්

හෙබ්‍රෙව් 4:4-8 පාඨ කියවන්න. සබත් රක්ෂා කිරීම සම්බන්ධයෙන්, “අද” විවේකය ලබා ගන්නා බව පැවසීමේ අර්ථය කුමක්ද?

 

කාන්තාරයේ පරම්පරාවේ අවිශ්වාසය ඔවුන්ව පොරොන්දුවේ විවේකයට ඇතුල් වීමෙන් වළකා දැමීය. එහෙත් දෙවියන්වහන්සේ ඔවුන්ට ඔවුන්ගේ හදවත් දැඩි නොකර විවේකයට ඇතුල්වීමට දිරිගැන්වූ සේක. දෙවියන්වහන්සේගේ එම පොරොන්දුව “ඉතිරිව” තිබෙන බව පාවුල් කිහිප වාරයක් නැවත නැවත කියන්නේය. (හෙබ්‍රෙව් 4:1, 6, 9). “එබැවින් උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් වීමේ පොරොන්දුවක් ඉතුරුව තිබෙද්දීත් ….” (හෙබ්‍රෙව් 4:1). දාවිත්ගේ කාලයේදීත් මෙම විශ්‍රාම ස්ථානයට ඇතුල් වන ලෙස කරන ආරාධනාව නිරන්තරයෙන් කිරීම මගින් (හෙබ්‍රෙව් 4:6,7; ගීතාවලිය 95) අදහස් වන්නේ පොරොන්දුව ලබාගෙන නොමැති බවත් සහ එය තවමත් එසේම පවතින බවත් යන දෙකය. එපමණක් නොව සත්‍ය සබත් දවසේ විශ්‍රාමය අත්දැකීම මැවීමේ සිටම පවතින බවය. (හෙබ්‍රෙව් 4:3,4).

දෙවියන්වහන්සේ “අද” අපට උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් වන ලෙසට ආරාධනා කරන සේක. “අද” යන්න ශුද්ධ ලියවිල්ල පුරා ඇති තීරණාත්මක සංකල්පයකි. පොරොන්දු දේශයේ දේශ සීමාවේදී ඉශ්‍රායල්වරුන් දෙවියන්වහන්සේ සමග ඇති කරගත් ගිවිසුම මෝසෙස් අළුත් කළවිටදී ඔහු ‘අද’ යන්නෙහි ඇති වැදගත්කම අවධාරණය කළේය. (ද්විතීය කථාව 5:5; ද්විතීය කථාව 4:8; 6:6 පාඨ සමග සංසන්දනය කරන්න). එය දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත භාවය හඳුනා ගැනීමේ පිළිබිඹුවක්ය. (ද්විතීය කථාව 11:2-7 පාඨ). ඒ හා සමානව යෝෂුවා ඔහුගේ කාලයේ සිටි මිනිසුන් කැඳවූයේ, “….. නුඹලා සේවය කරන්ට කැමති කාටද කියා අදම තෝරා ගනිල්ලා…..” (යෝෂුවා 24:15).

ඒ ආකාරයෙන්ම “අද” අප තීරණය ගත යුතු කාලයයි. එනම් දෙවියන්වහන්සේගේ දරුවන්ට සැමවිටම වූ ආකාරයෙන්ම අවස්ථාවේ සහ අනතුරේ කාලයයි. (2 කොරින්ති 6:2 බලන්න). “අද” යන වචනය හෙබ්‍රෙව් ලිපියෙහි පස් වාරයක්, හෙබ්‍රෙව් 3; හෙබ්‍රෙව් 4 යන පරිච්ඡේද වල සඳහන්වී ඇත. එමගින් දෙවියන්වහන්සේගේ හඬට සවන් දීමේ ඇති වැදගත්කම අවධාරණය කෙරේ. (හෙබ්‍රෙව් 3:7, 15; 4:7). මක්නිසාදයත්, දෙවියන්වහන්සේට සවන්දීමට සහ දේව වචනය විශ්වාස කිරීමට අසමත් වීම නිසා, අකීකරුකමට සහ අපගේ හදවත් දැඩි කරගැනීමට මග පාදනු ඇත. එය අපට ස්වර්ගීය කානාන් දේශයට ඇතුල්වීම පවා ප්‍රමාද කරනු ඇත. එනම්, එම නිසා කාන්තාර පරම්පරාවට මෙලොව කානාන් දේශයට ඇතුල්වීමට අවස්ථාව නොලැබුණා හා සමානවය. එහෙත් යේසුස්වහන්සේ අපගේ සතුරන් පරාජය කොට, (හෙබ්‍රෙව් 2:14-16) නව ගිවිසුමක් ආරම්භ කළසේක. (හෙබ්‍රෙව් 8-10). ඒ ආකාරයෙන් අපට, “…. නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟා විය” හැකිය. (හෙබ්‍රෙව් 4:14-16). “අද” යන වචනය මගින් දෙවියන්වහන්සේ අපට විශ්වාසවන්තව සිටි බවත්, මේ අවස්ථාවේදීම උන්වහන්සේගේ ආරාධනාව, ප්‍රමාද නොවී පිළිගැනීමට සෑම හේතුවක්ම සපයා ඇති බවත් හඳුනා ගන්නා ලෙස අපට ආරාධනා කරන සේක.

වෙනත් අවස්ථාවකට කල් නොදැමිය යුතු කුමන ආත්මික තීරණ “අද” ඔබ විසින් කළ යුතු වන්නේද? ඔබ ඒ අවස්ථාවේදීම කළ යුතු දේවල් ලෙස දෙවියන් වහන්සේ සැලකූ දේවල් කිරීමට ප්‍රමාද වීම නිසා ඔබ ලැබූ අතීත අත්දැකීම් මොනවාද?

උන්වහන්සේගේ විවේකයට ඇතුළු වීම

හෙබ්‍රෙව් 3:11 සහ හෙබ්‍රෙව් 4:1, 3, 5, 10 පාඨ කියවන්න. දෙවියන්වහන්සේ අපට ඇතුල්වන ලෙසට ආරාධනා කරන විවේකය විදහා දක්වන්නේ කෙසේද?

 

නික්මයාම 20:8-11 පාඨවල සඳහන් සබත් පනත සහ ද්විතීය කථාව 5:12-15 පාඨවලින් නැවත ප්‍රකාශ කරන ඒ පිළිබඳ මෝසෙස්ගේ විස්තර කිරීම දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කර ඇති දෙය මතක තබා ගැනීමට උන්වහන්සේ ආරාධනා කරන සේක. අප දැක ඇති ආකාරයට ගල්ලෑලි වල දෙවියන්වහන්සේ ලීවා වූ දේවල් උන්වහන්සේගේ මැවීමේ ක්‍රියාවලියේ අවසානය පෙන්නුම් කරයි. (නික්මයාම 31:18; 34:28). ද්විතීය කථාවෙන් ඉශ්‍රායෙල්වරුන් මිසරයේ වහල් භාවයෙන් මුදා ගැනීමේ ක්‍රියාවලියේ අවසානය දැක්වීම සඳහා සබත් රක්ෂා කරන ලෙස ඔවුන්ට අණ කරනු ලැබීය. මිසරයෙන් නික්මයාම මගින් පෙන්නුම් කළේ ක්‍රිස්තුස්වහන්සේ විසින් කුරුසිය මතදී, “එය තීන්දු වුණේය!” කියා (යොහන් 19:30). පාපයෙන් මුදා ගැනීමේ අවසාන කාර්ය ඉටු කිරීමටය. එබැවින් සබතට දෙගුණයක් ආශිර්වාද කරනු ලැබීය. එමෙන්ම එය කිතුනුවන්ට විශේෂිත ආකාරයෙන් වැදගත් වේ.

හෙබ්‍රෙව් 4:9-11,16 පාඨ කියවන්න. අපට කුමක් කිරීම සඳහා කැඳවනු ලබමුද?

සබත් විවේකය දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මැවීමේ කාර්යය අවසන් කිරීම සමරයි. (උත්පත්ති 2:1-3; නික්මයාම 20:8-11) හෝ මුදා ගැනීම (ද්විතීය කථාව 5:12-15). ඒ හා සමානවම යේසුස්වහන්සේගේ ස්වර්ගීය දේව මාළිගාවේදී සිංහාසනාරූඪ කිරීම මගින් සමරනු ලබන්නේ උන්වහන්සේ අපගේ මුදා ගැනීම වෙනුවෙන් අංග සම්පූර්ණ පූජාවක් කර අවසන් බවය. (හෙබ්‍රෙව් 10:12-14).

දෙවියන්වහන්සේ විවේක ගත්තේ, උන්වහන්සේ අපගේ ශුභ සාධනය ආරක්ෂා කිරීමෙන් පසු බව හඳුනා ගන්න. දෙවියන්වහන්සේ මැවීමේදී, ලෝකය මවා අවසන් වූ පසු විවේක ගත් සේක. ඉන්පසුව, දෙවියන්වහන්සේ දේව මාළිගාවේ විවේක ගත්තේ, දේශය යටත් කරගැනීමෙන් පසුවය. උන්වහන්සේ ආබ්‍රහම් සම්පූර්ණත්වයට පත් වූයේ දාවිත්ගේ ජයග්‍රහණ තුළින් සහ ඉශ්‍රායෙල්වරුන් “ආරක්ෂා සහිතව ජීවත්වූ විට” දීය. (1 රාජාවලිය 4:21-25 පාඨ නික්මයාම 15:18-21, ද්විතීය කථාව 11:24; 2 සාමුවෙල් 8:1-14 පාඨ සමග සසඳන්න). දෙවියන්වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් ගෘහයක් ගොඩ නැගුවේ ඉශ්‍රායල්වරුන්ට සහ රජතුමාට ගෘහයන් තිබූ විටදීය.

 

අපට දැන් පවා උන්වහන්සේගේ විවේකයට ඇතුල් විය හැක්කේ කෙසේද? එනම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ මිස අප තුළ නොව, ගැළවීමේ සහතිකය තුළ ඇදහිල්ලෙන් යුක්තව අපට විවේක ගත හැක්කේ කෙසේද?

නව මැවිල්ල පිළිබඳ අනාවැකි

නික්මයාම 20:8,11; ද්විතීය කථාව 5:12-15; සහ හෙබ්‍රෙව් 4:8-11 පාඨ සංසන්දනය කරන්න. සබත් විවේකය යන්නෙහි අර්ථයේ කුමන ආකාරයේ වෙනස්කම් ඔබ දකින්නේද?

අපි දැනටමත් දැක ඇති පරිදි නික්මයාම සහ ද්විතීය කථාවේ මෙම පාඨ අපට අතීතය දෙස බලන ලෙස ආරාධනා කරයි. ඒවා මගින් අපට අවවාද කරන්නේ, මැවීම සහ මුදා ගැනීම සැමරීම යන අවස්ථා දෙකේදී දෙවියන්වහන්සේ ඒවා ඉෂ්ට කිරීම සැමරීම සඳහා සබත් දවස සමරණ ලෙසය. කෙසේවෙතත්, හෙබ්‍රෙව් 4:9-11 අපට අනාගතය දෙස බලන ලෙස ආරාධනා කරයි. ඉන් පැවසෙන්නේ, දෙවියන්වහන්සේ අනාගතය උදෙසා සබත් විවේකයක් සපයා දී ඇති බවය. එය සබත් රක්ෂා කිරීම සඳහා නව මිම්මක් යෝජනා කරයි. සබත් විවේකය මගින් අතීතයේදී දෙවියන්වහන්සේගේ ජයග්‍රහණ සමරනවා පමණක් නොව, අනාගතය සඳහා දෙවියන්වහන්සේගේ පොරොන්දු සමරනු ලැබේ.

අතීතයේ සබත් රක්ෂා කිරීමේ මිම්ම සැමවිටම පැවතුණි. එහෙත් එය බොහෝ විට නොසලකා හරිනු ලැබීය. වැටීමෙන් පසු, යම්දිනක දෙවියන්වහන්සේ, මෙසියස්වහන්සේ තුළින් මැවිල්ල එහි මුල් කාලයේ පැවති මහිමයට පත්කරන බවට පොරොන්දු වූ සේක. දෙවියන්වහන්සේ සබත් රක්ෂා කිරීම තුළින් උන්වහන්සේගේ මිදීමේ ක්‍රියාවලිය සමරණ ලෙස අපට අණ කළසේක. මක්නිසාද, සබත නව මැවිල්ලේ, මිදීමේ කූට ප්‍රාප්තිය වෙත යොමු කළ බැවිනි. සබත් රක්ෂා කිරීම මේ අංග සම්පූර්ණ නොවන ලෝකයේ ස්වර්ගය අපේක්ෂා කිරීමයි.

මෙය යුදෙව් සම්ප්‍රදායේ සැමවිටම පැහැදිලිව තිබුණි. ජේම්ස් එච්. චාල්ස්වර්ත් විසින් ලියන ලද “Life of Adam and Eve” නමැති ග්‍රන්ථයේ (ක්‍රි. පූ. 100 සහ ක්‍රි. ව. 200 අතර ලියන ලද) මෙසේ පැවසීය. “7 වැනි දවස උත්ථාන වීමේ සලකුණක ව අතර පැමිණෙන යුගයේදී විවේකයයි.” වෙනත් පැරණි යුදෙව් මතයක් වූයේ, “පැමිණීමට ඇති යුගය සදාකාලයටම සබත් විවේකය ලබන දවසකි.” තවත් මතයකට අනුව මෙසේ පවසා ඇත. “ශුද්ධාත්මයාණන් දවස ඉදිරියෙහි උන්වහන්සේට ආශිර්වාද වේවා.” “ලෝකයේ අධිපතියාණනි, අපි පනත් රක්ෂා කළහොත්, අපට ලැබෙන දීමනා කුමක්ද?” උන්වහන්සේ ඔවුන්ට මෙසේ පැවසූසේක. “පැමිණෙන්නට ඇති ලෝකයයි.” ඔවුහු උන්වහන්සේට මෙසේ කීහ. “එය කුමක් වැනිදැයි අපට පෙන්නුව මැනව.”  උන්වහන්සේ ඔවුන්ට සබත් පෙන්වා දුන්සේක.

සබත ඇත්තේ සැමරීම සඳහාත් සහ ප්‍රීතිය සහ ස්තූති දීමනාව සඳහාය. අපි සබත් රක්ෂා කරනවිටදී, අපි දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරන බව පෙන්වමු. එමෙන්ම අපි උන්වහන්සේගේ මහිමය නමැති ත්‍යාගය පිළිගන්නා බව පෙන්වමු. සබත යනු ජීවමාන සහ ජව සම්පන්න ඇදහිල්ලයි.

ක්‍රියාකාරිත්වය සලකා බලන විටදී, සබත රක්ෂා කිරීම යනු අපට ගැළවීම ලැබෙන්නේ යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් බව අපගේ එත්තු ගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කිරීමකි. ව්‍යවස්ථාවේ කාර්යය හැරුණු කොට, අපගේ ඇදහිල්ල මගින් ගැළවීම පිළිබඳ අවබෝධය පෙන්වන ආකාරයට සබත් රක්ෂා කිරීමට අපට ඉගෙන ගත හැක්කේ කෙසේද? සබත් දවස විවේක ගැනීම අනුග්‍රහය මගින් ගැළවීම ප්‍රකාශ කිරීමක් වන්නේ කෙසේද?

වැඩිදුර අධ්‍යයනය සඳහා :

 පාවුල් හෙබ්‍රෙව් ලියවිල්ලේ සබත් නිවාඩුව, ඉරිදා නොව, දෙවියන්වහන්සේ අනුග්‍රහයෙන් අපට පුද කරන ගැළවීම සංකේතයක් ලෙස භාවිතා කළ බව සැලකිය යුතුය. සබත් නිවාඩුව මේ ආකාරයෙන් භාවිතා කිරීම මගින් අඟවනු ලබන්නේ සබත රක්ෂා කරමින් පිළිපදිනු ලැබුවේ විශ්වාසවන්තයින් විසින් බවය. ක්‍රි. ව. දෙවෙනි සියවසයේ සිට, කෙසේවෙතත්, සභාව තුළ තීරණාත්මක වෙනස් වීමක සාක්ෂි අපි දකිමු. එනම් සබත් නිවාඩුව ගැළවීමේ සංකේතයක් බවට පත්වීමත්, වළකා ගත යුතු විය. සබත් රක්ෂා කිරීම යුදෙව්කරණය හා සමාන විය. උදාහරණයක් ලෙස, අන්තියෝකියේහි ඉග්නේෂියස් මෙසේ අදහස් ප්‍රකාශ කළේය. “පැරණි ක්‍රමයට ජීවත්වූ අය නව බලාපොරොත්තුව සොයාගෙන ඇත. ඔවුහු තවදුරටත් සබත් දවස රක්ෂා නොකළහ. එහෙත් ස්වාමීන්වහන්සේගේ දවස රක්ෂා කළහ. එනම් ක්‍රිස්තුස්වහන්සේ සමග අපගේ ජීවිතය උත්ථානවූ දවසයි. ඒ හා සමානවම, ‘මාෂියන්’ නමැත්තා ඔහුගේ අනුගාමිකයින්ට අණ කළේ සබත් දවසේදී යුදෙව්වරුන් සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමේ සලකුණක් ලෙස නිරාහාරව සිටින ලෙසයි. එමෙන්ම ‘වික්ටරිනස්’ නමැත්තා “යුදෙව්වරුන්ගේ සබත් දවස රක්ෂා කරන බවට” පෙනී සිටීමට අකමැති වූවේය. කිතුනු සභාව තුළ අනුග්‍රහය හේතුකොටගෙන ගැළවීමේ සංකේතය ලෙස සබත් පිළි නොපැදීම නිසා එහි අභාවයට මග පෑදිනි.

“සබත යනු අපව ශුද්ධවන්ත කිරීමේ ක්‍රිස්තුස්වහන්සේගේ බලයේ සංඥාවයි. එය ක්‍රිස්තුස්වහන්සේ ශුද්ධවන්තයින් බවට පත්කරන ඕනෑම අයෙකුට දෙනු ලැබේ. උන්වහන්සේගේ විශුද්ධ කිරීමේ බලයේ සංඥාවක් ලෙස සබත සියළුදෙනාටම ලබා දේ. ඔවුහු ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඉශ්‍රායල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ කොටස් කරුවන් වන්නෝය.

“සබත මගින් ඔවුන්ට, උන්වහන්සේගේ මුදාගැනීමේ මහත්වූ බලයේ සාක්ෂියක් ලෙස මැවීමේ ක්‍රියාවලිය පෙන්වා දෙනු ලැබේ. එමගින් ඒදන්හිදී අහිමිවූ සාමය මතක් කරදෙන අතර, ගැළවුම්කාරයාණන් තුළින් ප්‍රතිස්ථාපනය කළාවූ සාමය ගැනද පවසයි. එමෙන්ම ස්වභාව ධර්මයේ සෑම දෙයක්ම මගින් උන්වහන්සේගේ ආරාධනාව නැවත නැවතත් කරයි. “වෙහෙසවන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා. මම නුඹලාට සහනය දෙමි.” (මතෙව් 11:28). —Ellen G. White, The Desire of Ages, pp. 288, 289

සාකච්ජා කිරීම සඳහා ප්‍රශ්න:

  1. සබත් රක්ෂා කිරීම සහ ඇදහිල්ලෙන් යුක්තිසහගත කිරීම අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?
  2. සත්‍ය සබත් පැවැත්වීම සහ නීතගරුක ලෙස සබත් පැවැත්වීම අතර ඇති වෙනස කුමක්ද? අපට මෙම වෙනස දැනගැනීම පමණක් නොව, අපගේම සබත් පැවැත්වීම තුළ ඇති වෙනස දැනගන්නේ කෙසේද